Jump to content

සද්ධර්මාලඞකාරය/සද්ධර්මාලඞකාරය - viii

From Wikisource

45. කුඩ්ඩරජ්ජවස්තුව

තවද මෙහි සතර වන කුඩ්ඩරජ්ජවස්තුව* නම් කවරැ යත්? එහි පිළිවෙළකථාව මෙසේ දතයුතු.

මෙම ලඞකාවීපයෙහි රුහුණූමාගමැ නොයෙක් සියගණන් මහණගණයා වසන “මහවැව්” නම් විහාරයෙක් විය. එකලැ ඒ විහාරයෙහි අවුරුද්දක් අවුරුද්දක් පාසා ආය්ය්”් වංශධර්ම්දේශනාව පවත්නේ ය. දුරැ සිටත් බොහෝදෙන‍ බණ අසන්ට එන්නාහු ම ය. මහත් වූ ජනසමාගමය වන්නේ ය. “කුඩ්ඩරජ්ජ”1 දනව්වෙහි වසන එක් මහතෙරකෙනකුන් වහන්සේප මම ද ආය්යනවංශධර්මඩය අසමි යි ඒ විහාරයට ‍ෙගාස් මහත් වූ ජනසමාගමය හෙයින් තමන් වහන්සේ හිඳිනට2 නිසි අවකාශයක් නො ලැබ බණපිරිස්කෙළවරැ මළුවෙන් පිටතැ තණ පඳුරෙන් ගහන වූ එක් තැනෙකැ යම්තම් අවසරයක් ලැබ එතන්හි සිට තුන්යම් රාත්රිවයෙහි බණ අසමින්3 මහත් වූ සන්තෝෂයෙන් ලොමුදැහැගත් ශරීරඇති ව ප්රීූතීන් පිනපිනා බණ අසනසේක. එකලැ ඒ තණ කැළයෙහි වසන පොළගෙක්4 තමා ඔත් තැනින් නික්ම අවුත් තෙරුන්වහන්සේගේ කකුල් අතරට වැද සතරදළ ඔබා පිඩිපිට දෂ්ට කෙළේ ය. තෙරුන්වහන්සේ ඒ බව දැන ඉදින් මම මෙතනින් පහ ව ගියෙමි නම් බණ ඇසීමට අන්තරාය වන්නේ ය යි සිතා සෙමෙන් අතපාතැ බහා පොළගා ඉස තර කොට අල්වාගෙන වහන්පසුම්බියෙහි බහා මෝවිට බැඳ එක් පසෙකැ ලබා බළණ ඇසූ සේක.

එ ම සඬර්ම්ශ්ර වණානුභාවයෙන් උන්වහන්සේගේ ශරීරයෙහි විෂය ව්යාඑප්ත නො වී ය. ඉක්බිති අරුණු නැගිකලැ බණ


බොධිරාජ වර්ගයය 461

පිරිස ගිය කල්හි තෙරුන් වහන්සේ සර්පණයකු ඇල්වීමි යි කියා වහන්පසුම්බියෙහි1 ලා තුබූ පොළඟා දැක්වූසේක. මේ සර්පායා කවරවේලෙකැ ඇල්වූ2 සේක් දැයි භික්ෂුාන් වහන්සේ විචාළ කල්හි බණ කියන්ට පටන් ගත් නොබෝකලකින් ම ඇවිත් ශරීරය දෂ්ට කළ හෙයින් ඇල්විමි යි කීසේක. එකල්හි භික්ෂුදන් වහන්සේ ස්වාමීනි, මෙබඳු ඝොර වූ ශ්රීිඝ්රොවිෂ ඇති සර්පකයකු දෂට කළදිත්3 විෂවෙගයෙන් වික්ෂි ප්ත නො වී බණ ඇසූබව ඉතා අද්භුත ය, ආශ්චර් ය යි වදාළ සේක. ඉක්බිති තෙරුන් වහන්සේ එම්බා ඇවැත්නි, මාගේ ශරීරයෙහි විෂය ශෙෂ ය. 4 ඒ විෂශේෂය සත්යසක්රි්යානුභාවයෙන් නැති කෙරෙමි යි කියා සත්යවක්රිෙයා කරනසේක්:-

“ධම්මං මයා ලොකහතස්ස තස්ස සුභාසිතං සුසසුතමජ්ජ යස්මා, සච්චේන මෙ තෙන විසං විනාසං පසාතු අපො විය පොක්ඛරස්මා.

පදක්ඛරං තස්ස න නාසයන්තො අත්ථංර ච ධම්මං මනසීකරොනෙතා, යස්මා සුතං තෙන විසං විනාසං පසාතු තොයං විය පොක්ඛරස්මා.

ගුණානුභාවා පණිධාන්තො චිතා ජිනස්ස තෙනෙව සුදෙසිතේන, ධම්මානුභාවෙනපි සංඝතෙජා විසං විනාසං සමුපෙතු ඛිප්පං”

යනාදීන් ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ තුන්ලෙව්හි පතළ නව අරහාදි ගුණධර්ම යන් මෙනෙහි කොට ඒ බුදුරජාණන් වහන්දේ විසින් මුළුලොවට වැඩ පිණිස අෂ්ටාඞගසමුපෙතමධුරස්වර විහිදුවා නානානසතිපුණධර්ම ත්ව්දේශනා ප්රරතිවෙධගම්භිරවශයෙන් මොනවට වදාරන ලද සපස්යා ප්තික ලෝකෝත්තරසද්ධර්මපය අද මා විසින් ඉඳුරා අසන ලද්දේ වි නම් ඒ සත්යතය7 හේතු කොට ගෙන පොකුරුපතැ නො හැලී8 පහ ව යන පැනිත්තක් මෙන් මාගේ ශරීරගතවිෂය වහා විනාශයට යේව යි කියා ද, ඒ අසන්නා වූ ධර්මායෙහි එක පදයක් එක අකුරක් පමණකුත් නො පිරිහෙළා පදහත අර්ථය ද ධර්මේස්වභාවය ද මෙනෙහි කරමින් ඉඳුරා බණ ඇසිම් නම් ඒ සත්ය්ය5 හේතු

462 සද්ධර්මාඇලඞ්කාරය කොට ගෙන අලපතැ නෙළුම්පතැ නො හැලී පහ ව යන ජලකර්ණසකාවක් මෙන් ශරීරයෙහි විෂ වහා විනාශයට යේව යි. කියා ද, මේ මහාභද්රමකල්පයට සාරාසඞ්ඛ්යිකල්පලක්ෂයයෙකින් යටැ සාරමණ්ඩ නම් කපැ සතර වැනි ව1 බුදු වූ දීපඞ්කර නම් බුදුරජාණන් වහන්සේගේ ශ්රීිපාදමුලයෙහිදී බුදු වෙමි යි කරන ලද ප්රා්ර්ත්ථණනාවෙහි පටන් පාරමිතා පිරීමෙන් රැස් කරන ලද කුශලයෙන් බුදු වූ බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් ද, එ ම බුදුන් විසින් දෙසන ලද්දා වූ ධර්මාජනුභාවයෙන් ද, එ ම ධර්මබය වූ පරිද්දෙන් පිළිපදිනා සඞ්ඝයාවහන්සේගේ අනුභාවයෙන්ද යන මේ ත්රිුරත්නානුභාවයෙන් ශරීරයෙහි ශෙෂ ව සිටි සියලු විෂය වහා විනාශයට යේව යි කියා මෙසේ සත්යනක්රිශයා කළසේක. මෙ පරිද්දෙන් උන්වහන්සේ විසින් කරන ලද සත්ය ක්රිකයාවසානයෙහි අලපතැ නෙළුම්පතැ නො හැලී පලා යන ජලබින්දුයවක් මෙන් පොළොං විෂය පෙරැළී පොළොවට වන. මෙසේ විෂය පෙරැළී පොළොවට වන. මෙසේ විෂය බට කල්හි සන්තුෂ්ට වූ තෙරුන් වහන්සේ ධර්මොනුභාවවිශෙෂය දක්වා භික්ෂූ න් වහන්සේ මදධ්යරයෙහි ස්තුති කරනසේක්:-


“ධමමො පන්යෙධයා සුගතප්පසත්ථොද තරීව2 සංසාරමණ්ණවස්ස, බ්රවහමාසුරාදීහි නමසසනියො රසො රසානං පරමො තිලොකෙ.

මහ ‘ගදො මච්ටුජරාපහාණො3 සබ්බීතිනාසාය විසෙසමන්තො සබ්බත්ථනදානෙන ව කප්පරු‍ක්ඛො වින්නාමණී භදදඝටො ‘ව ධම්මො

ධම්මං විනා නත්ථි පිනා ච මාතා තමෙව තාණං සරණං පතිට්ඨා තස්මා හි හො කිච්චමඤ්ඤං පහාය 4

යනාදීන මේ ධර්මචය නම් බුදුන් විසින් පසස්නා ලද්දේය. සංසාර නැමැති සාගරයෙන් එතෙර වීමට මහනැවක් වැන්න. දිව්යද බ්ර හ්ම නාග සුපණි යක්ෂ් රාක්ෂෙස සිඞවිද්යා ධරාදීන් විසින් නමස්කාර කටයුත්තේ ය. ස්වර්ගනමර්ත්ය පාතාල යන තුන් ලෙව්හි විද්යානමාන සියලු රසයන්ට වඩා උතුම් රසයෙක. ජරාමරණ නැමැති රොග පහ කිරීමට දිව්යඞ ඖෂධයක් වැන්නත

1. -වෙනි ව 2. තරොව - (රස.) තරාව 3. ජරාපහාරි 4. - මඤ්ඤප්පහාය.




බොධිරාජ වර්ග-ය 463

සියලු උපද්රගව නැමැති විෂ විනාශයට දිව්යවමන්ත්රරයක් වැන්න. කැමැති කැමැති වස්තු ප්ර්දානය කරන හෙයින් කප්රුකක් හා සමාන ය.සිතූ දේ සිද්ධ කරන හෙයින් සිතුමිණි රුවනක් හා සමාන ය, යහපතට කාරණ 1 හෙයින් භද්රෙඝටයක් හා සමානය, මේ ධර්මහයට වඩනා මවුපියකෙනෙක් නැත්තාහු ය. මේ ධර්මයය ම රක්ෂා්ස්ථාන නමුදු වෙයි.‍ පිළිසරණ නමුදු වෙයි. ප්ර්තිෂ්ඨාධාර නමුදු වෙයි. එසේ හෙයින් පින්වත්නි, සෙසු කාරිය තබා නිරන්තරයෙන් ධර්මදය අසව්. සිතිනුත් මේ ධර්මනයෙහි ම හැසිරෙව් යනාදීත් මෙසේ උන්වහන්සේ ධර්මරයට ම ස්තුති කිරීමෙන් භික්ෂූ න් වහන්සේලාට අවවාද කොට තමන් වහන්සේ වස විහාරයට ම ගොස් බොහෝකාලයක් එහිම වැස ආයුකෙළවරැ දෙව්ලොවැ උපන්සේක. මෙසේ ඒ මහතෙරුන් වහන්සේ විෂඝොරසර්පවයා දෂ්ට කළද එවැනි විෂවෙදනාව ඉවසා සතුටු සොම්නසින් බණ අසා ඒ ධර්මාදනුභාවයෙන් එබඳු තද විෂය පවා බස්වා නිදුක් නිරොගී වූ සේක් ම ය. එබැවින් සත්ත්වුයෙනි, තෙපි හැම ද සෙසු දෑ නැතැත් බණ පමණක් අසව්. ඒ ඇසුවා වූ ධර්ම ය තොපට මතු එකාන්තයෙන් දිව්යතමනුෂ්ය සම්පත් හා නිර්වා්ණ සම්පත්තිය සාධා2 දෙන්නේ ම ය.

දක්වන ලදුයේ මැයි :-

“එවං හො සො පමුදිතමනො භික්ඛු සුත්වායන ධම්මං ප‍ාපෙසාඝං විසමතිභසා තස්ස ධම්මානුභාව, සුත්වාං ධම්මං භජථ සතතං3 කිච්චමඤ්ඤං පහාය 4 තං වො ස‍ගෙග දදති විහවං මොකඛමගගඤ්ච කාමං” යී.

මේ මෙහි සතර වන කුඩ්ඩරජ්ජවස්තුව යි. __________

46. මිගපොතකවස්තුව

තවද මෙහි පස් වන මිගපොතකවස්තුව නම් කවරැ යත්? එහි ප‍ිළිවෙළ කථාව මෙසේ දතයුතු.

මෙ ම ලඞ්කාද්වීපයෙහි පරමරමණීය වූ “උදළුකුළු” නම් විහාරයෙක් විය.ඒ විහාරයට නුදුරු වූ සමීපවනයෙහි ඌරන් මුවන් ආදි වූ බොහෝ සත්හු6 වාසය කෙරෙතී. එකලැ එක් ගමෙකැ වසන්නා වූ වැදිපුත්රබයෙක් එතන්හි වසන බොහෝ

   1. යහපතම කරන 2. සාද්රැ  3. භාවනා (හැම)  4. කිච්චමඤඤපපහාය                  5. උදල්කුළු - (උද්දලොලක - රස සහ සහ.)  6. සත්තු 



464 සද්ධාර්මාුලඞ්කාරය

ඌරන් මුවන් දැක දවසෙකැ එක්පසෙක්හි කොටුපතක් කොට වනලැහැබැ කෙළවැරැ පත් එළා දුනු හී ගෙන මුවන් එනු බලා ‍කොටුපතෙහි2 සිටගත, එකල්හි එක මුවෙක් ඒ ඒ තන්හි ගොවරග්ර හණය කොට පැන් බොනු පිණිස පැන්තොටට යනුයේ සවස්වේලෙහි බණ අසනු පිණිස අඬ ගෑ ශබ්දය අසා කර දික් කොට උඩුකුරු කරන ලද කන්තල ඇති ව එසවූ දකුණු පය බිමැ නො තබා ධර්මටකථිකයන් වහන්සේ කණ්ඨස්වරයෙහි නිමිත්තග්රූහණය කොට නිශ්චල ව සිටියේ ය. එකෙණෙහි වැදිපුත්රහයා ඔහු එක ශරප්ර හාරයෙන් ම විද ජිවිතක්ෂඑයට පමුණුවාපීය. ඉක්බිති එඒමුවා කාලක්රිමයා කොට එ ම වෙහෙරැ වසන “අභය” නම් මහතෙරුන් වහන්සේගේ නැගණියන් කුසැ පිළිසඳ ගෙන දසළුකඩමස් ඇවෑවෙන් මව් කුසින් බිහි ව ක්රැමයෙන් වැඩෙනුයේ සත්ඇවිරිදි වයසට පැමිණියේ ය.

එක්ල්හි ඔහුගේ මව්පිය දෙදෙන ඔහු මයිල් මහතෙරුන් වහන්සේ සමීපයට කැඳවා ගෙන ගියහ. මහතෙරුන් වහන්සේ ඔහු නොබෝදවසෙකින් කර්මටස්ථාන දී මහණ කළසේක. ඒ සාමණෙරයන් වහන්සේ පළමු වුව ව උපන් සමයෙහි තමන් වහන්සේගේ ධර්ම ශ්රමවණානුභාවයෙන් කරගෙහිදී ම රහත්බවට පැමිණිසේක. උන්වහන්සේගේ මයිල්මහතෙරුන් වහන්සේ වනාහි ලබන ලද පඤ්චාභිඥා3 පමණක් ඇතිසේක ඉක්බිති එක් දවසෙකැ සාමණෙරයන්වහන්සේ සවස්වේලෙහි උපද්ධ්යාියයන්වහන්සේ සමීපයට එළැඹිසේක. එකල්හි ඒ උපාඞ්යා යයන් වහන්සේ4 අත දික් කොට අත්ලෙන් සඳමඬල පිරිමදිමින් සිටිසේක. ඒ දැක සාමණෙරයන් වහන්සේ ස්වමීනි, තෙල ඍඬීමහිමය රැක තබා වදාළ5 යහපතැයි දැක්වූසේක. තෙරුන් වහන්සේ වනාහි ඒ සාමණෙරයන් වහන්සේ අග්රා වූ අභීත් ඵලයෙහි පිහිටි බව නො දැන උන්වහන්සේගේ ඒ වචනය ඉඳුරා මෙනෙහි නො කළසේක.

ඒ බව දැන සාමණෙරයන් ‍වහන්සේ ඍඩිබලයෙන් දහසක් සඳමඩුලු ගෙනහැර මහතෙරුන් වහන්සේට දක්වා, ස්වාමීනි, සඳමඩුලු සියයක් හෝ දහසක් හෝ ලක්ෂනයක් හෝ ගෙනහැර දැක්වීමට බැරි දෙයෙක් නො වෙයි. ‍යම් මහණ කෙනෙක් එක ම තෘෂ්ණාව දුරු කොට හළුවාහු වී නම් එ ම උත්තම ය. එම ඉතා නොපිළිවන් දෙයෙකැයි වදාරා උපාඞ්යාවයයන් වහන්සේට අනුශාසනා කරනසේක්:-

      1 කොටුවක්    2. කොටුපතෙක   3.  පඤචාසිඥා අෂ්ටසමාපත්ති  4.වහන්සේගේ   5. රැකවදාළ 






බොධිරාජ වර්ගසය 465

“යො ගතත්වාේ පුරිසො දිස්වා , තිරට්ඨො ‘ ව මහම්බුධිං, සමුද්දො ‘යං මයා දිට්ඨො, භාසතෙව අපඤ්ඤතා.

එවමෙවිධ යො භික්ඛු, කිලෙයෙ කෙචි අත්තනි, වික්ඛමහෙත්වාින ‘භිඤ්ඤාණබලං ලද්ධාන අද්ධුවං.

අපපහනත්වාේ කිලෙසානං, ලද්ධන්ථෝස්මිනි 1 මඤ්ඤති, තණ්හාධාසව්යතථො සො හි2 අමුන්නොයෙව වනනති.

අලක්ඛිං අසිවං හීමං, අනපායිං අනන්ථනදං, යො තණ්හං පජහෙ භක්ඛු, සො මුන්තො මාරබන්ධවනා.”

යනාදීන් යම්කිසි පුරුෂයෙක් මුහුද දක්නා පිණිස ගොස් වෙරළ අසැ සිට මහසමුද්රයය දැක උදකාභ්යදන්තරයෙහි විද්යා මාන වූ සෙසු දසවිධරත්නයක් හා කොරළ මහරළ දැතිමුවර3 තිමිතිවිඩ්ගලාදි වූ මස්කැසුප් ආදි වූ කිසි විශෙෂයක් දක්නට නිසි තම‍ාගේ දිව්යයඥාන‍යක් නැතත් දුටුවිවරක් ම සිතින් ගෙන මහාසමුද්රිය මම දිටිමි යි යම් සේ කියා ද, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි යම්කිසි භික්ෂුද කෙනෙක් ස්ථිර ව නොපවත්නා වූ අභිඥාබලයෙන් කිසි කෙලශකෙනකුත් සංහිදුවාගෙන සර්වෙප්රසකාරයෙන් කලෙශක්ෂායට නො පැමිණ මම අර්හත්ඵලසඞ්ඛ්යාවත වූ අභිවෘඬියට පැමිණියෙමි යි සිතන්නාහු වී නම් ඔහු තෘෂ්ණාදා සත්වයයෙන් නො මිදී ම වාසය කරන්නාහු ම ය. යම් කිසි භික්ෂුා කෙනෙක් ඉතා නිඃශ්රිෙක වූ 4 ශාන්තබවක් නැත්තාවූ භය එළ වන්නා වූ දුරු කළ නොහැකි අනත්ථාඃදායක වූ එබඳු තෘෂ්ණාව දුරු කොට හැරැපුවාහු වී නම් ඒ මහණ මාරපාසයෙනුත් මිදුණේ ම ය යි වදාළසේක.

මෙසේ සාමණෙරයන් වහන්සේ වදාළ අනුශාසනාධර්මණය අසා මහතෙරුන්වහන්සේ විදර්ශ නා වඩා එදවස් ම රහත්බවට පැමිනිසේක. ඉක්බිති දෙවන දවස් මහතෙරුන්වහන්සේගේ නං 5 උපාසිකාවෝ සාමණෙරයන් වහන්සේ හා සමඟ මහතෙරුන් වහන්සේට ආරාධනා කළහ. එවේලෙහි මහතෙරුන් වහන්සේ එම්බා උපාසිකාවෙනි, අද බොහෝ භික්ෂූින් වහන්සේ දැක ‍තොප විසින් සිත සිත පහදවා‍ගත යුත්තේ ය. තොප විසින් දෙන දානකොට්ඨාසය දෙනමකට ම වේව යි වදාරා උපාසිකාවත් නික්මවා පෙරවරුවේලෙහි අඳනාසිවුරු සකස් කොට හැඳ ගැට ගන්වා 6 පාත්රරය අතින් ගෙන තිස්දහසක් පමණ භක්ෂූුන් හ සමඟ ගමට ‍වන්සේක. උපාසිකාවෝ භික්ෂූ්න් වහන්සේ දැක දෙමයිලන් වහන්සේට ඉඳිනා අසුන් දෙක පැනැවූහ. ඒ අසන

1. ලද්ධසෙසාස්මිනි 2. හොති 3. දැතිමෝර 4. නිශ්ශ්රි.ත වු 5. නෑ 6. ගැට්වටු ගන්වා.



466 සද්ධර්මාවලඞකාරය

දෙක දෙදෙනා වහන්සේ‍ෙග් ආනුභාවයෙන් තිස්දහසක් පමණ විය. එම දෙදෙනාවහන්සේගේ අනුභාවයෙන් ගෙට වන් හැමදෙනාවහන්සේ තමන්තමන් වහන්සේට පැමිණි ආසන වලැ වැඩහුන්සේක.

එක්ල්හි උන් විසින් දෙන ලද්දා වූ ආහාරකොට්ඨාස දෙක හා සූපව්යිඤ්ජනාදි වූ සියල්ල ම තිස්දහසක් පමණ භික්ෂූහන් වහන්සේට ප්ර යෝජන ඇති විවර සෑහිණ. ආහාර වළඳා ඉක්බිති උපාසිකාවෝ දුන් දනෙහි අනුසස් අසනු කැමැති ව සාමණෙරයන් වහන්සේගේ පාත්රවය ගෙන සිටියහ. සාමණෙරයන් වහන්සේ මිහිරිකටහඬ විහිදුවා1 බණ වදාළසේක. ඒ ධර්මවදෙශනාවසානයෙහි මව්පියදෙදෙනා ආදි කොට ඇති පන්සියයක් පමණ ස්ත්රීනපුරුෂයෝ සෝවාන්පෙලෙහි2 පිහිටියහ. ඒ ධර්මාදෙශනාව බොහෝදෙනාට අභිවෘ‍ඩිදායක3 විය.

මෙසේ වලැ ඉපද4 වෙනෙහි වසන්නා වූ කිසි ‍විශෙෂයක් නොදන්නා වූ මෘගජාතීහු පවා බණ කියන්නා වූ ශබ්දමාත්ර යක් අසා එපමණ කුසලයෙන් මිනිස්ලොවැ මහත් වූ ශ්රීාසම්පත්තිය විඳ නිර්වාසණසම්පත්තියත් ලද්දාහු ම ය. එබැවින් පින්වත් සත්ත්වීයෙනි. බුඞාදිරත්නත්රායෙහි ගුණවිශෙෂය නුවණින් සලකා සැදැහැයෙන් දැන ඉඳුරා බණ අසන සත්ත්වතයෝ බුදුන් විසින් වර්ණතනා කරන ලද දෙව්ලොවැ සත්රුවනින් විසිතුරු වූ දිව්යුවිමානවලැ වෙසෙමින් දිවසැපත් විඳිති යි යනු කවර ‍විස්මයෙකැයි කියම් ද5 එකාන්තයෙන් ම දෙව්ලොවැ දිව්යැසම්පත් ලබන්නාහු ම ය. එබැවින් කුසීත නො ව බණ අසා කුසල් කර සගමොක්සැපත් සාධන්ට 6 උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි :-

“දෙසෙනෙතවා විපිනජමිගා සදදමනෙත නිමිත්තං ලද්ධා ධම්මං මනුජවිහවං වාපවග්ගං ලහනති, සද්ධං බුදෙධ විහිතමතිමා සාධු සුත්වාතන ධම්මං කිං නො7 සගෙග රමති මුනිනා වණණතීයෙ වීම‍ානෙ” යී


මේ මෙහි පස් වන මිගපොතකවස්තුව යි. _______ මෙ තෙකින් මේ සද්ධර්මා ලඞ්කාරයෙහි බොධිරාජවර්ගෙ නම් වූ දොළොස්වන පරිච්ඡෙදය නිමි. ____________

   1. මිහිරි කටහඬින්  2. - ඵලයෙහි.  3. සාර්ථක  4. ඉපදී   5. කියමු ද. 6. සාදන්ව 7.කං හො .


ආරඤඤක වර්ග_ය 467

13. පරිච්ඡෙදය 13. ආරඤඤකවර්ගඬය 47. ආරඤඤක අභයස්ථවිරවසතුව

තවද මේ සඬර්මා ලාඞ්කාරයෙහි තෙළෙස් වන ආරඤඤකවර්ගහය නම් කවරැ යත්? එහි පළමු වන ආරඤඤක අභයස්ථවිරවස්තුව මෙසේ දතයුතු. කෙසේ ද යත් ?

යටැ ගියදවසැ මෙම ලඞ්කාද්වීපයෙහි මහාතලා 1 නම් විහාරයෙක් විය. එහි වසන ත්රිමපිටකධාරී වූ අභය නම් තෙරකෙනකුන් වහන්සේ ග්රාවමනතසෙනාසනය හැර නම් එ ම විහාර සමීප වනලැහැබෙකැ කරන ලද පන්සලෙකැ වසනසේක.එසේ හෙයින් මෑතභාගයෙහි උන්වහන්සේ ආරඤඤක අභය ස්ථවිරයන් වහන්සේ ය යි ප්ර්සිඞ්වූසේක. එකලැ එක් උපාසකයෙක් උන්වහන්සේ කරා. එළැඹ පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව. හිඳ බණ අසා පහන්සිත් ඇතිව ආරාධනා කොට එතැන් පටන් දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි සිවුපසදානයෙන් උපස්ථාන කරන්නේය මෙසේ උපස්ථාන කරනුයේ තෙරුන් වහන්සේට සිවුරු පිණිස වස් විසීම් ආදි වූ ඒ ඒ කාලයෙහි පිළී දත් දෙයි. එ පවත් දැන එ ම උපාසකයා වසන ගෙය සමීපයෙහි අනික් ගෙයෙකැ හිඳිනා හරනතික 2 නම් වූ එක් සොරෙක් රාත්රිසභාගයෙහි ගොසින් දුන්දුන් පිළී රැගෙන පලා යන්නේ ය.3 තෙරුන් වහන්සේ ඉරීගියා වූ දුර්විල සිවුරු ම වැළැඳගෙන ඉන්නා සේක. ඉක්බිති එක් අවසෙකැ4 සිවුරු පිළී දෙන උපාසකයා විහාරයට ගොසින් තෙරුන් වහන්සේගේ සිවුරු දුර්වෙල ව තිබෙන්නා දැක නැවැතත් සිවුරු පිණිස පළී දෙන ලද. ඉන් සිවුරක් කොට අඳනා පොරෝන දෙයකුත් සුදුටිමි. සම5 කොට බැඳ වෙළා6 තබන දෙයක් වත් අන් තෙනකට දෙන දෙයක් වත් නුදුටිමී. මෙසේ වන්ට කාරණ කවරේ ද? අද ඒ පරීක්ෂාන කළ මැනැවැයි සිතා රාත්රි භාගයෙහි කඩුවක් අතින් ගෙන විහාරයට සමීපයෙහි මගීන් ඉවත් ව යනු 7 එන්නන් පරීක්ෂා කරමින් සැඟවී සිටගත.

එකලැ ඒ සොර තෙරුන් වහන්සේට පිළී දන් දුන් බව දැන පළමු සේ ම ඇරැගනිමි යි සිතා රාත්රිේභාගයෙහි විහාරයට

      1.   මහාතළාක (රස ) - මහාවංලික - (සහ.) 2. අරති - (සහ. )  3. එන්නේ ය 

4. දවසක් 5. එක සේ ම 6. වේළා 7. යන.






468 සද්ධර්මා්ලඞ්කාරය

ගොස් පිළී තුබු තැනින් ඇරැගෙන නැවැතත් සැක නැති ව එ ම මගින් ම එමින් සිටියේ ය. එකලැ උපාසකයා බඩු1 හා සමඟ සොරා දැක දිවගෙන ගොස් ඔහුගේ ඉසැ කේපත ගසා අල්වා ගෙන2 එම්බල කොල, මෙ තෙක් කල් මා තෙරුන් වහන්සේට දුන් පිළී ගෙන ගියෝ3 තෙපි ම දැගි විචාරා, එසේ ය ස්වාමීනි යි කී කල්හි, ඒ උපාසකයා ඔහු අතින් ‍ප‍ිළී ඇරැගෙන මතු මෙසේ වූ සොරකමක් කෙරෙයිද ? නො කෙරෙයි දැයි කිය කියා අතින් පයින් ඔහු තළා දුර්වකල කොට අමුසොහොනකට ඇද ගෙන ගොස් පළමු ගෙන‍ ගොස් දමූ අළුත් මළමිනි‍යක් 4 අධොමුඛ කොට මුහුණින් බිමැ හොවා ඔහු පිටැ සොරා උඩුකුරු කොට වැද හොවා දැත දෙපය ‍පිට ඉස ආදි වූ තැන් මුදාගත නොහැකිපරිද්දෙඋන් වෙන වෙන ම තද කොට බැඳ හොවා තුමු ඉස් සෝධා5 නහා පළමුකොට ගමට අවුත් ගම්මැඳැ සිට එම්බා, මේ ගමැ හැමදෙන මා6 කියන්නක් අසව. අද මේ ආත්රි යෙහි එක් අමනුෂ්ය යෙක් එයි. ඒ යක්ෂටයා සැබැවින් දිටී නම් තොප හැම කා මරයි. මහත් වූ විනාශයට පමුණුවයි. එබැවින් කල් තබා ගෙවලට වැද දොරවල් වසා ගෙන බැණ නො නැහී හිඳුව. ඒ යක්ෂඑයා දැන් දැන් ඇවිත් මම අසවලා ය, අසවල්ලු මගේ නෑයෝ ය, අසවලා මගේ මිත්රනයා ය1 යනාදීන් කිය කියා කථා කරන්නේ වී නමුත් ඔහු හා සමග කථාත් 6 නො කරව. ගොළුවන් බිහිරන් සේ බැණ නො නැගී හිඳුව යි අඬ ගා කියා තමාගේ ගෙට ගියේය.

ඔහුගේ බස් අසා ගම්වැසි මනුෂ්යායෝ භයින් තැතිගෙන ගෙවලැ දොරඅගුළු ලා ගෙන ඒ ඒ තන්හි සැඟවී සිටියහ. එකලැ ඒ සොරා ඒ රාත්රිවභාගයෙහි තමා පිටැ තබා බැඳි මළ මිනිය උනාගත නො හී ඒ මිනිය පිටැ බැඳි වන ම ඇරැගෙන තමා වසන ගෙදොරට ඇවිත් භාර්යයාවට කියනුයේ එම්බල සොඳුර, දොර ඇරැපියව යි කී ය. එසේ දොර නො හරනා හෙයින් 9 නම් සලකුණු කියනුයේ එම්බල, මම හරන්තිකයා ය, මගේ කටහඬිනුත් ‍දැනගත නොහැකි ද? දොර හැර පියව යි කී ය. ‍එසේ කිව ද ඔහුගේ භාර්යයාතොමෝ භයින් තැතිගෙන පිටැ මළමිනියකුත් බැඳගෙන ආ හෙයින් සැබැවින් ම යක්ෂ යෙකැයි සිතා බැන නො නැගී සැඟවී ගියා ය. එකලැ සොර නොයෙක් කාරණා කියාත් ගිවිස්වා දොර අරවාගත නොහී එසේ ම

1. බඩුව 2. ඉසකේ පත අල්වා ගෙන 3. ගියේ - ගි‍යා 4. අළුත මළ මිනිසකු 5. සෝදා 6. ම 7. අසවලුන්ගේ නෑයෝ ය. අසවලාගේ මිත්ර යා ය. 8. කථාවක් . 9. සෙයින්






ආරඤඤක වර්ගීය 469

තමාගේ 1 දෙමව්පි‍යන්ගේ ද සෙසු නෑයන් ‍හා කුසෙහි ඔත්තාවුන්ගේ ද යහළු මිත්රාවදීන්ගේ ද ගෙවලට වෙන වෙන ම ගොස් එක තැනෙකත් දොර අරවා ගත නුහුණුයේ ම ය.

ඔහු ගිය ගිය තන්හි ම මනුෂ්යලයෝ සැබැවින් ම යක්ෂකයෙක් ආයේ ය යි සිතා2 භයින් දොර නොහැරියාහු ම ය. 3 මෙසේ ඒ සොරා ගමැ මුළුල්ලෙහි ඇවිද එකතැනෙකත් පිටිපහලක් නො ලැබ තෙරුන් වහන්සේගේ සමීපයට ම යෙමි යි සිතා විහාරයට ම ගොස් ස්වාමීනි, ගැත්තවුට පිටිපහල් වුව මැනැව. මේ පිටැ බැඳි මළමිනිය උනා හැර මා සුවපත් කළ මැනැවැයි කී ය. තෙරුන් වහන් සේ ඔහු දැක කම්පා ව ළය පිරුණු ශොක ඇති ව වහා හුනස්නෙන් නැගී ඔහු සමීපයට එළැඹ පිටැ බැඳි මළමිනිය උනා ගෙන ගොස් දුරැ දමා ඔහු උණුපැනින් නහවා කුලාවෙන් තෙල් ගෙන සකලශරීර‍යැ තෙල් ගල්වා මුගුරෙන් පහළ තැන් තවමින් උන්කල්හි ඕහට බැට දුන් උපාසකයා උදාසන්හි ම4 සොරා කොයි ගියේ දෝ හෝ යි විචාරවිචාරා සොයා ඇවිදුනේ විහාරයට ගොස් සොරා පිටැ තෙල් ගා තවමින් උන් තෙරුන් වහනසේ දැක ඔබ හා සමඟ කථා කරන්නේ 5 :-


“එ සො මය්හං සහායොති 6 උපකාරං කරොති යො. න නං සො නරනෙ චොරො, නන්ථිප චොරෙ සහයතා.

ඛාදනෙතාපි පිවනෙතාපි, සය‍නෙතාපි ච එකතො, න ජහාත්යනතතනො 7 ධම්මං, නත්ථි චොරෙ සහායතා.

මුඛොනෙකං ලපෙ චොරො, කායෙනෙකං කරොති සො, ලදෙධාකාසො හරනෙතාව, නත්ථි චොරෙ සහායතා.

මාතා පිතා ච බන්ධූහ ච, දිස්වා චොරං සහායකා, දූරතො පරිවජ්ජෙන්ති, කඞ්ඛන්ති සඞ්ගමේ සදා”

යනාදීන් ස්වමිනි, වඤචාසිත් නැති යම් සත්පුරුෂයෙක් තමා ස්වභාව8 හෙයින් මේ මාගේ මිත්ර,යා වේ දැයි සිතා සොර සිත් ඇති අසත්පුරුෂයාට කවර තරම් උපකාරයක් කෙළේ වී නමුත් ඒ උපකාරය මඳකුත් සඳහන් නොකරන්නේ ම ය. එසේ හෙයින් සොරුන් හා විශ්වාස ව ළඟැ නො රැඳවුව 9 වැනැව, වඤචා දන්නා මනුෂ්ය්යෝ 10 එකතෙනැ ඉඳ එක් ව කා බී එක්ව වැදහෙව එක් ව කථා කොට හිඳත් තමන්ගේ චෞරස්වභාවය

1. තමන්ගේ 2. යක්‍ෂයෙකැයි සිතා 3. නොහරිනාහු ම ය 4. උදාසනම 5.කරන්නා වූ උපාසක තෙම 6. සහායෙපි 7. න ජහාතන්තනො 8. ස්වභාවී 9. ළං නොකර වූව 10. දන්නහු.


470 සද්ධර්මා1ලඞ්කාරය

‍නොහරනාහු ම ය. එබැවින් ව‍ඤචා ප්රයයොග සිත්1 ඇති අසත් පුරෂ සොරු 2 අහසට පොළොව සෙයින් දුරින් ම දුරු කටයුත්තාහුය.3 වඤචා දන්නා සොරහු4 සිතින් එකක් සිතති. කටින් එකක් කියති. කයින් අනිකක් කෙරෙති. ඉදින් යනතම් අවසරයක් ලද්දාහු වී නම් තමන්ට උපකාර කළවුන්ගේ බාල අවස්ථාවෙහි පටන් උපයා රැස්ත කළ වස්තු කළවුන්ගේ බාල අවස්ථාවෙහි පටන් උපයා රැස් කළ වස්තු සියල්ල ම ඇරැගෙන පලා යන්නාහු ම ය. එබැවින් සොරුන් කෙරෙහි විශ්වාසයෙක් නැත් ම ය. සෙස්සන් තබා වැදූ මව්පියන් හා බන්ධුජනයෝ ද බාල අවස්ථාවෙහි පටන් එක කෙළිමඬලෙහි කෙළ ඇවිදි මිත්රැ ජනායෝ ද පවා සොර සිත් ඇති අසත්පුරුෂයන් දුරැ එන්නා දුටත් අනර්ත්ථදයෙක් අවැඩෙක් වේ දෝ5 හෝ යි යන භයින් සැකයෙන් දුරින් ම දුරු වන්නාහු ම ය යි මෙසේ සොරුන්ගේ නුගුණ ප්රභකාශ කොට කියා ස්වාමීනි, මෙබඳු අනුන් සන්තක වස්තු සොරා පැහැර ගන්නා වූ මිත්ර ද්රොකහියා ළහැ රඳවාගෙන තවතවා තෙල් ගල්වා6 ඇහැ ඉසැ ගාපියන තෙල්සුගත් නසා කුමක් පිණිස දුක් ගන්නාසේක් ද? ඇසිල්ලෙකුත් මේතැනැ‍ නො රඳවා ලුහුබඳවාපුව මැනැවැයි කී ය. එසේ කී උපාසකයාහට අවවාද වදාරන තෙරුන් වහන්සේ :-

“යො සා යස්ස ඩසෙ පාදං, තස්ස පාදං න සො ඩසෙ, එවමෙව හි දුට්ඨස්ස, අදොසොව පසංසිතො7

අකතඤඤැස්ස පොසස්ස, මෙතනිං යො න කරිස්සති 8 කස්ස මෙතනිං හි සො කියිරා, තමාහු චරියා බුධං.”

යනාදීන් එම්බා උපාසකය, චණ්ඩ පරුෂ නීච ගුණ ඇති යම් කිසි බල්ලෙක්9 සත්පුරුෂ ගුණ ඇති යමක්හුගේ10 පය කඩා කෑයේ වී නම් ඒ මිනිසා නැවැත ඔහුගේ පය කඩා කන්නේ නො වෙයි. එපරිද්දෙන් ම දුෂ්ට ගුණ ඇති අසත් පුරුෂයා කවර තරම් අපරාධයක් නපුරක්, කළත් උන්ට සත්පුරුෂයන් විසින් නපුරක් නො සිතා11 යහපත ම 12 කිරීම බුදු පසේබුදු මහසව් උත්තමයන් විසින් ප්රරශංසා කරන ලද්දේ මැයි. මේ ලොකයෙහි යම්කිසි උත්තමයාණ කෙනෙක් කෙළෙහි උපකාර ‍නොදන්නා අසත්පුරුෂයක් කෙරෙහි මෛත්රීක නො කරන්නාහු වී නම් ඔහු කවුරුන්ට මෛත්රී කෙරෙද්ද? 13 හේ එසේ මැයි.

1. වඤ්චා සිත් 2. සොරුන් 3. කටයුත්තේ ය. 4. දන්නාහු 5. කෙරේදෝ 6. තව අප ලවා නාවා තෙල් ‍ගල්වා 7. අදොසොයෙව සංසිනො 8. යෝධන කස්සති 9. බල්ලෙක් තෙම 10. ඇතියක්හුගේ 11. නො සලකා 12. යහපතක් 13. කරන්නෝ ද ?




ආරඤඤක වර්ගිය 471

අසත්පුරුෂයන්ට මෛත්රී. කිරීම සත්පුරුෂයන්ගේ ස්වභාව ධර්මගයෙක් ම ය.1 කිසියම් කෙනෙක් අසත්පුරුෂයන්ට මෛත්රීම කරන්නාහු වී නම් එය ම උතුම් වූ මෛත්රී්ය යි2 බුද්ධාදි වූ ප්රාඥාසම්පන්න උත්තමයෝ කියන්නාහු ම ය යි වදාරා එම්බා පින් වත් උපාසකය, මෝහට සොරකම් කරන ද්රො‍හියා ය යි නො සිතා මෛත්රීප කරව. මූ තමන් කළ සොරකමෙහි විපාක මතු තබා මෙ ම ජාතියෙහි ම ලද්දේ වේ දැයි වදාරා උපාසකයාණන්ට අවවාද කොට නික්මවූසේක.

එයින් කීපදවසක් ගියකලැ “හරන්තික” නම් වූ ඒ චෟරයාණෝ ශරීරයෙහි බල ඇති ව ගෙන තෙරුන් වහන්සේ කරා එළැඹ ස්වාමීනි, මම මේ ආත්මභාවයෙහි අනික්කෙනෙකුන් සේ ව ගියෙමි. එසේ හෙයින් නැවැත ගිහිගෙයි විසිය හො හෙමි. මෙතෙක් කල් සොරකම් කිරීමෙන් රැස් කළා වූ අකුශලරාශිය ගෙවී යන පරිද්දෙන් තවත් මා කෙරෙහි අනුකම්පා අපදවා 3 මහණ කොට වදාළ මැනැවැයි යාච්ඤා විය. එ තෙපුල් අස කරුණාපර බුද්ධපුත්රා වූ මහතෙරුන් වහන්සේ ඔහු මහණ කොට උපසම්පදා කරවූසේක. එ තැන් පටන් උන්වහන්සේ වත් පිළිවෙතැ යෙදී අප්ර්මාද ව භාවනා කරනසේක් නොබෝ කලෙකින් රහත් ව “හරන්තික මහතෙරුන්වහන්සේ ය” යි ප්ර සිද්ධ වූ සේක. එසේ හෙයින් යම්කිසි කෙනෙක් පළමු වන වයස පඤ්චකාමයෙහි ගිජු ව3 නොයෙක් අකුසල් කිරීමෙන් පාපිෂ් ව ඇවිද්දාහු වී නමුත් පසු ව කාරණාකාරණ දන්නා වයසට පැමිණියාහු 4 යෞවනමද ය, ආරොග්ය මදය, ජිවිතමදය, යන ත්රිාවිධමදයෙන් මත් ව කුසල් කිරීමෙහි ප්රතමාද වීම සසරදුක් විඳීමට කාන්තකාරණය ය යි නුවණින් සලකා ප්රා්ණනිපාත ‍ය, අදත්තාදානය , කාමමිත්යාකාර චාරය, මුසාවාද ය, සුරාපාන ය යනාදි වූ අකුශලධර්‍‍ෙයන් දුරු කොට ගෘහස්ථප්රටව්රතජිතාදි, වූ ඒ ඒ භාවයට දාස වූ කුශලක්රියයාවන් රැස් කළාහු 6 වී නම් එසේ වූ උත්තමසත්ත්වවයෝ7 බුදු පසේබුදු මහරහත් විසින් පසස්නා ලද්දා වූ දිව්ය මනුෂ්යඋසම්පත් විඳ ශාන්ත වූ ප්රුණීත වූ උතුම් වූ ප්ර ණීත වූ උතුම් වූ අමාමහනිවන්පුරයටත් පැමිණෙන්නාහු8 ම ය.

1. ස්වභාවධර්ම්යකි. 2. එම වේ ද උතුම් මෛත්රීෙ නමැ යි. 3. කිරිමෙන් 4.ඇලී 5. පණි 6. කළේ 7. සත්ත්ව් තෙම 8. පැමිණෙන්නේ








472 සද්ධර්මා5ලඞ්කාරය

එසේ හෙයින් කියන ලදී:-

“‍පාපො හුන්ථා පඨමසමයෙ පඤචාකාමානුගි‍දෙධා යො චෙ පච්ඡා පජහති මදං යොනිසොලොකයනෙතා, සොපායං හො තිහවවිභවං කාමමාසාදයිත්වාො නිබ්බානගතං සිවමමතපුරං යාති සන්ථුවප්පසන්ථංු.” යි.

මේ මෙහි පළමු වන ආරඤඤක අභයස්ථවිර වස්තුව යි.


48. සමණගාමවස්තුව තව ද මෙහි දෙවන සමණගාම වස්තුව* නම් කවරැ යත් ? හේ මෙසේ දතයුතු. කෙසේ ද යත් ?

එක්සමයෙක්හි සෑගිරිවෙහෙරැ වසන සඟදොළොස් දෙනකුන් වහන්සේ ලඞ්කාද්වීපයෙහි ඒ ඒ තැනැ පිහිටි දාගබ් මහබෝ පිළිම ආදිය වඳිමින් ක්ර්මයෙන් අවුත් ශ්රනමණග්රා ම 1 ය යි ප්රසසිද්ධ වූ මහණ නම් ගමට පැමිණිසේක. එකල්හි හැමදෙනා2 වහනසේ සවසැ ඉර ගලැහුණු3 හෙයින් අන්තැනකට ‍රාත්රිදයෙහි යා නො ගී මහණගමට පූර්ව3දිග්භාගයෙහි පර්වතතයක් අසැ 4 ඡායාසම්පන්න වූ මයිලගසක් දැක රුක්මුලට එළැඹ පරඬලා පහ කොට පස්විකා බණදහම් පිරිවහා ගෙන සැතැපුණුසේක. ඉන් එක්කෙනකුන් වහනසේ රාත්රි භාගයෙහි නැගී සිට පළමු කාශ්යනප සර්ව ඥයන් වහන්සේ විසින් දෙසන ලදුව පසුව “නන්දග” නම් බ්ර්හ්මණයා විසින් අප මහාසුතසොම බොධිසත්ත්ව්යන් වහන්සේට කියන ලද උතුම් වූ අර්තවයෙන් යුක්ත වූ “සතාරහගාථා” නම් වූ ගාථාසතරක් පිරිවහා දෙවියන්ට පින් දුන්සේක.

කෙසේ ද යත් ?

“සකිදෙව සුතසොම, සබ්හි හොති5 සමාගමො, යා නං8 සඞ්ගති පාලෙනි, නාසබ්හි බහුසඞ්ගමො.

සබ්හිරෙව සමාසෙථ, සබ්හි කුබ්බෙථ සන්ථුවං, සතං සද්ධම්මමඤඤාය, සෙස්යෝ හොති න පාපියො

1. සමණගාමපබ්බත (මහණගම්පවුව) (සහ.) 2. ඇම දෙනා 3. - උණු 4. අසල 5. හොතූ 6. සත .

* සමණගාමපබ්බතවත්ථු. - (සහ.)



ආරඤඤක වර්ගමය 473

ජිරන්ති වෙ රාජරථා සුවිනතා, අථො සරීරම්පි ජරං උපෙති, සතඤච ධම්මො න ජරං උපෙති , සනෙනා භවෙ සබ්ගි ‍පවෙදයන්ති නහං ච1 දුරෙ පඨවි2 ච දුරෙ, පාරං සමුද්දස්ස තදාහු දූරෙ, තතො භවෙ දූරතරං වදන්ති, සතඤච ධම්මං අසතඤච රාජ.”

යන මේ ගාථා සතර ය. මේ ගාථා සතමෙහි අභිප්රාංය විචාළ ‍පොරිසාදරජහට සුතසොමරජ්ජුරුවෝ මෙසේ කීහ.3 සබඳ පොරිසාදරජ්ජුරුවෙනි, යහළුවන්ට මෙලෝපරලෝ දෙකින් ම වැඩට නිසි බස් කියන්නා වූ කල්යානණමිත්රයයන් හා සමඟ එක්තෙනෙකැ හිඳ සිට සාකච්ඡා කිරීම් වශයෙන් එකවාරයෙකත් සමාගමයෙක් වී නම් එ පමණ සමාගමය බොහෝ කාලයක් මුළුල්ලෙහි ඓහලෞකිකපාරලෞකික සියලු අභිවෘධීන් සිඬ කොට රැකලන්ට සමර්ථ වන්නේය. යහපත නපුර කියා වැඩෙහි යොදාලන සේ නොදන්නා අසත්පුරුෂයන් හා සමාන එසේ වූ අසත්පුරුෂයන් හා සමාගමය දෙලොවින් ම නුගුණ නූපදනා ලෙස එක දවසක් රැකලන්ටත්5 අසමර්ථන වන්නේය .

තවද මහරජ, ඉඳිම ය, සිටීම ය, සක්මන් කිරීම ය, සැතැපීමය යන සතර ඉරියව්වෙහි ම නුවණැති වූ සත්පුරුෂයන් හා එක් ව වාසය කරව. කාරණා කිම් ද යත් ? සත්තිස් බොධිපාක්ෂි්කධර්මසයන් පුරන්නා වූ සත්ත්වතයන් හා එක් වූ සත්ත්වවතෙම එ ම ධර්මොය උතුම් සේ දැක බොධිපාක්ෂිනකධර්ම යන් පුරා බුදුපසේබුදුරහත්බව්6 ලබයි. එසේ හෙයින් ඒ ධර්මතය දැන පුරුදු කිරීම හැම ලෙසින් ම සැප එළවයි. අනික් ලාමක භාවයකට නොපමුණුවන්නේ ම ය.

තවද රජ්ජුරුවෙනි, රජදරුවන්ට අග්රනවාහන වූ යහපත් කර්මා න්ත ඇති රථය පවා කල්යාමෙකින් ‍එකාන්තයෙන්ම යම් සේ දිරා ද, එපරිද්දෙන් ම දෙතිස් කුණපකොට්ඨාසයෙකින් ගැවැසිගත්තා වූ මේ ශරීරය ද ‍කලෙකැ ජරාවට සැමිණෙයි. එසේ ජරාවට නොපැමිණෙන්නේ කවරේ ද යත් ? සත්පුරුස

1. නහා 2. පථවි - පඨවිං 3. රජ්ජුරුවන් කී අභිප්රාකය නම් 4. අවුරුද්දක් 5. රැකලන්ට එක දවසෙකත් 6. - බැව්





474 සද්ධර්මානලඞ්කාරය


සමාවායෙන් පැමිණෙන්නා වූ ගුණධර්මිය ජරාප්රා ප්ත1 නොවෙයි. කවර කාරණයෙන් ද යත් ? ඒ සද්ධර්මෙය පුරුදු කළහු 2 ජරාවට පැමිණිය ද ජාතියෙන් ජාතියට එ ම පුරුදු කරන ලද්දා වූ ධර්ම්ය ඔහු ගෙන ගොස් දිව්ය මනුෂ්යම නිර්වා න සඞ්ඛ්යාඑත ‍බොහෝ සම්පත්තිය, රූපයෞවන‍ෙඑශ්චර්ය්ය්ආධිපත්යරය යන මෙ කී විශෙෂභාවයෙහි 3 පිහිටුවාලන හෙයින් සත්පුරුෂධර්මනය ම උතුමැයි දැනගත හැක්කේ ය.4

අහසට පොළොව දුරු වූවා සේ ද සමුද්රුයෙහි මෙතෙරට එතෙර දුරු වූවා සේද ධර්මාවධර්මේ දෙක5 ඉන් ඊට දුරින් දුරැ ‍එක් නොවන්නේ ය යි නුවණැත්තෝ කියති. අසත්පුරුෂ සමාගමයෙන් පිහිටියා වූ අධර්මරසමාදානය ඇත්තාහු ඉදින් සත්පුරුෂසමාගමයක් ලදින් ඔවුන් කී අවවාද පිළිගෙන විසුවාහු වි නම් ප‍ඤචාපකෙලශයෙන් විනිර්මුක්ත ව දශදිගන්තරය6 එකාලොක කොට නහොමණ්ඩලයෙහි පැලැඹෙන්නා වූ චන්ර් ව සූය්ය්ල දෙදෙනා මෙන් තමන්ගේ යශසෙතජසින්7 මුළුලෝ8 බබුළුවා දෙව්මිනිස්සැපත් විඳ මේ ප්රදතිභයසහිත වූ සංසාර සාගරයෙන් එතෙර ව අමා මහනිවන්පුරසිරි අනුභව කළ හැක්ක යනාදීන් සියලු වනදෙවතාවන් ලවා සාධුකාර දෙවමින් පොරිසාදරජහට යුත‍සොම නම් මහාබෝසතාණන් වහන්සේ මේ “සතාරහ” නම් වූ ගාථාසතරෙහි අර්තව වදාළසේක. යනු මෙහි අභිප්රාහය යි. 8

මේ ගාථා සතර අසා අභිප්රා යාර්තවය දැන මයිලගසැ වසඟ දෙවතාවා පහන් සිත් ඇති ව ඒ රාත්රි‍ය පහන් වූ කල්හි භික්ෂු න් වහන්සේ වඩනට පටන්ගත්තා දැක මනුෂ්ය්වෙශයෙන්10 ඇවිත් කියනුයේ ස්වාමීනි, ආහාර සොයා අද ඉවතැ නොවැඩිය මැනැව, මම ඇමදෙනා වහන්සේට අන් දෙමි යි ආරාධනා කෙළේය. භික්ෂූරන් වහන්සේ ද ඔහුගේ ආරාධනාව පිළිගෙන එ ම රුකමුල්හි ම වැඩහුන් 11 සේක. ඒ දිව්ය පුත්රනයා වනාහි අනික් දිව්යහආහාරයක් උපදවාගන්ට නිසි කුශලකර්ම.යක් ඇත්තේ නො වෙයි. නිරන්තරයෙන් ම ඔහට බදාලතා 12 ය යි කියන ලද ලියජාතියෙක් හි කොළ 13 පමණක් උපද‍නේ ය. එසේ හෙයින් ඒ දිව්යලපුත්ර්යා බදාලතා12 කොළ පමණක් අනුභව කොට එහි වෙසෙයි. එකල්හි ඒ භික්ෂූදන් වහන්සේට ද දිව ඔජසින් යුක්ත වූ බදාලතා 12 කොළ පමණක් ම එළැවී ය. ඒ

1. ජරාපත් 2. කළාහු 3. විෂය ස්වභාවයෙන් 4. දැන ගන්වව 5. අහසට පො‍ළව දුරු වූවා සේ ධර්මජධර්මූ දෙත 6. දශදිශාන්තය 7. යශොතෙජසින් 8.මුළු ලොව 9. අභිප්රා වයි 10. දුක දිව්ය පුත්රනයා මනුෂ්ය්වෙශයෙන්.11. -උන් 12.භද්රාරලතා 13. කොළපත් .





ආරඤඤක වර්ගයය 475

භික්ෂූවන් වහන්සේ ද එයින් ම ආහාරකෘත්ය්ය නිමවා මඳක් සැතැපී දිව්යුපුත්රායාහට මහාපුරුෂය, යම්හ යි වදාළසේක. එ තෙපුල් අසා දිව්යසපුත්රුයා ස්වාමීනි, ඇමදෙනා වහන්සේ ම අද මාගෙන් ඉතා රළු වූ බදාලතා1 කොළ පමණක් ම අනුභව කළසේක. මාගේ යහළු වූ එක් දිව්යතපුත්රතයෙක් ඇත. ඒ දිව්ය්පුත්රායා දවසක් ඇර දවසෙකැ දිවසෙනඟ පිරිවරා ‍ෙමතනට අවුත් තමාගේ දිව්ය මහිමය දක්වදක්වා දිව්යැමය අත්නපානාදිය අනුභව කරන්නේය. මෙතෙක් කල් සේ ම එන්නේ වී නම් සෙට දවස් ඒ දිව්යිපුත්රනයාණන් ඵන දවසය: උන් ආකලැ උන්ගේ ඵෙශචර්යයත් දැක ඇමදෙනා වහන්සේ දිවඅහර වළදා වඩනේයහපතැයි ආරාධනා කෙළේ ය. භික්ෂුින් වහන්සේ ද ඵ් දිව්ය පුත්ර්ය‍ාගේ ආරාධනාව ගිවිස එතන්හි ම රැඳුණුසේක.

ඉක්බිති ඒ රාත්රිසය පහන් වූ කල්හි ඔහුගේ යහළු දිව්යය පුත්රතයා තමාගේ දිව්යතසෙනාව හා සමඟ ඔහු සමීපයට අවුත් වන. ඒ දිව්යකපුත්රලයා හා දිව්ය්සෙනාව අනුභව කරන පිණිස දෙවතාවෝ දිව්ය මය2 යාගුභාජන අල්වාගෙන තුන්ගවු පමණ මගදිග අවසර නො හැර පිළිවෙළින් සිටගත්හ. එකල්හි ඒ දිව්යග පුත්රමයා යාගු ආදිය ගෙන්වා ගෙන තෙරුන් වහන්සේ 3 වඩා හිඳුවා දිවඔජසින් යුක්ත වූ කැඳ අවුළු වළඳවා පසුව තෙමේ තමාගේ4 දිවසෙනග හා සමග කැඳ අවුළු අනුභව කෙළේ ය. පසුව වළඳන වේලාවට අතුරෙහි දිව්යගමය උඳු, මුං, තල, ලාලූ, අතිරස, අග්ගලා, ඇඹිටිපු, පුලුප්බදර ආදි වූ කන බොන දැ ඇරැගෙන පළමු පරිද්දෙන් ම තුන්.වූ තන්හි හිවි ගැවැසී සිට ගත. ඵ් සියල්ල ද පළමුපරින්දෙන් ම භික්ෂූ න් වහන්සේ5 වළඳවා තුමු හැමදෙන අනුභව කළහ.

ඊට ඉක්බිති ව වේලා ආසන්න වූ කල්හි දිව්යඅමය අනෙක ප්ර කාර වූ සූපව්යබඤජනාදියෙන් යුකත වූ දිවබොජුන්භාජන ඇරැගෙන පළමුව පරිද්දෙන්ම තුන්ගවු පමණ තැන් අවසරයක් නැතිව සිටගත්හ. ඒ ආහාරය ද දිව්ය්පුත්රමයා තෙරුන්6 වහන්සේ වළදාව සත්කාර සම්මාන කොට පිරිවර හා සමඟ තෙ‍මේ අනුභව කෙළේය. මෙසේ ආහාර අනුභව කළ ඉක්බිති ඔහු පිරිවර දෙවතාවෝ ඒ දිව්ය පුත්රවයා හාත්පසින් පිරිවරා සිට නෘත්යපගීතවාද්යිදියට පටන් ගත්හ. එකලැ තෙරුන්6 වහන්සේ

1. භද්රාර ලතා 2. පිණිස දිව්යවමය 3. වහන්සේලා 4. තුමු තමන්ගේ 5.පළමු පරිද්දෙන්ම භික්ෂූ න් වහන්සේලා 6. තෙරවරුන්







476 සද්ධර්මාදලඞ්කාරය

ඒ දිව්යෙපුත්රමය‍ගේ මහත් වූ දිව්ය6ඓශ්චය්ය්ුන්ය දැක විස්මයපත් ව1 ඔහු පූර්ව ජාතියෙහි කළ කුශලකර්මධය ක‍වරේ දැයි විචාරන සේක්:- “දෙවිඬිපතෙතා ‘සි මහානුභාවො වණෙණා ව තෙ සබ්බදිසා පහාසති , දිබ්බා ච පරියා පරිවාරයන්ති නානායුධා වාමරමොරහත්ථාර.

සුරඞ්ගනා රඞ්ගගතා සමන්තා න‍චෙචහි ගිතෙහි සමඞ්ගිභුතා, නච්චනති ගායනති ලයාවියුත්තං සවණාමතං ගිතමුළාරවණ්ණා.

පගගය්හ විණාදිසවංසතන්ති නාතිකකමං තනතිසරං සරෙන, සමජ්ජමජක්ධංමහි ච කාවි කඤඤා ලයනතියො තං පරිතොසයන්ති.

හෙරී මුතිඞ්ගා මුරජා ච දෙණඩිමා ඝනා ච නෙකා පුසිරාදයො ච, පග්ගය්හ ව‍ාදෙනති පහට්ඨරූපා නච්චන්ති කීළන්ති ජනා ‍අනෙකා

දිබ්බනනපානෙහි සුපුණණසොණ්ණ - මයාදිනානාවිධභාජනානි, පගගය්හ තිට්ඨන්ති තිගාවුතසමිං ත්වා් තෙන මොදෙසි සපාරිසජ්ජො

පු‍චජාමි තං 2 දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤඤං , කිං තෙ වතං කිං පන බ්රඤහ්මචරියං කිසස සුවිණණස්ස අයං විපාකො.” යනාදීන් එම්බා දිව්යවපුත්රියානෙනි, තෙපි මහත් වූ දිව්ය ර්ධීයට පැමිණියව. මහත් වූ ආනුභාව ඇතියව. තොපගේ ශරීරවර්ණිය හිරු දහස් සඳු දහස් නැංගා සේ දසදිගුන් බබුළුවා එකාලොක ව සිටිනේ ය. තවද කඩු පලිය දුනු හී පලඟ පත්තිරම් ඉට්ටි මිට්ටේරු ආදි වූ දිව්යියුධසමූහයන් ගත්තා වූ දිව්යුභටයන් හා එසේ ම කුඩ කොඩි සේසත් පිල්කලඹ සෙන්කෝල්3 විසිරිපත් චාරුචාමර මයුරහස්තාදි වූ අනෙකප්රසකාර අලඞ්කාර 1. විසමයපත් පත්ව 2. තෙ 3. පිල්කලබයෙන් සෙන්කෝල් - පිල් කලබ සෙන් සෙල් .


ආරඤඤක වර්ගෙය 477

භාණ්ඩයන් ගත්තා වූ දිව්ය්සේනාවෝ තොප පිරිවරා සිටිති. තවද නානාවර්ණ දිව්යයවස්ත්රන දිව්ය ලඞ්කාරයෙන් සැරැහුණා වූ දිව්යකඞ්ගන‍ාවෝ හාත්පසැ රඟමඬුලු බැඳ නෘත්යදගීතවාද්ය්යෙහි නියුක්ත වූවාහු එක්සියවිසිලයින අනපෙත වූ ගායනා නාද කෙරෙමින් කර්ණ්මෘත නමනමා1 තොප සිත් සනසමින් දෙනුවන් පිනවපිනවා සමහරෙක් නටති. සමහරෙක් ගී කියති. සමහරෙක් ගායනා කෙරෙතී.

සමහර දිව්යසඞ්ගනාවෝ වීණාවෙණු ආලවණ්ණි වඞ්ගී වස්දඬු තන්ත්රික ආදිය ගෙන රඟ බැස නටමින් තමන්ගේ ගීතස්වරය හා තන්ත්රීඞස්වරය නොයික්මවා එකනියාවට ගී කිය කියා ගායනා කෙරෙමින් නොයෙක් ලීලාවිලාස දක්වදක්වා තොප සන්තොෂ කරවතී තවද නොයෙක් සියදහස්ගණන්2 දිව්යදපුත්රඑයන් හා දිව්යනඞ්ගනාවෝ නානාලඞ්කාරයෙන් සැරැහී ‍මහබෙර පොකුරුබෙර මිහිඟුබෙර මුරජ දෙණ්ඩිමාදීන් හා අතතය, විතත ය, විතතාතත ය, ඝන ය, සුසිර ය යනාදි වූ භෙරිතූය්ය්ිම භාණ්ඩයන් ගෙන සතුටු ව3 සමහරෙක් නටති. සමහරෙක් කෙළිති. සමහරෙක් බෙර ගසති. සමහරෙක් ගී කියති. තවද දිව්යකමය වූ අන්නපාන ඛජ්ජ භොජ්ජ ලෙය්ය පෙය්ය් සායනීය ය යි කියන ලද නානාප්ර කාර කන බොන දැ ආදියෙන් පිරුණා වූ රන්භාජන ගත් දිව්ය සෙනාව ම තුන් ගවු පමණ තන්හි අතුරු නො දී චතුරක් සේ සිටිති. පිරිවර හා සමඟ තෙපි එයින් ම සන්තුෂ්ට ව ප්රීනතීන් පිනපිනා සිටිවු4

එම්බා මහත් වූ ආනුභාව ඇති දිව්යදපුත්ර යාණෙනි, තොප අතින් ම විචාරම්හ. පෙරැ මනුෂ්යභලොකයෙහි ඉපද කවර කුශලයක් කළා ද, තොප රක්ෂා කළා වූ කවර ශීලයෙකින්5 කවර බ්රිහ්මචය්ය්කළායෙකින් 6 කෙසේ වූ ව්රආතසමාදානයෙකින් ලද්දා වූ විපාකයෙක් දැයි විචාළසේක. එසේ විචාළ තෙරුන්වහන්සේට ඵ් දිව්ය පුත්ර තෙම7 තමා අතීතඡාතියෙහි සෑගිරිවෙහෙරැ මහණ ව වසනකලැ තමහට වසගින් පැමිණි ආහාරයෙන් භාගයක් සඞ්ඝයාවහන්සේට දන් දී ඒ කුශල‍බලයෙන් මේ දිව්යයසම්පත් ලදිමි යි ප්ර කාශ කොට දක්වනුයේ :-

1. කණීමාතව තම තමා - කර්ණාදමෘතාත්තව තම තමා, .......තමතමා 2.සියගණන් 3. ගෙන සතුටුව 4. සිටී 5. ශිලයෙක 6. බ්රමහ්මචය්යාූය් යෙක. 7.දිව්යනපුත්ර යා







478 සද්ධර්මා‍ලඞ්කාරය

“ලඞ්කාතලෙ මිස්සකපබ්බතොති, පසිඞනාමො ‘සි මහාවිහාරො, බහූහි ථූපෙහි විරොචමානො, මුනින්දූබිම්බාලයපන්තියුන්තො. විභූසිතො බොධිමහීරුහෙනි, විරාජිතො සෙකතමාලකෙහි, සුඵුල්ලසීතොදකසම්පපුණණ - සමාකුලානෙකජලාසයෙහි. ‍විසාධිකෙ සතතසතෙ සමනතා, අධිකෙහි ජබ්බීසසතෙහි සතත, පරිවෙණපනතිහි සුදසසනී‍යො, පීතිං පවඩ්ඪෙති සදා ඡනානං. තහිං වසනතා යතිරාජපුත්තා, සුපෙසලානෙකගුණාධිවාසා, කතාදරා සබ්බජනෙහි සම්මා, කරොනති අතතත්ථෙපරත්ථනසිද්ධිං, අහං හදනතා දුතියත්තභාවෙ, තහිං තදෙකො සමණො අහොසිං, සද්ධාධුරං සීලධුරං වහන්තො, පටිපන්තියා1 වත්ථු තයං මහ‍න්තො.2 නතො ‘පරස්මිං සමයෙ මහාජනා, උද්දිස්ස භික්ඛු සමුපානයිත්වාජ, සුචිං පණ්තං පඩුරත්නපානං, භොජෙන්ති භික්ඛු සුමනා සහත්ථා,. අහම්පි ලද්ධං3 පටිවිංසකං මෙ, සඞ්ඝස්සුපඩ්ඪං අදදිං නතොපි, ඵලම්පි දානස්ස ච සද්දහනෙතා, බුද්ධානුභාවං මනසීකරොනෙතා. මමිදං පදානං මමිදං වතං තං, අනෙන පුඤඤන මයා කතෙන, තතො වුතො භුම්මදෙවෙසු ජාතො, භුඤජාමහං දෙවසිරිං අනූනං.”

යනාදීන් ස්වාමීනි, ලඞ්කාද්වීපයෙහි මිශ්ර ක පර්වමත ය යි ප්රයසිද්ධ වූ මිහින්තලාගලැ මහත් වූ විහාරයෙක් විය. ඒ විහාරය තුන් 1. පටිපත්තිතා - (රස) 2. මහෙන්තො 3. ලද්ධා




ආරඤඤක වර්ගලය 479

සියසැටක් පමණ ධාතුගර්භාසමූහයෙකින් ප්රෙතිමණ්ඩිත ය. එසේ ම විචිත්ර්කර්මා න්තයෙන් හොබනා සියගණන් ප්රමතිමාගෘහපඞ්ක්තීන් යුක්ත ය. මහත් වූ බොධිවෘක්ෂපපඞ්ක්තීන් සැරැහුණා වූ අතිධවල වැලිමළුපෙ‍ළින් විරාජමාන ය. සුපුෂ්පිතපද්මොත්පල පුණ්ඩරීකාදින් ප්රවතිමණ්ඩිත වූ සිහිල් දිය පිටි සියගණන් පොකුණු පතැස් ආදීන් ගැවැසීගත්තේ ය. තවද එක්දහස්සාරසිය සතලිස්සයක් පමණ පිරිවෙන්ගෙවල් පන්තීන් අතිසොභමාන ව දර්ශධනිය වූ ඒ විහාරය දුටු දුටු යම් ම කෙ‍නකුන්ට1 සතුටුසොම්නස් එළවයි, එහි වසන්නා වූ අල්පෙච්ඡතාදිගුණොපෙත ප්රනතිපත්ති සාර වූ දොළොස්දහසක් පමණ මහාසඞ්ඝයාවහන්සේ ශ්ර ද්ධාවන්ත මහාජනයා විසින් ආදරසහිත ව එළවන ලද සිවුපසය පිළියෙන ඔවුන්ට කුසල් වැ‍ඩීමෙන්2 හා සිල්වත් ව ධ්යාඡන භාවනා කොට මාර්ගයඵල ඉපදවීමෙන් ස්වාර්තථපරාර්තථ දෙක සිද්ධ කරන සේක.

ස්වාමීනී, මම මීට දෙවන ජාතීයෙහි ඒ විහාරයේ වසන්නා වු භික්ෂූනන්වහන්සේ3 අතුරෙන් ‍එක් මහණෙක්මි. එකලැ ශ්ර ද්ධා වන්ත ව අඛණ්ඩ ශීලය රක්ෂා කොට ප්රීතිපත්ති පිරීමෙන් තුනුරුවන්ට පූජා කෙළෙමි. නැවැත මෑතභාගයෙහි ශ්රනද්ධාවන්ත මහාජනයන් විසින් සඞ්ඝයාවහන්සේ උදෙසා එළවන ලද අති පවිත්රර වූ උතුම් වූ බොහෝ වූ අන්නපාන ආදියෙන් මට පැමිණි යා වූ කොට්ඨාසය දෙකක් කොට එයින් භාගයක් සැදැහැයෙන් ආදරසහිත ව සඞ්ඝයාවහන්සේට4 දන් දිනිමි.

එක්ල්හි දුන්නා වූ ඒ දානයෙන් හා රැක්කා වූ ශීලව්රහතාදියෙහි අනුසසින් මෙසේ වූ බුමාටුදෙවියන් කෙරෙහි ඉපද පවා මෙබඳු ආශ්චය්ය්ව වත් වූ දිව්යෙ සම්පත්තියක් විඳින්ට පටන්ගතිමි. ස්වාමීනි, සැදැහැයෙන් සිල්වතුන්වහන්සේට දුන්නා වු ඉතා ස්වල්ප දානයෙක් වී නමුත් මහත් වූ විපාක දෙන්නේ ය. කුමක් මෙන් ද යත් ? යම් සේ සරුකෙතෙකැ වපුරන ලද ස්වල්ප බිජුවටෙක් වී නමුත් ක්ෂෙ ත්ර ය යහපත් හෙයින් බොහෝ ශස්ය ඵල දෙමින් ගෙවියා සතුටු කරවාද? ඵ පරිද්දෙන් ම සිල්වතුන් වහන්සේට දෙන ලද්දා වු දානය ස්වල්ප වී නමුත් දෙන්නවුන්ගේ 5 විත්තශුඬි වස්තුශුඩිදෙකින් හා පිළිගන්නා දක්ෂිුණාභිපුද්ගල යන්ගේ ක්ෂෙේත්ර ශුඩියෙන්6 බොහෝ විපාක දෙන්නේය යි කී ය. මෙසේ 7 දිව්ය පුත්රතයා තමා පුර්වතජාතියෙහි කළ කුසල් හැම ප්රකකාශ‍ කොට කී කල්හි භික්ෂූකන්වහන්සේ ඔහුගේ බස් අසා විස්මය

1. කෙනකුට 2. වැඩිවනමත් 3. වහන්සේලා 4. වහන්සේලාට 5.දෙන්නාවුන්ගේ 6.ක්ෂෙවත්ර ශිද්ධිය 7. විපාක දෙන්නේ ය යි මෙසේ.






480 සද්ධර්මානලඞ්කාරය

පත් ව ගිය ගිය තන්හි ඒ දිව්යඞපුත්රමයා කළ කුසලය හා එයින් ලද්දා වූ සම්පත්තිවිශෙෂය ප්රිකාශ කොට කියමින් බොහෝදෙනා දානශීලාදි වූ කුශලකර්මවයෙහි 1 යොදා වදාළසේක.

මෙසේ යහපත් බිම් බලා ගොයම් කොට බොහෝ ශස්යාඵල ලබන්නා වූ ගොවීන් මෙන් කුසල් කරන්නා වූ නුවණැති ශ්රාද්ධා වන්තයෝ තුමුත් සිල්වත් ව සිට දැහැමින් ලද්දා වූ දෙයධර්මුය2 කම්පල අදහා සිල්වතුන්වහන්සේට දුන් හෙයින් එබඳු අශ්චය්ය්ලද්වත් වූ දිව්යදසම්පත්තියක් ලදහ, එබැවින් පින්වත් සත්ත්ව යන් විසින් ආලොපයක් පමණ ආහාරය‍ක් වී නමුත් සිල්වතුන් වහන්සේට සාදරසිතින් දන් දී ආදරසම්භාවනාවෙන් එ ම දානමය කුශලය වඩ වඩා දියුණු කොට ගෙන මතු දිව්ය්මනුෂ්ය සම්පත් හා නිවන්සම්පත් ලබන්නට උත්තාහ කළ මැනැවි. කියන ලදුයේ මැයි :-

“එවං හො හො කුසලනිරතා ඛෙත්තමොලොකයිත්වා් දත්වාව බීජං අණුමපි අහො ‘ නපපහොගං ලගන්ති, ලද්ධානෙකං කබලමපි ගො හතතිනින්තා සූලීලෙ දත්වාන හොගං දිවීජමනුජා 3 අස්ස භාගී සිවං ච

මෙ තෙකින් මේ ආරඤඤකවගැ දෙවන සමණගාමවස්තුව කියා නිමවන ලදී.

_______________

49. නාගාවස්තුව

තවද මේ ආරඤඤකවගැ තුන් වන නාගවස්තුව නම් කවරැ යත් ?

මෙ ම ලඞ්කාද්වීපයෙහි දිවසත්රුවනින් විසිතුරු වූ පවුරුපද නමින්4 හා උද්යාේනවිමානාදියෙන් සශ්රී්ක ව එක මඟුල්ගෙයක් සේ සශ්රී ක දිව්ය්නාගයන්ට වාසස්ථාන නාගභවන තුනෙන් විය. එයින් වඩුන්නාගලැ නාගහවනයෙහි තිස්කෙළක් නයින්ට නායක වූ චුළොදර නම් නාරජෙක් වෙසෙයි. කැලණි ගඞ්ගා නාගභවනයෙහි විසිකෙළක් නයින්ට නායක වූ මණිඅක්ඛික නම් නාරජෙක් වෙසෙයි. මණිනාගදිවයිනැ සමුද්රි නාගභව‍නයෙහි තිස්කෙළක් නයින්ට නායක වූ මහොදර නම් නාරජෙක් වෙසෙයි. මේ තුන්පක්ෂ‍යෙහි නයි5 ම ඔවු නොවුන් හා නොවෙනස්ව ‍අන්යොයන්යනසම්බන්ධමයෙන් බන්ධු5 ව වසන්නාහු මහොදරනාරජහුගේ දුවක6 චූළොදරනාරජහට 1. කුශලධර්ම්යෙහි 2. දෙස්යසධර්ම්ය 3. දිවමනුජසුඛං 4. - පදනම් 5. නයින් 6. දුවක් .



ආරඤඤක වර්ගුය 481

පාවාදෙන දවස් සත්රුවනින් විසිතුරු වූ ඉන්ර් හටනීලමාණික්යනමය මාහැඟි මිණිපලඟක් දියාද කොට දුන්හ. පසුව ඒ නාග කන්යාරව මළ හෙයින් වූළොදර, මහොදර යන දෙමයිල් නාරජුහු 1 දෙදෙන ඒ මිණිපලඟ නිසා බසින් බස් ව කලහ වඩා දෙදෙනා තමතමන්ගේ සෙනාවාහන සරහා ගෙන වහසිබස් 2 බෙණෙමින් යුද්ධයට දැපුණහ.

එකැල වඩුන්නාගලැ සාගභටයෝ කල්පනාන්තවාතයෙන් හැළලීගිය මහාසමුද්ර ය සේ ක්රොැධයෙන් හැළලී 3 නාගදිවයිනැ නයින්ට වහසි කියා එම්බල කොල, දියබරණුන් සේ දියෙහි වසන නාගචෙටකයිනි, තෙපි හැම කවර කටයුත්තෙකින් අප හා සමාන වව් ද, වඩුන්නාගලැ නාගභටයෝ ශෞරවීරපුරුෂ බලපරාක්රකමයෙන් යුක්තයෝ ය යි යන කීර්තිඝොසාව තොප හැමට නො හැසිණි ද ? ධනධාන්යයනම්පත්තීනුත් අපිම වැඩියම්හ. තෙජසිනුන් අපිව වැ‍ඩියම්හ. පරිවාරසම්පත්තීනුත් අපිම වැඩියම්හ. කායබලයෙනුත් ඍඩිබලයෙනුත් 4 අපිම වැඩියම්හ. අප හැම කඩුපලඟ අතැ ලා යුද්ධයට වන් විටැ තොප හැම හිරු දුටු කදෝපැණියන් සෙයින් නිෂ්ප්රමභ ව භයින් බිඳී ඒ ඒ අතැ දිවෙන බව 5 තෙපි ම දන්නහු ද ? යනාදීන් බණන්ට පටන් ගත්හ. උන්ගේ වහසිබස් අසා නාගදිවයිනැ වසන නාග භටයෝ ද කිපී ගජනා කොට වඩුන්නාගලැ නයින් භය ගන්වා අත්පො‍ළසන් දෙමින් පිටිතොල දත් කකා සැහැසෙමින්6 එම්බල ගලැ වසන නාගයෙනි, මහත් කොට කුඤචනාද කෙරෙමින් ඒ ඒ අතැ දිව පැන පැලැඹෙන්නා වූ මහත් ඇත් පොව්වෝ කේසරසිංහරාජයන් ඉදිරියෙහි සිටිනා තබා ඔවුන්ගේ සිංහනාද ඇසූ පමණෙකින් ම කැනහිලුනුන් නොවටනා ව දප් සිඳී සැඟවී යන්න‍ාහු ය.7 එපරිද්දෙන්ම දැන් එක්ව ගෙන කැතහිල්මුළක් සේ මුර ගා ඇවිදිනා තොප හැමගේ දර්ප මදිනය කොට ඒ ඒ අතැ මරා ලුහුබඳවා මිසක් නොහරුම්හ යි මෙසේ දෙසෙනඟ8 ඔවුනොවුන්ට ගටා බෙණෙමින් අතින් ගන්නා ලද කඩු පලිස පලඟ පත්තිරම් ආදි වූ නානාප්රඒකාර ආයුධ සමූහයන්9 එකපැහැර ලෙලවලෙලවා පිටැ පිටැ පහරන මහත් පවන්10 වේගයෙන් සැලිසැලී මුහුඳැ රළපෙළ දිවන්නා සේ විටින් විටැ වඩ වඩා ක්රො1ධවශග ව 11 පැනපැන ඉදිරියට දිවෙමින් වහසි කිය කියා සටනට සැරැහී12 දෙසෙනඟ දෙපිටැ ඇණි ලා සිටගත්හ.

1. නාරජුන් 2. වාසිබස් 3. ඇළලී 4. කායබලසංඩිබලයෙනුත්. 5.දිවතබව 6. තතනමින්. 7. සැඟවෙන්නාහුමය. 8. දෙසේනාව 9. සමූහයක් 10. පහර නඟා මහපවන් . 11. ක්රොසධව. 12. සැරසී.

16





482. සද්ධර්මානලඞ්කාරය

කියන ලද මැයි:-

“ඉතිතදුභයසෙනා ඝට්ටයන්කා ‘ඤඤමඤඤා විවිධපහරණෙසා උග්ගිරන්නි ගිරන්ති, සතතඛුහිතවෙලා සාගරූමීව භන්තා ලූලිතලුලිතචිත්තා1 යුද්ධනින්තා යිතාසුං” යී.

එකලැ අප බුදුහු බුදු වූ පස් වන හවුරුදු බගැ අවපසළොස්වක් 2 අලුයම්වේලෙහි සමාපත්තීන් නැති මුළුලොව බලාවදාරනසේක් එදවස් ඒ නයින්ගේ යුද්ධයෙක් වී නම් බොහෝ නයින් නස්නා සේ දැකවදාරා ඔවුන් කෙරෙහි උපන්නා වූ මහාකරුණාවෙන් උදාසත්හි ම දෙව්රම්වෙහෙරින් නික්ම කැටි ව3 ගමනට සුදුසු කෙනකුන් පරීක්ෂා් කරනසේක් එම වෙහෙරැ වහසල්දොර සමීපයෙහි පිහිටි කිරිපලුරුක 4 අරග්ගත් සමිඬිසුමන නම් දිව්ය පුත්රංයා දැක ළඟට කැඳවා අප හා සමග ලක්දිවට ගොසින් පළමුජාතියෙහි තොප විසූ තන්හි ම වාසය කරව යි වදාළසේක. එසේ වදාළේ කුමක් පිණිස ද යත්? ඒ දිව්ය්පුත්රංයා නම් ඊට තුන් වන ජාතියෙහි මණිනාගදිවයිනැ නාමගොත්රසයෙන් අප්රැසිද්ධ වූ එක්තරා මනුෂ්ය්යෙක. එකල්හි ගන්ධළමාදතපර්වතතයෙහි වසන්නා වූ පසේබුදුකෙනකුන් වහන්සේ ආහාර සිඟා ගෙනවුත් මණිනාගදිවයිනැ දැන් කිරිපලුරුක මිහිටි තැනැ වැඩහිඳ ආහාර වළඳනසේක අකල්හි ඒ මනුෂ්යනයා පසේබුදුන් ‍වහන්සේ දැක ඔබගේ තපොවිලාසයෙහි5 පැහැද පාත්රදය සොධන්ට 6 කොළ ක‍ඩා ගෙනවුත් දින.

පසුව ඒ මනුෂ්යයයා එපමණ පින්කමින් එයින් චුත ව දෙව්ලොවැ ඉපද බොහෝකාලයක් දිවසැපත් වළඳා එයින් අවුත් අප බුදුන් සමයෙහි දෙව්රම්වෙහෙරැ ‍වහසල්දොර සමීපයෙහි පිහිටියා වූ කිරිපලුරුකැ දිව්ය්පුත්ර ව උපත. එසේ හෙයින් බුදුහු මේ දිව්යපපුත්රකයා තමා වසන කිරිපලුරුක4 මුලිනුදුරා මා සිරසට සෙවණ කොට අල්වා ගෙන එක් ව ගියේ වී නම් ගිය ජාතියෙහි මොහු විසූ දිවයින ම මෝහට වාසස්ථාන වෙයි.. දිව්යතනාගයන්ට හා මනුෂ්යරයන්ට ද බොහෝ කුසල් පිරෙන්නේ ය යි සිතා ඒ දිව්ය.රාජයා කැඳවා අප හා සමඟ ලඞ්කාද්වීපයට එව. ගිය දවසැ තොප විසූ මණිනාගදිවයිනැ භූමිප්රලදෙශයෙහි ම ‍මේ තොප වසන භවනය හා සමඟ තොපට පිහිට වෙය. නාගරාජයන්ට ද බොහෝ අභිවෘද්ධි වන්නේ ය යි වදාළසේක.

1. ලලිත ලලිත - 2. අවනෙළෙස්වක්වන් 3. කැටීවම 4. පාටලාරූක්ඛ - (ප‍ළොල්රුක) සීව. 5. තපෝලීලායෙහි 6. සොදන්ට





ආරඤඤක වර්ගවය 483

කියන ලද මැයි :-

“අථ මුසිසුමනං තං දෙවමාමන්තයිත්වාැ1 ඉදමවච මයා හො සද්ධිමාගච්ඡ ලඞ්කා, සහතවහවනමහා පුබ්බ වූ ත්ථඡප්පදෙසෙ තව භවති පතිට්ඨා ‍භොගිනඤ්චාපි වුද්ධිං”

මෙසේ බුදුන් වදාළ වචනය අසා සම්ඬිසුමන නම් දිව්යෙ පුත්ර යා තමා වසන ඒ කිරිපලුරුක මුලිනුදුරා බුදුන් සිරසට ජායා වන සේ අල්වාගෙන සිටගත්තේ ය. බුදුහු2 මහමේකුළක් මැඳැ දිලිසෙන සහස්රසකිරණයා සේ නවනක් රසින් දිලිහි දිලිහී මණිනාගදිවයින් වැඩ යුද්ධයට සැරැහී සිටි දෙසෙනඟ මදධ්ය යෙහි3 අහසැ වැඩඉඳ නාගරාජයන්ගේ දර්පඩමර්දැනය පිණිස වැසි සුළං සීත සහිත වූ අතිභයානක ගනඳුරක් මවා සියලු නාගසෙනාව එකපැහැර හයින් තැතිගන්වා එ ම විගසැ අඳුරු දුරු කොට හිරුදහස් සඳදහස් නැංගා සේ සියලඟරසින් දසදිග බබුළුවා ඒ නාගසෙනාවට තමන්වහන්සේ දැක්වූසේක.

එකලැ නාගරාජයෝ හිරුරැස් කලඹක් මෙන්4 බබළන්නා වූ කෙතුමාලාලඞ්කාරයෙකින් හා අමෘතරශ්මීන් විහිදුවන්නා වූ චන්ර්ෙතු මණ්ඩලයක් හා සමාන වූ මුඛමණ්ඩලයෙකින් හා අනන්යම සාධාරණ වූ චාත්රිං ශත්වරමහාපුරුෂලක්ෂීණාශිත්ය නුව්යාඤ්ජන ලක්ෂුණයෙන් ප්රදතිමණ්ඩිත වූ ශරීරශ්රී‍ශොභාවෙකින් හා නානාවර්ණෂයෙන් වටා සිටගත්තා වූ බ්යාශමප්රශභාමණ්ඩලයෙන් පිරිවරන ලදු ව සවනක් රැස් විහිදුවමින් අභසැ වැඩහුන්නා වූ5 බුදු රජාණන්වහන්සේ දැක එකෙණෙහි උපන්නා වූ අනන්ත සන්තොෂයෙන් පිනා බුද්ධපූජාවට ඉස්නා තත්කුසුම්රාසියක් මෙන් අතින් ගත් ආයුධ හෙළා දොහොත් මුඳුන් දිදී වඳිමින් මුඳුනෙහි තබන ලද රතතුල්තල නැමැති රත්නෙළුම් පුදපුදා8 සතුටුසතුටු ව බුදුන් දසාවට යොමු කරන ලද රන්වන් මුහුණු නමැති රත්පියුම් තනතනා නිල්නුවන් නමැති නිලුපුල් සමඟ කඩුපුල්මල් පුදමින් තමන් තමන් 7 දරාසිටි නානාවර්ණ ධජපතාක නංවමින් සන්නාහ නමැති මල්මිටි ගෙන ඉසිමින් සපු දුනුකේ දැසමන් ආදි වූ නන්කුසුම් වර්ෂාතවන් එකපැහැර වස්වමින් උතුරුසළු ගලවා දමමින් ලක්ෂ සුවහස්ගණන් පහන් අල්වමින් අනෙකප්රරකාර8 හෙරිතූය්ය්්ග රාවයෙන්9 එක ‍කොලාහල කරවා පුජාවට පටන්ගත්හ.

1. “තමසමමුනි දිස්වාමන්තයිත්වාූගතෙ තං” – (මුද්රි ත සමන්තකූට්වණ්ණනා ) 2.අල්වාගෙන බුදුහු 3. මැඳයෙහි 4. සේ 5. - උන්නා වූ 6. රත්නෙළුම් පුදා 7. තමතමන් 8. පහන් දල්වමින් නානාවර්ණ් ධ්වජ පතාකා නංවමින් අනෙක ප්රෙකාර 9. හෙරිතූය්ය්ෙන නාදයෙන්




484 සද්ධර්මාතලඞ්කාරය

එකලැ මඳ මඳ පවනින් ලෙ‍ලදෙන රන්ලියැ ලීලාවට අපහාස කරන්නාවූ මනහර රූපලීලාවිලාසයෙන් හොබනා1 නාගාඞ්ගනාවෝ තමතමන්ගේ ලීලොපෙත වූ ස්තනභර නැමැති දහස්ගණන් කලසමාලාවන් දරා නාගභවනයෙන් පිටත් ව ඒ ඒ තන්හි මුළුමුළු ව සිට ශාක්යනකුලතිලක, ශාක්යෙකුලකෙතු, ශාක්ය කුලකල්පද්රැ ම, දෙවාතිදෙව, ශක්රාවතිශක්රය,2 බ්රපහ්මාතිබ්රුහ්ම, වාදීහසිංහ, පරදුඃඛිත, කරුණානිධාන,3 ශරණාගතවජ්රුපඤජර යනාදීන් කරන ලද ස්තුති ඝොෂාවෙන් දසදිසාන්තරය 4 එකකොලාහල කරවා සාධුක්රීවඩාවට පටන්ගත්හ.

කියන ලදුයේ මැයි :-

“තරුණතරණිසොභං කෙතුමාලාවිලාසිං සුහරුචිමුඛචන්රංං ලක්ඛණාකිණ්ණගත්තං, තිහවවිහවදැයිං තං විදිත්වාවන5 නාගං චුතපහරණහත්ථාං වන්දලමානා මහිංසු.

සිරසි නිහිතපාණි රත්න ප‍ෙඞ්කෙරුගෙහි විකචවදනනෙත්තා ‘මන්ද‍කණ්ඩුප්පලෙහි, 6 සකසකධත7 නානාවණ්ණව මමාදිකෙහි විවිධකුසුමවත්ථා මන්දනදිපද්ධජෙහි 8

උරගහවනවාසා නාගකඤ්ඤා සමගගා කුවකලසසහස්යං ධාරයන්තා සලීලං, ලලිතකණකවල්ලීලිලමාධතතගතතා ථුතිපමුඛමුපෙතා සාධුකීළං අකංසු” යී.

මෙසේ නාමෙණෙවියන් හා නාගාඞ්ගනාවන් එකපැහැර පූජාවට පටන්ගත් කල්හි අමාවැස්සක් වස්වන්නා සේ12 අප බුදුහු මධුරස්වර විහිදුවා ධර්මගඝොෂා පැවැත්වීමෙන් දෙසෙනඟ සමඟ කරවා එකලැ සමඟ සතුටු වූ තාරජුන් විසින් දෙන ලද මිණිපලඟ 10 පිළිගෙන දෙව්ලොවින් බස්නා දිව්යනවිමානයක් මෙන් දිලිහි දිලිහී අහසින් බැස මිණිපලඟමත්තෙහි වැඩහිඳ, නාරජුන් එළැවූ දිවබො‍ජුන් වළඳා භොජනාවසානයෙහි අනුමෙවුනි 11 බණ දෙසා සටනට එක් වූ අගණිත 12 නාගයන්

1. රූපවිලාසලිලා ඇති 2. දෙවාතිදෙව මාරාතිමාර ශක්රා තිශක්රන 3. කරුණාප්රනවාහක 4. දශදිගන්තරය 5. විදිත්වාව 6. කඤ්ජුප්පලෙහි (මුදිත සමන්තකූට්වණ්ණනා 7. ධූත 8. චන්ද5දීපං ධජෙහි 9. වස්න‍ාසේ 10. රත්සදුන් පුටුවෙකැයි සීහළචක්ෂු7යෙහි එයි. 11. අනුමෙවෙනි 12. අනන්ත




ආරඤඤක වර්ග ය 485

අතුරෙන් අසුකෙළක් නයින් සරණශිලයෙහි පිහිටුවා මිණිපලඟ හා කිරිපලුරුක පාරිභොගිකධාතු කොට වැඳ පුදන සේ නාරජුන්ට පවා දී එම්බා නාගරාජයෙනි, ම‍ාගේ මේ පාරිභොගික වූ මිණිපලඟ හා කිරිපලුරුකට තොප දිවිහිමිහයන් 1 සත්කාර සම්මාන කොට වැඳ පුදව්. මෙ ම තොපට මතු සගමොක් සැපත් සාධා2 දෙන්නේ ය යි වදාළසේක

කියන ලදුයේ මැයි - මහාවංශයෙහි :-

“තෙ ජලට්ඨෙ ථලට්ඨෙ ච, භුජඞ්ගෙ ‘සීතිකොටියො, සරණෙසු ච සීලෙසු, පතිට්ඨාපෙසි නායකො.

තඤවාපි රාජායතනං , පල්ලඞ්කඤච මහාරහං, අපෙපසි නාගරාජුනං, ලොකනාථො නමස්සිතුං

පරිභොගවෙතියං මය්හා, නාගරාජා නමස්සථ, තා හවිසසති වො නාතා, හිතාය ච සුඛය ච” යී.

මෙසේ ධර්ම දෙශනා කොට දෙසෙනඟ සමඟ3 කරවා සමිද්ධිසුමන නම් දිව්ය පුත්රෙයා කිරිපලුරුක හා සමඟ එතන්හි ම පිහිටුවා දෙව්රම්වෙහෙර වැඩිසේක. නාගරජහු එතැනැ වෛත්යයයක් කොට නිරන්තරයෙන් වැඳ පුදා සත්කාර කරමින් විසූහ. බුදුන් පිරිනිවි පසු මනුෂ්යරයෝ එතැනැ මහත් දාගබක් කළහ. ඒ දැන් දක්වාක් රාජායතනචෛත්යනය යි ප්රරසිද්ධ විය.

මේ රාජායතනචෛත්යයයෙහි උත්පත්ති කථාව ය.

එක්සමයෙක්හි 4 ලඞ්කාද්විපවාසී වූ සඟසැටදෙනකුන් වහන්සේ සමනළ, කැලණිය ආදි වූ සිද්ධස්ථාන වැඳපුදා ඇවිදිනාසේක් මණිනාගදිවයිනැ ඒ රාජායතන නම් වූ දාගබ වඳනා 5 කැමැති ව අතරමඟැ විහාර වඳිමින් ක්රාමයෙන් නාග දිවයිනට වැඩ රාජායතන චෛත්ය ය වැඳපුදා එතන්හි ම සැතැපී දෙවන දවස් උදාසන්හි සිරුරු පිළිදැගැ කළමනා වත් සපයා වැඳ පුදා ඉක්බිති ගැට වටු ගන්වා ගමට6 සිඟා වැඩ එක් ගෙය කිනුත් අහරක් නොලත් හෙයින් පාත්ර ය සේදුවන7 ම ඇරැගෙන ගමින් පිටත්වූසේක. එකල්හි ඒ ගමැ කහවණ‍ුසැටකට දාසී ව එක් කුලගෙයෙකැ වසන්නා වූ නාගා8 නම් ගැහැනියක් කළ යක් ගෙන පැනට යන්නී ගම්දොරැ සිටි ඒ භික්ෂූනන්වහන්සේ9 1. දිවිපමණින් 2. සාදා 3. සමගි 4.එක්සමයෙක 5. දක්නා 6. නාගගාමං - (නාග නම් ගමට - සහ.) 7. සේධුවන 8. මාතුදෙවිකා නාගී (සීව) 9. වහන්සේලා




486 සද්ධර්මා ලඞ්කාරය

දැක සමීපයට එලැඹ පසඟ පිහිටුවා වැඳ ස්වාමිනි, අහරක් ලද්දේ ඇද්දැයි1 විචාළී ය. එබසට භික්ෂූින්වහන්සේ උපාසිකා වෙනි, තව පෙරවරු ම වේ දැයි වදාළසේක.

එබසින් කිසිවක් නො ලත්බව දැන දොම්නස් ව ඒ ස්ත්රී 2 කවර උපායෙකින් මේ හැමදෙනා වහන්සේට දනක් ‍දෙම් දෝ හෝ යි සිතා පළමු ව මම කහවණු සැටක් ණය ව දීගත නො හී දාසී ව අනුන්ට දැන් දවස්පතා මෙහෙ කෙරෙමින්3 සිටිමි. රෑ මෙහෙවර කරනසේ ගිවිසි තව දාසී ව වී නමුත් දන් දුන මැනවින් සනිටුහන් කොට භික්ෂූහන් වහන්සේ ඉදිරියෙහි කළය තබා ස්වාමීනි, මේ කළය රත්රන් දැකක් අගනේය. මා එන තෙක් මේ ඇමදෙනාවහන්සේට භාරය යි කියා ‍නොලස්ව එ ම තමා මෙහෙවර කරන කුලගෙට දිවගෙන ගොස් ස්වාමිනී, අනික් කහවණු සැටකුත් දුන මැනැවැයි කිව. ඒ ගෙයි පුරුෂයා එ බස් අසා කිමෙක් ද? පින්වත, පළමු ගත් කහවණුසැටට දාසී ව මෙහෙවර කෙරෙමින් සිට නැවැත කහවණුසැටක් ඇරැගෙන කහවණුඑකසියවිස්සක් වූ කලැ කෙසේ දීගත හෙයි දැයි4 කීහ.

එ බසට ගැහැනි ස්වාමිනි, රනට පණමට5 මෙහෙයට ලෝබ නො සිතුව මැනව. පළමු ගත් කහවණු සැටට ‍දහවල් මෙහෙ කෙරෙමි. දැන් දෙන කහවණුසැටට රෑ මෙහෙ කෙරෙමි. මෙසේ රෑදහවල් මෙහෙ6 කොට කිසියම් සැලැස්මෙකින් ණයත් ගෙවාගතිමි. 7 කහවණුසැටක් දුන මැනැවැයි කිව 8 ඵ් පුරුෂයා ද යහපතැයි ගිවිස ඵ පටන් පතෙකැ ලියා ගෙන කහවුණු සැටක් දුන්නේය . ඵකලැ කහවුණුසැට 9ඇරැගෙන ගමැ 10 ගෙයක් පාසා ඇවිද එකි එකී ගෙයකට එකි එකී කහවණුවක් 11 බැගින් දෙමින් කහවණුසැට ම දී දන් පිසවා පාත්ර වලැ බහා අහර 12 පිළිගන්වා ඒ දන් සපයාගැන්මට තමා කළ උත්සාහ සියල්ල ම භික්ෂූැන්වහන්සේට දන්වන්නා වූ උපාසිකා තොමෝ :- “ප‍ාදෙ වන්දිූ අය්යානනං, පවක්ඛාමි සුණොථ13 මෙ, නත්ථී මෙ සාදිසී 14 අඤඤා, කපණතෙතන භූතලෙ.

ඉණං දාතුමය‍කොත්තී, ඉණදාසී අහොසහං, අනාළ්හිකා අප්පහොගා, විහරාමි අබන්ධීවා.

1. ආහාර ලද්දෙදැයි 2. ගැහැනිය 3. බැලමෙහෙකරමින් 4. එයි දැයි 5. පමණට 6. මෙහෙවරක් 7. ගන්මි 8. කීය 9. එකල ඒ ස්ත්රි ය කහවණු සැට - ගැහැනි කහවණුසැට 10. හැම 11. ගෙයකට කහවණුවක් 12. ආහාර 13. සුණාථ 14.තාදිසී





ආරඤ්ඤක වර්ගුය 487

දානං දදන්ති අජ්ජාපි. රතතිදා සිතතමාගමිං, පරිභුඤජන්තු අය්යාප මෙ, දින්නං ඳුගගතපාහතං”

යනාදීන් ස්වාමීනි, ඇමදෙනාවහන්සේ‍ෙග් ශ්රී පාදයන් භක්ති ප්රෙනමයෙන් වැඳ දන්වමි. මා කියන්නක් ඉඳුරා ඇසුව මැනැව. දුප්පත්කමින් මා හා සමාන1 ගැහැනියක් මේ පොළෝතෙලෙහි නැත. පළමු ණයට ගත් කහවණුසැටක් දීගත නො හී ඉණදාසී ව2 වසන හෙයින් මාගේ අන්කිසි වස්තුවක් තබා නෑසියකෙනකුන් වත් යටත් පිරිසෙයින්3 එක්වේලක් පිස කාපියන්ට සාල්නැළියක් පමණකුත් නැති ව දුක සේ දවස් අරිමි. අද මේ දන් දෙන්නෙම් 4 පවා පළමු දහවල් කරන මෙහෙවර5 කොට රෑත් මෙහෙවර කරන පරිද්දෙන් ගිවිස පතක් ලා කහවණු සැටක් ඇරැගෙන ඒ සියල්ල ම වෙන වෙන ගෙවලට දී දන් පිසවා දිනිමි. ස්වාමිනී, මාගේ මේ දුප්පත්දානය නපුරු ය යි නො සිතා මිඩියට කරුණා කොට වැළැඳුව මැනැවැයි ආරාධනා කොට පසඟ පිහිටුවා වැඳ කළය ගෙන පැනට ගියා ය.


භික්ෂූනන් වහන්සේ ඒ ගැහැනියගේ බස් අසා විස්මයපත් ව ඒ ආහාරය ගෙන. මහානාග7 නම් විලැ සමීපයෙහි මිදෙල්ලවනයට8 වැද ඉන් නායක සඞ්ඝස්ථවිරයන්වහන්සේ සෙසු ඇමදෙනා9 වහන්සේට ආමන්ත්රනණය කොට එම්බා ඇවැත්නි, මේ ස්ත්රිගයගේ දාන නැමැති බිජුවට වැපිරීමට තොප හැමගේ සිත්සතන් නැමැති ක්ෂෙසත්රගය ශුද්ධ කරව්. මෙබදු ශ්රතද්ධාවෙකින් දුන්නා වූ දානය සරාගී ව ‍සදොසී ව සමොහී ව සිට හිඳ නො වළඳවව් ය යි වදාරා අවාද දක්වන සේක් :-

“අම්ගො10 මාතා න නො එසා, නොචායං භගිනී ච නො, න සස්සු සුණිසා එසා, න ඤාතී න ච සොහදා.

සීලවන්තා ගුණවන්තා, සුබ්බතා යතයො ඉමෙ, එතෙසං දින්නමප්පම්පි, 11 අනනතළුලදං සියා.

ඉති මනත්වාන න සා දීනා, දළිද්දා පාරකම්මිකා, අත්තානං විකකිණිත්වානන, දානමජ්ජමදාසි නො.

පරිසොධෙම අතතානං, ආකඞ්ඛන්තා මහපඵලං, සරාගා තං න භුඤ්ජාම, අපපහනත්වාමන ආසවෙ.” 1. දුප්පත්කමින් මට ව‍ඩා මා හා සමාන 2. නොහී දාසීව 3. කෙනෙකුන් යටත් පිරිසෙයින් 4. දුන්නෙම් 5. මෙහෙවරක් 6. නපුරුයි 7. මහානාම 8. මිදෙල් - 9. හැමදෙනා 10. හමෙනා 11. දින්නමන්තම්පි




488 සද්ධර්මා ලඞ්කාරය

යනාදීන් එම්බා ඇවැත්නි, මේ ස්ත්රී තොමෝ අපගේ කු‍ඩා මවක් මහමවක් මැහැලිමවක් වැදූමවකුත් නොවෙයි. පිටබින්න බඩබිනනෙහි1 නැගණියක් බුහුනණියකුත් 2 නො වෙයි. 2 නැන්දණියකුත් 3 නො වෙයි. යෙහෙළියකුත් 4 නො වෙයි. කුසයෙහි හොත් නැයෙකුත් 5 නොවෙයි7 එතෙකුදුවුවත් මේ ඇමදෙනා වහන්සේ සිල්වත්සේක. ගුණවත්සේක මනා වූ ව්ර තසමාදානය ඇති තපස්වීවරයන් 6 වහන්සේ ය. මෙබඳු. තපස්වීවරයන්ට දුන්නා වූ දානය ඉතා ස්වල්පයෙක් වී නමුත් අපමණ වූ විපාක දෙන්නේ ය යි මෙසේ සඞ්ඝයාවහන්සේගේ ගුණධර්මනය හා දානයෙහි විපාක සලකා ඉතා දිළිඳු ව මෙසේ අනුන්ගේ ගෙයි මෙහෙ කෙරෙමින් සිට මේ ස්ත්රිඉතොමෝ තමාට මෙලොවින් වන දුක් නො සිතා තොමෝ ම තමා වීකොට අද අපට7 දන් දුන්නී ය යි මෙසේ නොයෙක් කාරණා වදාරා ඒ උපාසිකාවට මහාඵලමහානිසංස වනු කැමැති ව අපගේ ස්වසන්නාන ශුද්ධ කොට ගෙන මිස සරාගී ‍සදොසීසමෙහීව කාමාදිආස්රනවයන් 8 ප්රපහීණ නොකොට හෙවත් රහත් නොව නො වළඳම්හ යි කතිකා කොට එ ම ‍මිදෙල්ල වනයෙහි ඒ ඒ තැනැ වැඩහිඳ විදර්ශළනා වඩා සිවුපිළිසිඹියා හ සමඟ රහත්බවට පැමිණිසේක. මෙසේ රහත් ව ඒ වනලැහැබැ වසන වනදෙවතාවන් ලවා සාධුකාර දෙවමින් වැඩහිඳ අහර 9 වැළැඳුන්සේක.

එකලැ ඒ ස්ත්රිහය දුන් දන්සැලැම ද භික්ෂූෙන්වහන්සේ රහත් වූ සැලැස්මද දැන දෙවතාවත් විසින් දුන් සාධුකාර ශබ්දය ද අසා රජ්ජුරුවන්ගේ සේසතැ වසන දෙවතාදුව සතුටු ව සාධුකාර දෙන්නී :-

“සාධු සාධු මහාසද්ධෙ, සාධු සාධු තයා කතං, දානං ඛෙත්ත ගතං ආසි, සුලභා අජ්ජ තෙ අග්රක”.

යනාදීන් මහත් වූ ශ්ර්ද්ධා ඇති උත්තම ස්ත්රිකය, සාධු, සාධු, යහපත, යහපත, තී විසින් රොපණය කරන ලද්දා වූ 10 දාන නැමැති බිජුවටසමූහය දක්ෂිසණීයපුද්ගල නැමැති සරුකෙතැ පිහිටියේ ය. අද තීට වූයේ මහත් වූ ලාභයෙක, සාධු, සාධු, මමත් ඒ පින් අනුමොදන් වෙමි යි සාධුකාර දෙමින් පින් අනුමෝදන් වූව. රජ්ජුරුවෝ දෙවතාදුවගේ සාධුකාරශබ්දය අසා කිමෙක් ද? දෙවතාදුව, අප දුන් දානයට සාධුකාර දෙයි ද ? නොහොත් අනික් කෙ‍නකුන්ගේ දානයක් නිසා සාධු

1. බඩමින්නෙහි 2. නැගණි බුහුණනි කෙනෙකුන් 3. නැන්දණි කෙනෙ‍කුන් 4. යෙහෙළිකෙනෙකුන් 5. නැකෙනෙකුන් 6. තපස්වීන් 7. මට 8. - ආශ්ර4වයන් 9. ආහාර 10. තී විසින් කරන ලද්දාවූ





ආරඤඤක වර්ගකය 489

කාර දෙයි දැයි විචාළහ. එසේ විචාළ රජහට එම්බා රජ්ජුරුවෙනි, තොප දුන් දානයට මා දුන් සාධුකාරයෙක් නො වෙයි කියා නැවැත දානවිභාග දක්වන්නා වූ දෙවතාදූතොමෝ -

“‍ජෙජජහෙජජාදිනා යො තු, කත්වාදන පරපීළනං, මහායාගං පවතෙතනි, න තං හොති මහපඵලං.

අනාදරං පුරකඛත්වාා, අසසද්ධා ය අයොනිසො, අඛෙතෙත යො දදෙදානං, න තං හොති මහප්ඵලං

දළි‍දෙදාපි මහාසදෙධා, සාදරො සුදධමානසො දෙති අපපම්පි සො හොති, අනන්නඵලදො සදා”

යනාදීන් එම්බා මහරජ. අර්තවබල කායබල සේනාබල ඇති යම් කිසිවෙක් අනුන්ට පීඩා කොට දානොපකරණ සපයාගෙන මහත් කොට දන් දුන්නේ වී නමුත් ඒ දානය මහත්ඵල මහානීසංස නො වෙයි. තවද යමෙක් තම‍ාගේ වස්තු ඇතන් සැදැහැ නැති හෙයින් 1 දෙන දනෙහි ආදර නැතිව සිල්වතුන් නොසිල්වතුන් නො හැඳින ගුණාගුණ සලකා ගත නො හී නොසිල්වතුන්ට දන් දුන්නේ2 වී නම් එයින්3 මහත්ඵල මහානිසංස නො වෙයි. ඉදින් ඉතා දිළිඳු දුක්පත් කෙනෙක් වී නමුත් සැදැහැයෙන් ආදර සහිත ව ශුදධ වූ අදහසින් කම්පල අදහා සවල්පමාත්රන වුවත් දනක් දුන්නාහු වී නම් ඒ දානය මහත්ඵල මහානිසංස වෙයි යනාදීන් ශ්රමද්ධාසම්පත්තීන් යුක්ත වූ සාදරසිතින් දුන්නා වූ දානය මහත්ඵල මහාසිසංස වෙයි යන බව වර්ණානා කොට, ඉක්බිති එම්බා මහරජ, මණිනාගදිවයිනැ නාගා නම් දුප්පත් ගැහැනියක් ‍කහවණු සැටකට දාසීව මෙහෙ කෙරෙමින් සිට පවා තමාගේ ආත්මය පරිත්යනග කොට ඉතා ආශ්චය්ය්ී වත් වූ දනක් දුන්නී ය. භික්ෂූරන්වහන්සේ ද උන්ගේ දානය නිසා රහත්බවට පැමිණි සේක. මම ඵ් ස්ත්රිමයට සතුටු ව සාධුකාර දිනිමි යි යනාදීන් මේ කථාප්ර බන්ධවය ආදියෙහි පටන් සියල්ල ම විස්තර කොට කිව.

රජ්ජුරුවෝ එ පවත් අසා සතුටු ව ණය දුන් පුරුෂයා හා සමග ගැහැනිය ගෙන්වාගෙන ණය දුන් පුරුෂයාට භාණ්ඩාගාරයෙන් කහවණු එක්සියවිස්සක් දී ගැහැනිය නිදහස් කොට සියලු ම මණිනාගදිවයින බමුණන්ට දන් දෙන පරිද්දෙන්ම අතැ පැන් වත් කොට දන් දී, තෙසුන් බොහෝ


1. සෙයින් 2. දෙන්සේ 3. එයින්




490 සද්ධර්මානලඞ්කාරය

සම්පත් දුන්හ එතැන් පටන් ඒ දිවයින නාගදීපය යි ප්ර සිද්ධ විය. ඒ ස්ත්රිහය ද එතැන් පටන් බොහෝ කුශලසම්භාරයන් රැස් කොට ගෙන ජිවිතාවසානයෙහි දෙව්ලොවැ උපන්නී ය.

මෙසේ නුවණැති ශ්රයද්ධාවන්තයෝ තමන්ගේ අත්මය පවා අනුන්ට දාසභාවයට පමුණුවා දන්පින් කොට මෙ ම‍ ජාතියෙහි දිව්යටමනුෂ්යා්දි බොහෝදෙනාගෙන් ප්ර ශංසා ලැබ සැපසේ ගොසින් දෙව්ලොවැ දිව්යාසම්පත් විඳින්නාහු ම ය. එබැවින් දානය නම් කැමැති කැමැති වස්තු සිද්ධ කොට දෙන හෙයින් කල්පවෘක්ෂ යක් හා සමානය යි සිතා පින්වත් සත්ත්වැයන් විසින් මසුරුසතුරා දුරු කොට දාන නැමැති මිත්රයයා භජනය කළ මැනැවි.

කියන ලදුයේ මැයි :-

“එවං පඤඤායුපගතමනො ආතුමං කත්වා දාසං, දත්වාව දානං පයති තිදිවං හොති පාසංසිකො ච. තස්මා දානං සුරතරුසමං ඉච්ඡතත්ථවප්පදානා 1 , මච්ඡෙරාරිං හනථ සතතං2 දානමිත්තං භජව්හො” යි.

මේ මෙහි තුන් වන නාගවස්තුව ය.

50. උත්තරොලියවස්තුව.

තවද මෙහි සතර වන උත්තරොලියවස්තුව නම් කවරැ යත් ?

හේ මෙසේ දතයුතු යි.

මෙ ම ලඞ්කාද්වීපයෙහි රජරටැ උතුරාලු නම් ගමෙක් විය. ඒ ගමට නුදුරුතෙනැ ගොපාලයන්1 වසන ගමෙකැ එක් ගොපලුදරුවෙක් රජසින් ගැවැසුණාවූ ශරීර ඇතිව කිලිටු කඩරෙද්දක් ඇඳගෙන උදාසන්හි ම කැඳිත්තක් බී පියා පාදමක් 4 හා කැවිටිලීයක් අතින් ගෙන ගවයන් රක්නා පිණිස වලට යෙයි. දහවල් යන්නෝ නැත. දෙ‍වේලාමැඳැ 5 තෙලේ කාලා පැන් බීපියව යි කියා සවසැ උයා තිබූ පිළිණි කටුඅලයක් දුන. ඒ තෙමේ කටුඅලය ගෙන යන්නේ අතරමගැ සිඟා වඩනා තෙරකෙනකුන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැඳ ඒ කටු අලය පාත්රඟයෙහි පිළිගැන්වී ය. තෙරුන්වහන්සේ කටු අලය 1. - පපදානං 2. භවනා 3. ගවපාලයන් 4. බී පාදමක් 5. දෙවේලාවට මැඳැ




ආරඤ්ඤක වර්ග ය 491

පිළිගෙන සිතනසේක් මේ දරුතෙමේ ඉතා දුඃඛිත ය. එබැවින් මේ දානය ඕහට සපල වන සේ කෙරෙමි යි1 සිතා එතන්හි ම සිට විදර්ශිනා වඩා රහත් ව වැඩහිඳ ඒ කටුඅලය වළඳා වදාළසේක.

අහෝ! බුද්ධපුත්රේ වූ සඞ්ඝයාවහන්සේගේ කරුණාවිශෙෂය ඉතා ආශ්චය්ය්! ායෙක්ම ය.2 හේ ඵසේ ම ය3 ඉඳුරා පිටපොතු4 පමණකුත් නො හැර වැලිපස් නො සෝඩා ලුණුපමණකුත් නො ලා උයන ලද පිළිණි ව ගිය එබඳු කටුඅලය පවා අනුභව කොට බාලදරුවා සැපයේ5 පිහිටුවූසේක් මැයි. ඉක්බිති ඒ ගොපලුදරුවා6 ආයුකෙළවරැ එයින් මියැ එ ම ගමැ අන් ස්ත්රියයක කුසැ පිළිසිඳගත. එකල්හි ඕහට පළමුජාතියෙහි කටු අලය දුන්නා වූ කුශලානුභාවයෙන් නිධානයෙක් උපන්නේ ය. ඒ නිධානය සියල්ලවුන්ට පෙනෙන සේ උතුරාලුවැවැ දියපිටැ පෙරැළීපෙරැළී ඔබැමොබැ7 දිවෙයි. සමහරවිටෙකැ දියෙහි ගිලෙයි. ඉපිලෙයි. එකලැ එක් ගැහැනියක් දියපිටැ පෙරැළෙන නිධානය දැක දිවගෙන ගොස් අතින් අල්වාගත. එකලැ එහි අධිශෘහීත දෙවතාවා ඇගේ අත ඇරැවී ය. එකලැ ඕතොමෝ එක්අතක් ගැලවුණු සේ අනික් අතින් අල්වයි. එවිටැ දෙවතාවා ගැහැනියගේ එක් අතක් නිධානයෙහි ම ඇලැවීය. එකල්හි ගැහැනි අත ඇදගත නොහී තම ඇඳි ඉණකඩ පටන් සියලු ආභරණ ගලවා නිධානයේ බහා දෙවියන්ට යැද අත අරවාගෙන නැවැත නිධානය දසාව 8 බලන්ටත් භය ඇති ව ආපසු නො බලා දිවගත.

එකලැ ඒ නිධානය ස්ත්රි.ය අතින් ගිලිහුණු ඇසිල්ලෙහි ගොස් පොළොවට වන. එකල්හි ඒ ස්ත්රි ය දිවගෙන ගොස් එ පවත් මනුෂ්යොයන්ට කිව. එ පවත් අසා ගම්වැසි මනුෂ්යසයෝ හැම නිධානය දක්නා පිණිස වැවට දිව අවුත් වන්හ. එකලැ කටු අලය දුන් කුමරුගේ මැණියෝ ද ඔහු කුසින් උසුලා අනික් පුතකු වඩාගෙන වැවට ගියහ.9 එකලැ ඒ නිධානය පොළෝතෙලෙන්. උඩැ නැගී දියපිටැ ඔබිනොබ ඇවිදින්ට පටන්ගත. ඒ දැක මනුෂ්යසයෝ වෙන වෙන ම අප ළඟට එව යි අපගේ පිනෙක් ඇත් නම් අප ළඟට එව යි කියකියා සිටියා ය.10 එකලැ ඒ නිධානය මදක් තැන් ඇවිත් ඉදිරිහයහි සිටගත. නැවත ඵ් ස්ත්රීන මා උකුළෙහි හුන් දරුවන්ගේ

1. සපල කෙරෙමියි 2. ආශ්චය්ය්යා සේක් ම ය. 3 . සමසේය. 4. පිටපොත 5. සැපසේ 6. දරු 7. ඔබිනොබ 8. දිසාව 9. ගියාය 10. සිටියාහ







492 සද්ධර්මාේලඞ්කාරය

පිනෙක් ඇත් නම් මා සමීපයට එව යි කිව. එසේ නොඑන1 හෙයින් මාගේ කුසැ වසත දරුවාගේ කුශලයෙක් ඇත් නම් වහා මා සමීපයට එව යි කිව. මෙසේ කී බස හා සමඟ ඒ නිධානය යුහු වදිව අවුත් ඒ ස්ත්රිඑය පැමුලැ සිටගතැ.

එකලැ ඒ ගැහැනි එම්බල නිධානය, තොපට සුදුසු තැනක් දැන ගොසින් සිටගනුව යි2 කිව. ඒ වචනය හා සමඟ පෙරැළිපෙරැළී ගොස් උන්ගේ ගෙයි එක්තෙනෙකැ සිටගත. ඒ නිධානය කුමාරයන් නිසා කළමනා වියදමක් විනා අනික් වියදමක් කළ නොදෙයි. පසුව ඒ කුමාරයන් මවුකුසින් බිහි ව ක්රිමයෙන් වැඩී ශික්ෂාකග්රයහණකාලය සම්ප්රාකප්ත ‍වි ය. එකලැ මේ ලංකාද්වීපයෙහි මනුෂ්යගයෝ පස්ඇවිරිදි කුමාරවරුන් තම තමන් විහවානුරූප ව නොයෙක් ආභරණයෙන් සරහා මහත් වූ මගුලෙන් ශික්ෂාවග්රිහණය කරවති. එසේ හෙයින් ඔහුගේ මව ශික්ෂාහග්රෙහණය කරවන මඟුලෙහි පුතු සරහන්නී එකල්හි පළමු ස්ත්රිඔය නිධානයෙහි බහා ගිය වස්ත්රරය ඇරැගෙන3 පුත්කුමරුවා ඇඳැවුව. 4 එකලැ ඒ වස්ත්රෙය පළමු හිමි ස්ත්රිවය දැක ඇඳිනගෙන මේ මාගේ වස්ත්රසය නො වේ දැයි අල්වාගත. කුමාරයාගේ මව් එ පවත් දැක තමාට ඒ වස්ත්රනය ඇති ගැහැනි තෙපි නාධාන නම් රජ දරුවන් සන්තක බව නො දනු ද ? කිමෙක් ද , තෙපි හලාහල විෂයටත් වඩා ඉතා උග්රස වූ වර්ග විනාශයට කාරණ වූ නිධාන තබාගෙන ප්රහයෝජන විඳු දැයි කියා භය ගන්වා බණන්නී :-

“න විසං විසන්ති අක්ඛාතං , රාජස්සං විසමුච්චතෙ, නාසෙති විසමෙකංච, රාජස්සං කෙවලං කුලං.

තිට්ඨන්ති දහනා දඞඪා, පාදපා නූන කානනෙ, රාජකොපානලා දඞ්ඪාඞ, න තිටඨන්ති නරා තථා.

කාලො වා කාරණං රඤඤා, රාජා වා කාලකාරණං, මා තු තෙ සංසයො හොතු, රාජා වා කාලකාරණං”.

යනාදීත් එම්බා, මේ ලොකවාසී වූ අඥාන සත්ත්වකයෝ විෂ නො වන දෙය විෂ ය යි කියති. සැබෑ විෂයෙක් නම් රජදරු වත් සන්තකවස්තුව ම ය. කාරණ කිම් ද යත්? විෂය කෑ තැනැත්නහු විනා අනිකකු නැසිය නො හෙයි. රජදරුවන් සන්තකවස්තුව සොරා සඟවා ගත් කෙනෙක් ඇත් නම් උන් තබා උන්ගේ දරුමුනුබුරු පරම්පරාව දක්වාත් සියල්ලවුන් ම

1. නොවන 2. ගනැයි 3. හැරගෙන 4. ඇන්දවුව





ආරඤඤක වර්ගුය 493

නසයි. එම්බා, වනාන්තරයෙහි ළැවුගිනි ගත් කලැ පවා අතර තුරේ තේරී සිටිනා වෘක්ෂ යෝ ඇත් ම ය. රජදරුවන්ගේ කොප නැමැති ගිනි ගත්තා වූ මනුෂ්යව නැමැති වනාන්තරයෙහි තේරී සිටිනා මනුෂ්ය කෙනෙක් නැත් ම ය. දරුමුනුබුරන් දක්වාත් මරවාපියති. රජදරුවන්ට වඩා බලී මාර‍යා දෝ හෝ නොහොත් මාරයාට වඩා බලී රජදරුවෝ1 දෝ හෝ යි මෙසේ තොප සිතට සැක වී2 නම් ඊට කිසි සැකයක් නො සිතව. මාරයා කල් යවා බොහෝකලෙකින් මරාගත්තේ ය. රජදරුවෝ කොප වූ ඇසිල්ලෙහි ම මරාපියති. එසේ හෙයින් මාරයාටත් වඩා රජදරුවන් බලීබ‍ව නො දනු දැයි මෙසේ ඒ ගැහැනිය භය ගන්වා බිණුව. ඉක්බිති කුමාරයන්ගේ මව් කියන්නී :-

“යං යෙන විත්තං අනයෙන ලද්ධං, තං දෙති රාජාදිභයං හි තස්ස, නයෙන පපෙපාති ච යො මහාධනං, සකෙකානති නාසං න හි දෙවතාපි. 2

එම්බා, යම්කිසි කෙනෙක්4 යම්කිසි වස්තුවක් අන්යාදයෙන් අයුක්තියෙන් සොරකමින් පැහැර ගත්තාහු වී නම් ඔවුන් රාජරාජමහාමාත්ය දීහු භය ගන්වා මරා තළා ඒ වස්තුවට වඩාත් ඔවුන්ගේ සියලු සැපත පැහැර ගන්නාහ. එසේ වස්තුවට වඩාත් ඔවුන්ගේ සියලු සැපත පැහැර ගන්නාහ. එසේ නො ව යම් කෙනෙක් පූර්ව්ජන්මයෙහි තමන් විසින් කරන ලද්දා වූ කුශලානුභාවයෙන් මහත් ධනරාශියක් ලද්දාහු වී නම්5 ඒ වස්තුව රජදරුවන් තබා ආනුභාවසම්පන්න දෙවතාවෝත් උදුරා ගත නසාගත නො හෙති8 කියමින් මෙසේ උන් දෙපක්ෂපය වස්ත්රෝය මුල් ව කළා වූ කලහකථා ක්රසමයෙන් රජ්ජුරුවන්ට සැළ වී ය. එකලැ රජ්ජුරුවෝ නිධානය නිසා රාජපුරුෂයන් යවූහ. ඔහු ගොස් ධනහිමියන් සමීපයට එළැඹ නිධානය දැක අතින් ඇල්වූහ. එකලැ ඒ නිධානය භයානක ශබ්ද පවත්වමින් ඈතමෑතැ පෙරළෙමින් ඇල්වූ අත එහි ම ඇලැවමින් භය ගන්වා ගත නුදුන්නේ ය. රාජපුරුෂයෝ නිධානයෙහි පවත් රජහට කියා යවූහ.

රජ්ජුරුවෝ එ පවත් අසා විස්මයට පත් ව එසේ වී නම් නිධානයට හා සමග වස්තුහිමියනුත් කැඳවාගෙන එව යි නැවැත මිනිසුන් යවූහ එ පවත් අසා රාජපුරුෂයෝ නිධානය හා සමඟ වස්තුහිමියන් ‍කැඳවාගෙන අවුත් රජහට දැක්වූහ.7

1. මාර රජදරුවෝ 2. සැක වූ 3. දෙවතාහි. 4. යම් කෙනෙක් 5. නමුත් 6. දෙවතාවන්ටත් උදුරාගත නොහැක්ක. 7. වස්තුහිමියන් කැඳවාගෙන ගියහ.





494 සද්ධර්මාාලඞ්කාරය

රජ්ජුරු‍වෝ ආශ්චය්ය්ඞ වත් නිධානය දැක සනතුෂ්ට ව එම්බා, තොපගේ මේ නිධානයෙන් අපටත් වස්තුව දෙව යි කීහ. එකලැ ඔහු අතින් පැන් ගෙන නිධානයට ගැසූහ. එකෙණෙහි ඒ නිධානය මෝවිටීන් නික්ම විස්මයපත් වූ සිත් ඇත්තාහු ඒ නිධානය හා සමග ඔවුන්ට බොහෝ සැපත් දී ඒ ජනපදයත් ඔවුන්ට ම සලස්වා බොහෝ පරිවාර හා සමඟ නික්මවූහ. ඔහු එතැන් පටන් දානාදි වූ බොහෝ කුශලසම්භාරයන් රැස් කොට ගෙන ආයුකෙළවරැ පුත්රජදාරාවන්1 හා සමාග දෙව්ලොවැ උපන්හ.

එසේ හෙයින් යමෙක් ශීලාදිගුණධර්මනයන්ට පරමප්රඔතිෂ්ඨා ධාර වූ බුදුන් දරු සුපිළිපන් සඞ්ඝරත්නය උදෙසා ස්වල්පමාත්රය වූ ත් දානයක් වි නමුත් පහන්සිතින් දුන්ළනේ වී නම් ඒතෙම ප්රපතිභයසහිත වු අතිභයානක මේ සංසාර නැමැති සිගරයෙහි2 දිව්යෙමනුෂ්ය්සම්පත්ති සඞ්ඛ්යාසත සප්තරත්නමය වූ නෞකාවෙකින්3 පිහිට ලැබ චූතිප්රීතිසන්ධියවශයෙන් පිනපිනා කෙළ ඇවිදිනේ මය.4 සොකපරිදෙවදුක්ඛදොමනස්සඋපායාස නැමැති ඡලයෙන් පිරුණා වු, ඡාති ඡරා ව්යාරධි මරණ නැමැති මහත් වූ රළපතර බිඳීම් ඇති, ලොභවෙෂමොහමදමානමාත්සය්ය්ම නැමැති චණ්ඩපරුෂමකරසුංසුමාරාදීන් විසින් ගැවසිගත්තා වූ, මාතුගාම නැමැති උදකරාක්ෂරසීන්ට වාසස්ථාන වූ තෘෂ්ණා නමැති ගඞ්ගාජලයට පිහිට වූ රූපශබ්දා දි පඤ්චකාමකොට්ඨාස නැමැති සළාවැටුම් ඇති පමණ නො දතහැකි දිග පළල 5 ගැඹුර ඇති, පරතෙරක් දැක්ක නොහැකි, සංසාර නැමැති සාගරයෙහි චුතිප්රබතිසන්ධිරවශයෙන් ගැලෙමින් ඉපිලෙමින් වතර්ක නැමැති කරඞ්ගවෙගයෙන් පහරන ලදු ව ‍කෙලශ නැමැති සැඬදියවතුරෙන් ගෙන යන ලදු ව අපාය නැමැති වඩබාමුඛයෙහි 6 වැ‍ටී අනයව්ය සනයට පැමිණෙන්නා වූ සත්ත්ව සමුහයා සේ7 ඵබදු මහදුක්8 නො විද කුසල් කළ සත්ත්වනයෝ තමන් විසින් කරන ලද කුශලබලයෙන් ජනිත වූ සම්පත්තිසම්භාර නැමැති මහනැවට නැගී රන්රුවන් මුතුමැණික් දැයි දස් ගවමහිසාදීන් හා ඇත්අස්රථසේනාවාහන සමෘද්ධි නැමැති පෙළපෙළ දිවෙන9 රළපතර බලබලා10 සතුටු ව :-

1. පුත්රෙදාරයන් 2. සංසාරසාගරයෙහි 3. රත්නනෞකාවකින් 4. ඇවිදිනේ හෙවත් 5. දිග සරස 6. ක්ලෙශ නැමැති වඩබාමුඛයෙහි 7. සත්ත්වේසමූහයාගේ 8. මහත් දුක් 9. දිව්යම 10. රළපතර බලා







ආරඤඤක වර්ගවය 495

“සද්ධාය පුඛෙඛ කතපුඤ්ඤතෙජසා ලද්ධං මයා සබ්බමිදං විභුතිං, දිස්වා නරො අත්තහිතො හිතෙසකො කො නාම පුඤඤං න ‍කරෙය්ය් පඤඤවා.”

යනාදීන් උදන්ගී කියකියා තමා හා එකාත්මික වූ මිත්ර. පුත්රෙකලත්රාඛදීන් හා පරිවාරජනයන් පිරිවරා නිත්යමස‍න්තොෂයෙන් පින පිනා නොයෙක් කෙළිනළුයෙහි නියුක්ත ව සැප සේ වසන්නාහු ම ය.

කියන ලදුයේ මැයි :- “යො වෙ ගුණාධාරජින්ර්- සජානං, අප්පම්පි සද්ධාය දදානි දෙය්යං‍, ස පෙච්ච 1 සංසාරමහාවිදු‍ගෙග, සම්පත්තිනාවාය පතිට්ඨමෙති” යි.

මේ මෙහි සතර වන උත්නරොලියවස්තුව ය. ______

51. පුවපබ්බතවාසීතිස්සස්ථවිරවස්තුව තවද මෙහි පස් වන පු‍වපබ්බතවාසී * තිස්සස්ථවිර වස්තුව නම් කවරැ යත්?

හේ මෙසේ දතයුතු :-

අප මහාගෞතම බුදුන් බුදු වන්නාට පළමු ව මෙ ම කපැ තුන් වන අන්තඃකල්පයෙහි බුදු වූ “කාශ්ය ප” නම් බුදුරජාණන්වහන්සේ ලොවුතුරා බුදු ව මුළුලොව බබුළුවා තුන්ලෝතිලකයක් සේ වැඩහිඳ දහම් නැමැති අමාවැසි වස්වමින් කෙලෙස් නැමැති ගිම් 2 නිවා මුළුලොව සනහමින් සියල් ලෝවැසියන් ගෙනහැර නිවන්පුරැ පුරවමින් වැඩවසන සමයෙහි 3 එක් දනව්වැසි පුරුයෙක් වෙළඳාමින් 4 ජිවත් ව වසනුයේ එක්කලෙකැ රන්වන් 5 සිරියෙල්සුණු විකුණමින් ගම්නියංගම් රාජධානි ආදියෙහි ඇවිදිමින් ගොස් පිටිසර ගමකට පැමිණියේ ය. එකල්හි ඒ ගමැ යෞවනස්ත්රි යක් ඔහු දැක සමීපයට කැඳවා ඕහට මිල දී සිරියෙල්සුණු ඇරැගෙන ඉක්බිති ඒ වෙළඳාණන් ඒ දවස් අහරක් නොලත් 6 බව දැන අතට 7 පැන් දී ඉන්ට සලස්වා ඔහට හැල්සාලේ 8 බතක් ලා 9 සුවඳ ගිතෙල් හා සමඟ මොනරමසක් එළැවූය 10 1. සො පෙච්ච 2. - ගිනි 3. පුරන කල්හි 4. වෙළඳාම් කොට 5. රුවන් 6. නොලද 7. අතපයට 8. ඇල්සාලේ 9. හා 10. එළවූහ පූවගාලවාසී -(සහ) පුර්වවපබ්බතවාසී (ඇතැම්)



496 සද්ධර්මා-ලඞ්කාරය

එකෙණෙහි එක් බල්ලෙක් සයින් පිඩිත ව වෙවුළවෙවුළා දෙකොළින්1 කෙළධාරා වගුරුවමින් ඔහු පෙරටු ව සිටියේ ය. එකලැ වෙළඳපුත්රේයා සුනඛයගේ දුඃඛිතභාවය දැක කරුණාවෙන් කම්පිත වූ සිත් ඇති ව මොනරමස් හා සමග ගිතෙලින් අනා මහත් බත්පිඩක් වටා ඔහු පෙරටුව තිබී ය. එකලැ සුනඛයා ඒ බත අනුභව කොට සතුටු ව නගුට සලමින්2 සතුට 3 දක්වා වෙළඳාණන් මුහුණ බලබලා සිටියේ ය. එ පවත් දැක වෙළඳපුත්රසයා ද සතුටු ව සොම්නසින් පිනා ප්රාාර්ථනා කරනුයේ :-

“අනෙන පුඤඤෙන භවෙභවෙහං, මයුරමංසෙන ඝතෙන මිස්සං, ලභෙය්යසමග්ගං සුචිසාලිහත්තං , අනෙත තු නිබ්බානපුරං භජෙය්යං ” යි.

මේ මා කළා වූ කුසලයෙන් මේ ජාතියෙහි පටන් උපන් යම් ම ජාතියෙකැ සුවඳ ගිතෙල්මුසු මොනරමස් හා සමඟ කු‍පඩු නොමැති ව ඉතා නිර්මටල වූ උතුම් රත්හැල්සාලේ බත් සැප සේ ම ලැබෙම්ව යි, මෙසේ කැමැති කැමැති සැපත් විඳ කෙළවරැ අමාමහනිවන් දකිම්ව යි ප්රා්ර්ථනා කෙළේ ය. මෙසේ ඒ වෙළඳපුත්රැයා මෙපමණ කුසලයක් කොට ජිවිතාවසානයෙහි දෙව්ලොවැ උපත4 එක් බද්ධාන්තරයක් මුළුල්ලෙහි අපමණ දිව්යදසම්පත් විඳ එයින් අවුත් 5 මිනිස්ලොවැ පන්සියයක් ජාතියෙහි ඉපද ඒ උපනුපන් ජාතියෙහි ගිතෙල්මුසු 6 මොනරමස් හා සමඟ සුවඳ රත්හැල්සාලේ බත් ම ලද්දේ ය.

ඉක්බිති අප බුදුන් පිරිනිවි පසු මෙ ම ලඞ්කාද්වීපයෙහි මහවැලිගංඅසැ පුගලු නම් ගමැ එක්තරා කුලගෙයෙකැ 7 උපත, දෙමවුපියෝ ඕහට තිස්ස ය යි නම් තුබුහ. ඒ තෙමෙ යෞවනඅවස්ථාවට පැමිණි සහඹු ව රැකෙනුයේ ගිහිගෙයි ආදීනව හා මහණ වීමෙහි අනුසස් අසා සියලු සැපත් හැර පූගලු නම් විහාරයට ගොස් මා මහණ කළ8 මැනැවයි භික්ෂූසන්වහන්සේ අතින් පැවිදි ඉල්වී ය. එකලැ භික්ෂූාන්වහන්සේ ඔහු මහණ කොට උපසම්පදා කරවූසේක. ඒ තිස්ස නම් තැනැත්තවුන්වහන්සේ එතැන් පටන් රැදෙවෙහි අප්රදමාද ව වීය්ය්ින් වඩා භාවනා කරනසේක් නොබෝකලෙකින් ම උතුම් වූ රහත්බවට පැමිණ මුලුලොවට අග්රේදක්ෂි්ණිය වූසේක නුවණැති සේක. බුදුන් වදාළ ත්රිෂපිටකධර්මනය ඉගෙන නිමවා පූගලුතිස්ස. මහතෙරුන් වහන්සේ ය යි. මුළු ලක්දිවැ ප්රතසිද්ධවූ‍සේක.

1. දෙතොලින් 2. වනමින් 3. සාදර 4. ඉපද 5. ඇවිත් 6.ජාතියෙහි ගිතෙලින් මුසු 7. කුලයෙක 8 . මහණ කොට වදාළ




ආරඤඤක වර්ගුය 497

ඒ තෙරුන්වහන්සේගේ පාත්ර ය යම්කිසි ඉසුරුමත් කෙනෙක් වත් ඉදින් දිළිඳු කෙනෙක් වත් ගත්තාහු වී නම් ඔහු1 උන් වහන්සේට සුවඳගිතෙල් මුසු මොනරමන් හා සමඟ2 රත් ඇල්සාිලේ බත් ම පුරා දෙති. මෙ ම කුමයෙන් සැටහවුරුද්දක් ඉක්මුණු කල්හි දවසෙකැ එක් අමාත්ය්පුත්රතයෙක් සිතනුයේ මේ තෙරුන්වහන්සේට ඇම දවස් ම සුවඳ ගිතෙල්මුසු මොනර මස් හා සමඟ රත්හැල්සාලේ බත් උපදනේ ය යි බොහෝ දෙන ම කියති. මා විසින් ඒ කාරණය පරීක්ෂාස කළ මැනැවැයි සිතා තමාගේ ගෙට ගොස් ‍රාත්රිියෙහි භාය්යාුය වට කියනුයේ එම්බා සොඳුර , සෙට දවස් මම පුගලැ වසන තිස්ස මහතෙරුන් වහන්සේට අනක් දෙනු කැමැත්තෙමි, තෙරුන්වහන්සේ මෙතනට වැඩි කල්හි නිමුඩුසාලින් 3 කුඩුමසුකැඳක් පිස වළඳවා වේලා ආසන්න වූ කල්හි පලාමාළුවක් හා කාඩිඇඹුල් දෙවනු කොට නිමුඬුසාලේ 5 බත් වළඳවා ලව යි විධාන කොට ඒ රාත්රිිය පහන් වූ කල්හි තුමු විහාරයට ගොස් තෙරුන්වහන්සේ වැඳ ස්වාමිනි, අද මට අනුග්රුහ කළ මැනැවැයි ආරාධනා කොට තුමු කිසි කාරියෙකැ ගියා සේ අනික් තෙනකට4 ගියහ.

ඉක්බිති අමාත්යයපුත්රවයාගේ ගෙයි වසන දෙවතාවෙක් ආත්රිි භාගයෙහි භාය්යාි ව හා සමග මන්ත්රිණය කරන්නා වූ අමාත්යරපුත්ර්යාගේ වචනය අසා මූ හැම තෙරුන්වහන්සේ පූර්වයජන්මයෙහි කළා වූ කුශලයෙන් හා ප්රාාර්ථනාබලයෙන් සිද්ධ වන විපාක ‍විශෙෂය කිසිකෙනකුන් විසින් වැළැකිය නොහැකි බව තමන්ගේ දිව්යකඥානයක් නැති හෙයින් නොදන්නාහු ම ය යි සිතා එ ම ගෙයි මහලුමිනිසකු සිටියෙන් සුවඳගිතෙල්බදනක් හා මොනරමස් ද රත්හැල්සාල් ද යන සියල්ල ම ඇරැගෙන ගෙට අවුත් අමාත්ය්යාණන්ගේ ඈඹෙණියන්ට දින. මේ කොයින් ගෙනවු දැයි විතාළවුන්ට එම්බා මෑණියෙනි,5 සුඹගේ හිමි වූ 6 අමාත්ය පුත්රවයාණෝ අතරමඟැ මා දැක එම්බල, අද මම පුගලැ වසන දානොපකරණ ගෙන ගොස් අපගේ ගෙට දී කියන කලැ මේ දානොපකරණ ගෙන ගොස් අපගේ ගෙට දී කියත කලැ මින් ඉඳුරා බත්මාළු පිස තෙරුන්වහන්සේ වළඳවාලන්ට කියා ලව යි මා අතැ මේ හැම එවුසේකැයි කියා දෙවතාවා අන්තද්ධාන විය.

අමාත්යායාණන්ගේ භාය්යා වෝද, එ පවත් අසා ඉඳුරා එයින් බත් මාළු පිස තබා තෙරුන්වහන්සේ වැඩිකල්හි පාත්රරය ගෙන

1. ඔවුහු 2. සුවඳගිතෙල් හා මොනර මසින් යුක්ත වූ 3. නිවුඩු 4. තැනකට 5. ගෙනවු දැයි උන් විචාළ කල්හි දිව්යනපුත්ර යා කියනුයේ එම්බා මෑණියෙනි 6. නුඹගේ ගෙහිමී වූ .





498 සද්ධර්මා6ලඞ්කාරය

හිඳිනා අසන් පනවා වැඩ උන් කල්හි සුවඳගිතෙල් හා මොනරමසින් 1 යුක්ත වූ සුවඳැල් 2 ස‍ාලේ බත වැළැඳවූහ. තෙරුන්වහන්සේ වළඳා ඉක්බිති විහාරයට ම වැඩි සේක. ඉක්බිති අමාත්යේපුත්රහයා අවුත් අද තෙරුන්වහන්සේට දන් දුනු දැයි භාය්යාේක ව අතින් විචාළේ ය. එකලැ භාය්යාෙ ව නුඹ එවූ ගිතෙල් හා මොනරමස්3 ඇල්සාල් 4 ආදි වූ උපකරණයෙන් බත්මාළු පිස තෙරුන්වහන්සේ වැළැඳවීමි 5 කිකල්හි අමාත්යවපුත්ර යා සොඳුර, මා එවු උපකරණයෙක් නැත. ඒ ගෙනාවෝ කවුරු දැයි විචාළේ ය. අපගේ අසවල් මහලු මිනිසාණෝවේද ගෙනාවෝ ය6 යි කීකල්හි ඔහු අතිනුත් විචාළේ ය. 7 ඒ පුරුෂයා විසිනුත් එසේ වූ දෙයක් මා ගෙනායේ 8 නැතැයි කි කල්හි , ඒ අමාත්යායාණෝ තෙරුන්වහන්සේගේ කුශාලානුභාවයෙන් දෙවියන් කළ දෙයෙක් ම ය යි සිතා දන්පින් කළවුන් 9 ලබන්නා වූ කුශලවිපාකය කිසි කෙනකුන් විසිනුත් වැළැකිය නොහැක්කැයි කියා බුදුසස්නෙහි පැහැද එතැන් පටන් තමා ශක්තිපමණින් මහදන් පවත්වා දානපති වූ හ.

තෙරුන්වහන්සේ වනාහි ජීවිතාන්තය ‍දක්වා පින්බෙලෙන් ලබන ලද එබඳි ආහාරය ම අනුභව කොට කෙළවරැ පරිනිර්වාාණ මඤචකයෙහි සැතැපුණුසේක් විහාරයෙහි සන්නිපාතහෙරිය ගස්වා භික්ෂූබන්වහන්සේ රැස් කරවා තමන්වහන්සේ පිරිනිවන් පානා බව කී සේක . එකලැ භික්ෂූ්න්වහන්සේ ස්වාමීනී, නුඹ වහන්සේ මහපිනැති සේක. නුඹවහන්සේගේ කුශලවිශෙෂය ලක්දිවැ ඇම තන්හි ම ප්රහසිද්ධ විය. පූර්වනජන්මයෙහි නුඹවහන්සේ කවර කුශලයක් කොට මෙබඳු විපාකයක් ලත්සේක් දැයි විචාළසේක. එ තෙපුල් අසා තෙරුන්වහන්සේ ගිය දවසැ තමන් වහන්සේ කළ කුශලය ගෙනහැර දක්වන සේක් :-

“ඉමස්මිං භද්දකෙ කපෙප, කස්සපො නාම නායකො. උප්පජ්ජි ලොකනයනො, සබ්බසත්තහිතෙ රතො.

මනොසිලාවික්කයිකො, අහොසිං වාණිසිජො තදා, තෙන කමෙමන ජිවාමි, අභිණඩනෙන‍ා තහිං තහිං.

අථෙ ‘කදා වණිජජත්ථනමගමිං ‘ ජනපදං තදා, තත්ථෙම ‘කස්මිං කුලෙජාතා, දිස්වා මං කුලදාරිකා”

යනාදීන් එම්බා ඇවැත්නි, මම මේ මහාභද්ර කල්පයෙහි තුන් වැනි ව බුදු වූ කාශ්යනපබුදුන් සමයෙහි රන්වන් වූ සිරියෙල්

1. - මස් 2. සුවඳ ඇල් 3. මොනර මසින් යුක්ත වූ. 4. හැල්සාල් 5. වළඳවාලිමි. 6. ගෙනාවේය යි 7. විචාර 8. ගෙනාවේ. 9. දෙයෙක්ම යයි දැක පින් කළවුන් 10. වණිජජත්ථසගිමිං.



ආරඤඤක වර්ග්ය 499

සුණු ගෙන වෙළඳාම් කොට ඒ ඒ තැනැ ඇවිදිනෙම් මිල ගෙන එක් කුලකුමාරිකාවකට සිරියෙල්සුණු දිනිමි. ඕතොමෝ මා එවේලා වන තෙක් ආහාරයක් අනුභව නොකළ බව දැන ඉන්ට සලස්වා අතට පැන් දී රත්හැල්සාලේ බතක් හා සමඟ සුවඳ සොඳ ගිතෙල් හා1 මොනරමස් එළැවුව. එකෙණෙහි සාදුකින් පීඩිත වූ සුනඛයෙක් වෙවුළ වෙවුළා අවුත් මා ඉදිරියෙහි සිටියේ ය. ඔහු දැක කරුණාවෙන් කම්පිත වූ මම ගිතෙල් හා මොනරමස් එක් කොට අනා මහත්බත්පිඩක් ඔහු අනුභව කරවිමි. 2 එම විටැ සුනඛයා ලබන ලද බල ඇතිව සතුටින් මා මුහුණ බලා සිටියා දැක මම ද සතුටු ව එවිටැ මේ බල්ලාට බත් දුන් කුශලයෙන් මේ ජාතියෙහි පටන් උපනුපන් යම් ම ජාතියෙකැ සුවඳ ගිතෙල්මුසු මොනරමස් හා සමඟ රත්ඇල්සාලේබත් සුව සේ ලැබෙම්ව යි ප්රාලර්ථනා කෙළෙමි.

පසු ව එ ම ආත්මභාවයෙන් සැව දෙව්ලොවැ ඉපිද නොයෙක් සියගණන් සප්තරත්නමය කන්කුළුපෙළින් 3 හා ධවජමාලාවෙන් හා සැදුම් ලත් දිව්යතමාලිගාවලැ සිය දහස් ගණන් සුරසුන්දවරින්ගේ නෘත්යදගීතවද්යාගදියෙන් සන්තුෂ්ට වෙමින් මනොනුකූල දෙවඟනන් හා මහත් දිවසෙනඟ පිරිවරා බොහෝ කාලයක් මුළුල්ලෙහි ආශ්චය්ය්ෙව වත් වූ දිව්යබසමපත් වළඳා 4 එයින් අවුත් මිනිස්ලොවැ රජ බමුණු වෙළඳ ගොවි ආදි වූ5 උතුම් කුලවලැ ඉපද එම දිව්ය්ලොකය පරිද්දෙන් ප්රදමාණාතික්රාමන්ත වු ඇසිදස්ගවමහිසාදීන් හා රන්රුවන් මුතුමැණික් ආදි වූ සවිඥානක අවිඥානක සියලු සම්පත්තීන් සමෘද්ධ ව ඇත්වාහන ‍අස්වාහන රථවාහන ඉ‍දෝලි දෝලිකූනම් ආදි වූ කැමැති කැමැති වාහන නැගී මහසෙනඟ පිරිවරා නොයෙක් ක්රී‍ඩායෙහි යෙදී ඇවිදිමින් අවශෙසජනයන් හා බන්ධුවර්ගායා විසින් පුදන ලදුව පළමු කළ ප්රාඅර්ථනා වූ පරිද්දෙන් ශාලිභොජනාදීන් සන්තුෂ්ට වෙමින් පන්සියයක් ජාතියෙහි මනුෂ්යෙසම්පත් වින්දෙමි.

දැන් මේ කෙළවරැ ආත්මභාවයෙහි ඒ කළ ප්රාිර්ථනා වූ පරිද්දෙන් සුවඳගිතෙල් හා මයුරමාංසයෙන් යුක්ත වූ රත් හැල්සාලේ බත් නිරතුරු ව ලැබෙමි. 6 එබැවින් පිනැත්තවුන් 7 තමන් කළ කුසලබලයෙන් ලබන්නා වූ විපාකවිශෙෂය මනුෂ්යමයන විසින් තබා ආධිපත්යතය ඇති සියල්ලවුන්ට අග්ර ය යි කියන 8 මාරයා විසිනුත් වළකා ගත නොහැක්කේ ය. තුන්සිත පිරිසිදු ව9 පෙරැ කළ පිනින් වන දෙය කාවිසිනුත් වැළැකිය

1. බතක් සුවඳ සොඳ ගිතෙල් හා 2. කරවා 3. නන්කුළුපෙළින් 4. අනුභව කොට 5. රජබමුණු ආදී 6. ලැබෙන්නෙමි - ලබමි. 7. පින් කැමැත්තවුන් 8. යන 9. පිරිසිදු කර ගෙන





500 සද්ධර්මා ලාඞ්කාරය

නොහැක්කේ ම ය. දැනුදු යම් කෙනෙක් බලු කපුටු 1 ආදි වූ යම්කිසි තිරිසනක්හට කම්පල අදහා ඔහු කුස ගන්නා පමණ ආහාරයක් දුන්නාහූ වී නම් ඔහු සේ ම දිව්ය සම්පත්තිය මනුෂ්යුසම්පත්තිය නිවන්සම්පත්තිය යන ත්රියවිධසම්පත්තිය සැප සේ ලබන්නාහු ම ය යි. මෙසේ තෙරුන්වහන්සේ භික්ෂූතසඞ්ඝයා මධ්යියෙහි තමන්වහන්සේ පූර්විජන්මයෙහි කළා වූ කුශලකර්මභය මේ යථොක්ත ගාථා තුන ඇතුළු ව ගාථා තෙළෙසෙකින් ප්රකකාශ කොට දක්වා අවවාද කොට පිරිනිවිසේක.

තෙරුන් වහන්සේ වදාළ ධර්මමකථාව අසා මහාජනයෝ දානාදි වූ පින්කම් කොට බොහෝදෙන දෙව්ලොවැ උපන්හ. මෙසේ ස්වල්ප වූ දානයෙන් පවා ශ්ර ද්ධාවන්ත සත්ත්ව‍යෝ ඉතා අද්භූත වූ ආශ්චය්ය් ප සහිත 2 අපමණ විපාක ලබන්නාහ. දාන පතී ව බොහෝ දන්පින් කළා වූ ශ්රයද්ධාවන්තයන් ලබන විපාක ප්ර්බන්ධවය බුදු නො වූ කවරෙක් නම් කියා නිමවා ද ? තමා දිවිපමණිනුත් මෙ තෙකැයි කියා නිමවාපිය 3 නොහෙන්නේ ම ය.

කියන ලද මැයි :- “අප්පෙන දානවිධිනාපි ජානො පනෙවං අචෙඡරමබ්භුතතරං ලභතෙ විපාකං, දානස්ස දානපතිනොපි බහුප්පදස්ස කො වා වදෙය්යි සුවිරම්පි ඵලං අබුද්ධො” යි.

මේ මෙහි පස් වන පූවපබ්බතවාසීතිස්සස්ථවිරවස්තුව * ය

මෙ තෙකින් මේ සද්ධර්මාිලඞ්කාරයෙහි ආරඤ්ඤකවර්ගය නම් වූ තෙළෙස් වන පරිච්ඡෙදය නිමි. ____________

14. පරිච්ඡෙකය

14. කාකවර්ණුවර්ග ය 
52. කාකවර්ණුතිස්සරාජවස්තුව

තවද මේ සද්ධර්මාකලඞ්කාරයෙහි තුදුස් වන කාකවර්ණ්වර්ගමය නම් කවරැ යත් ?

එහි පළමු වන කාකවර්ණවතිස්සරාජවස්තුව මෙසේ දත යුතුයි. 1. කුකුළු 2. ආශ්චය්ය්තුවවත් වූ 3. නිමවිය * සිහළවත්ථුහයෙහි එන මනොරමමංස තෙරුන්ගේ කථාව මෙය බව හැ‍ඟේ.


කාකවණ වර්ගෙය


හේ කෙසේ ද යත්? 501

ඒ කාවන්තිස් නම් රජ්ජුරවෝ වනාහි දානශිලාදි වූ දශප්රවකාර පාරමීධර්මායන්1 පුරා මස්තකප්රා ප්ත කොට ලොවුතුරා බුදු වන්නා වූ එක්තරා බුදුකෙනකුන් වහන්සේට ඒ බුදු වන ජාතියෙහි 2 ජනක වූ පියතනතුරු ලැබමේව යි3 ප්රාඒර්ථනා කොට කල්පලක්ෂ යක් මුළුල්ලෙහි නිරතුරුව වඩනා ලද එකාකාර වීය්ය්නක ඇති ව 4 බොහෝ කුශලසම්භාරයන් රැස් කෙරෙමින් චුතිප්රවති සන්ධිවවශයෙන් දිව්යෙමනුෂ්යාසම්පත් විඳ සසරැ ඇවිදිනාහු අප මහාගෞතම බුදුන්ගේ මේ බුදෙධාත්පාදයට පූර්වාභාගයෙහි දඹදිවැ වැද්දන් වසන ජනපදයෙහි පසල්ගමෙකැ වැදි ව ඉපිද* වැඩිවිය පැමිණ සහඹුව රැකෙන්නාහු ය.5 දවසෙකැ පසේබුදුකෙනකුන් වහන්සේ දැක ඹබගේ ශාන්තදාන්ත වූ ඉරියාපථයෙහි පැහැද සමීපයට එළැඹ බණ අසා පහන්සිත් ඇතිව පසේබුදුන් වහන්සේට ආරාධනා කොට එතැන් පටන් වනමුල්පලාපලකැඳබත් ආදියෙන් උපස්ථාන කෙරෙමින් මෙසේ ශ්ර්ද්ධාවන්ත ව වසන්නා වූ ඒ වැදිපුත්රකයාණෝ තමන් වසන ගෙයවටැ අල කෙසෙල් පොල් පුවක් අඹ කොස් ආදි වූ ඵලවෘක්ෂවයන් රොපණය කළහ.

එයින් එක් කොස්පැළයක් මහත් ව නොබෝකලෙකින් පනාමලක් ගෙන ක්රනමයෙන් මුහුකුරා විලිකුන් ව කොස්පැළය නමා සිටගත. ඒ දැක වැදිපුත්‍ෙකයාණෝ වැළය කඩා ගසින් බාගෙන තුවටුව 6 අල්වා සොලවා වැළවසල්ල වෙන් කොට පහ කළහ. එකලැ ඒ අවකාශයෙහි7 රන්සිරියෙල් 8 කල්කයක් මෙන් රන්වනු වූ වැළපැණි පුරා සිටගත. ඒ දැක වැදිපුත්රොයාණෝ මේ අග්රක වූ ඵලරසය අනිකක්හට සුදුසු නො වෙයි. ම‍ාගේ පසේබුදුන්වහන්සේට ම සුදුසු ය. එසේ හෙයින් උන්වහන්සේ ට ම පිළිගන්වමි සිතා එකත්පස් කොට තබා පසේබුදුන් වහනසේ වැඩිකල්හි පසඟ පිහිටුවා වැඳ පාත්රඑය ගෙන වැළපැණි පුරා පිළිගන්වා ප්රාකර්ථනා කරන්නාහු :-

“ඉතො වවිත්වාින භවෙ භවෙ ‘හං මහිද්ධිකො ධනවා සීලවා ච, සදෙධා මුදු දානපති ව හුත්වාෙ සගගාපවගගං අහිසමීභුනෙය්යාව”

1. පාරමිතාවන් 2. ජන්මයෙහි 3. ලැබේවයි 4. ඇති 5. රැකෙන් නාහු 6. තටුව 7. ආකාශයෙහි 8. රත්සිරියෙල්. * ලක්දිව මලයරට එක්තරා දනව්වෙක චණ්ඩාලයක් ව උපන් බවත් එකල “වරක” නම් වූ බවත් ධාතුවංශයෙහි එයි.






502 සද්ධර්මා ලඞ්කාරය

යනාදීන් මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනුපන්ජාතියෙහි මහත් කුශලබලඍද්ධි ඇති වෙම්ව යි, බොහෝ ධනධාන්යව ඇති වෙම්ව යි, අත්යඍන්තනිර්මිල වූ සීලාචාර ගුණයෙන් යුක්ත වෙම්ව යි, නාරන්තරයෙන් තුනුරුවන් කෙරෙහි අචලශ්රතද්ධා ඇති වෙම්ව යි, අසන්නවුන්ට කන්කලු වූ මොළොක් තෙපුල් හා මෘදුගුණ ඇති වෙම්ව යි, ඇම කල්හි ම ශ්රකද්ධාසම්පන්න ව දානසම්පත්තින් යෙදී දානපති ව මහදන් පවත්වා ස්වර්ග මොක්ෂමසම්පත්ති සිද්ධ කට හෙම්ව යි1 කියා ප්රාගර්ථනා කළහ.

ඉක්බිති පසේබුදුන්වහන්සේ එ දවස් වැළපැණි වළඳා ඕහට අනුග්ර හ පිණිස එතැන් පටන් එ ම පන්සලැ ම වසනසේක් නිරන්තරයෙන් ඔහුගෙන් ම අහර පිළිගන්නාසේක. මෙසේ කල්යාමක් ගියකලැ2 දවසෙකැ වැදිපුත්රරතෙම කිසි කටයුත්තක් නිසා4 බැහැර ‍යන්නේ තමාගේ භාය්යාගන ව කැඳවා සොඳුර, අද මම දාවල් තබා පස්වරු කොට එමි. ම‍ාගේ පසේබුදුන් වහන්සේ වැඩිකල්හි4 ඉඳුරා වළඳවාලව යි සම්මත කොට ගියේ ය. පසේබුදුන්වහන්සේ ද, වේලා පරීක්ෂා4 කොට අඳනා සිවුරු වට සම කොට හැඳ සිපුළිසන් ව ගැට වටුගන්වා පාත්රඩය අතින් ගෙන ශාන්ත වූ සිත් ඇති ව සන්හුන් ඉඳුරන් ඇති ව වියදඬුපමණින් වඩා නො බලා සන්හුන්පියොවින්5 අවුත් වැදි පුත්‍ුපයගේ දොරැ සිඟා සිටිසේක. එකලැ ඔහුගේ භාය්යා්පි තොමෝ පසේබුදුන් වැඳ පාත්රමය ගෙන ඉඳිනා අසුන් පනවා පසේබුදුන් වැඩඋන් කල්හි අහර වැළැඳවූවා ය. 6 ඉක්බිති ඔබගේ රූපශ්රීන බලබලා සිටියා7 ලොභ උපදවා රාගයෙන් අන්ධබ ව මොහයෙන් මුස ව පසේබුදුන් තමා වශගත්වුයට පමුණුවා ගන්මි සිතසිතා මිරිඟුපානයට උත්සාහ කරන්නීයක මෙන් සරාගීන් විසින් ලොභ කටයුතු වූ ප්රතදෙශ දැක්වීම් ආදි වූ තමාගේ නොයෙක් ස්ත්රී්විලාස දක්වා අනෙකප්රසකාර කෙළි සිනා මුසු කොට ළදබොළඳ විදග්ධ ව ස්ත්රී්මායම් දක්වා කියමින් 8 තමාගේ මනොරථය සිද්ධ කොට ගන්නා පිණිස පසේබුදුන් ලොභ කරවමි යි9 උත්සාහ කරන්නා වූ වැදි වනිතා තොමෝ :-

“නනු නාම මනුස්සෙන 10 ගුත්වා කාමං යථා සුඛං , යොබ්බනං අවිරාධෙත්වාව, 11 පච්ඡා තපසි වනතියං, 12

1. සිද්ධකොට හෙම්වයි - සිද්ධවීමට හෙතු වේවයි 2. කල්ගියකල 3.පිණිස 4.වැඩිකල 5. ශාන්තවූ සිත් ඇතිව සන්හුන් පියොමින් 6. වළඳවා 7. සිටියා වූ ඈ 8. ස්ත්රී මායම් කියමින් 9. කරවම්හයි 10. මනුස්සෙහි -(ධාතු) 11. අවිනාසෙත්වා 12. වන්තිසො.





කාකවර්ණත වර්ග ය 503

ජාණේණන වජිතො ධම්මො, න නස්සති න දුස්සනි, චිත්තසසෙකග්ගතා හොති, ලොකෙන ච පසංසියො.

මතෙතහරාජං යො මොහා, ඛන්ධෙොය්යය මක්කටංසුනා, යොබ්බනෙ රාගමතෙහබන්ධරනං 1 තපසා තථා.

නත්ථබඤ්ඤං මධුරං හනෙත, පඤචකාමසමං භුවි, මා මොහෙන විරාධෙථ, උහො ගනෙත රමාමසෙ”

යනාදීන් ස්වාමීනි, මනුෂ්යෙයා විසින් නම් යෞවනඅවස්ථාවෙහි බාලවයස නො වරදවා සැප සේ පඤචකාමරසය අනුභව කොට වයොවෘද්ධ අවස්ථාවෙහි 2 තපස් කටයුත්තේ ය. එසේම මහලු අවස්ථාවෙහි රක්නා ලද සීලසමෘධි ආදි ගුණධර්මායෝ නො නස්නාහ. කාමක්රොකධාදීන් විසින් දූෂ්ය ද නො වන්නාහ. චිත්තය ද එකාග්රයතාවට 3 පැමිණෙන්නේ ය. ලොකවාසීන් විසින් ප්ර‍ශංසා කටයුතු වන්නේ ය ඉදින් මේ ලොකයෙහි මොයයෙන් මුඪ වූ යම්කිසිවෙක් ත්රිරමදගලිත වූ හස්තිරාජ‍යකු රඳවමි යි මකුළුහුයෙකින් බැඳ නොයෙක් උත්සාහ කොටත් යම් සේ රඳවාලිය නො හේ ද, 4 එපරිද්දෙන් ම යෞවන අවස්ථාවෙහි රාග නැමැති මතැත්හු තපස් නැමැති රැහැනින් බැඳ රඳවාලිය නොහෙත්තේ ය. තවද මේ ලොකයෙහි පඤචකාමරසය හා සමාන වූ අන්5 කිසි රසයෙක් නැත. එසේ හෙයින් ස්වාමීනි, මොහයෙන් මූඪ ව බාල අවස්ථාවෙහි යෞවනරසය අපවත් නොකළ මැනැව. දෙදෙන එක් ව සිත් වූ පරිද්දෙන් කාමසැප අනුභව කරම්හ යි කිව. මෙසේ අමෙධ්යෙයෙහි රස වර්ණ නා කරන නීලමක්ෂි කාවක සේ ඈ කියන බස් අසා පඤචකාමය පිළිකුල් කොට දක්වන ‍පසේ බුදුන්වහන්සේ :-

“අටර්යමසඞ්ඛලූපමා6 කාමා, කාමා සපපසිරූපමා,7 අග්ගිකාසූපමා කාමා, කාමා සතතිසිබූපමා, 8

යෙ කාමා 9 පතිසෙවන්ති, 10 මොහෙනෙත්ථක පුථුජජනා, භාගිනො සබ්බදුක්ඛස්ස, හොනති ආපායිකා තථා”

යනාදින් එම්බා, මෙ පඤචකාමයෝ නම් ස්වල්ප වූ ආස්වාද ඇති හෙයින් ඇටසැකිල්ලක් වැනියහ. අනෙකප්ර කාර භය එළවන හෙයින් සර්පථමුකයක් වැනියහ. ශරීරය දාහ කරවන හෙයින් සකළගුරු ගිනිවළක් වැනි‍යහ. ශරීරය විනිවිද වේදන.

1. මතෙතහං බන්ධරනං 2. අවස්ථාවට පැමිණිකල්හි 3. එකාග්රවතාවයට 4. රඳවාගත නොහැක්කේ ද 5. අනික් 6.අට්ඨකඬ්ඛලුපමා 7. සපපසීසු පමාපිච 8 සතතිසුලුපමා 9 කාමෙ 10 පටිසෙවනති



504 සද්ධර්මාපලඞ්කාරය

උපදවන හෙයින් ගිනිගත් යහුලක් 1 වැනියහ. මේ ලොකයෙහි මොහයෙන් මුළා වූ යම් පෘථග්ජනකෙනෙක් කාමසෙවනය කෙරෙද්ද, ඔහු සියලු දුකට භාජන ව අපායෙහි ම උපදනාහ යනාදීන් අවවාද කොට හුනස්නෙන් නැගී තමන් වහන්සේ වසන ආශ්රාමපදයට ම වැඩිසේක.

එවේලෙහි වැදිදුතොමෝ2 මහත් වූ භයට පැමිණ ඉදින් පසේබුදුන්වහන්සේ මාගේ ස්වාමිපුත්රූයාට මෙ පවත් කීසේක් නම් මාගේ ජිවිතය නැත, එබැවින් එක් උපදෙසෙකින්3 ගැලැවුණ මැනැවැයි සිතා තමාගේ ශරීරයෙහි ඒ ඒ තෙනැ තොමෝ ම නඛව්රනණ4 කොට ගෙන සුළුඇඳකට5 නැගී ලෙඩ ව උණසීගතුගත් එකක මෙන් කිලිටිකඩක් පෙරව ගෙන ගෙට පිටි පෑ වැදහොත්තී ය. ඉක්බිති ඇගේ ස්වාමිපුත්ර වූ වැදිතෙම ගිය පෑ වැදහොත්තීය. ඉක්බිති ඇගේ ස්වාමිපුත්රඑ වූ වැදිතෙම ගිය තෙතින් අවුත් එපරිද්දෙන්ම හොත් භාය්යාහොත ව දැක කිමෙක් ද? සොඳුර, අද අපගේ ආය්‍් එප යන්වහන්සේ ඉඳුරා වැළැඳවූ දැ යි විචාළේ ය. එ වේලෙහි වැදි දූ තොමෝ තමා කළ කී කටයුත්එතෙහි නමකුත් නො කියා ස්වාමීනී, ඔවුන්ගේ 6 ස්වරූප මා අතින් නොවිචාළ මැනැව, ඒ නුඹගේ 7 රහතාණෝ තමන් හා සමඟ ලොකාස්වාදරතීයෙහි යෙදෙන්නට කියා මට නොයෙක් යාච්ඤා කොට බලා තමන් කී බස් නොගිවිස්නා හෙයින් දිව අවුත් මා ගසා අල්වාගෙන ඉසැ කේ ඇද ඔබාගෙන මස්වරුවක් ගත් දිවිබාවකු සේ සකලශරීරය 8 නියපඳුරු හෙලා පළා දමා දුර්විල කොට නුඹ එති යන ආශඞ්කායෙන් 7 හැර පලා ගියෝ ය යි කිය තමාගේ ශරීරය දැක්වූව.

එවේලෙහි වැදිපුත්රකතෙම ඇගේ ශරීරයෙහි විසිරීගිය රත් නෙළුම්කෙසුරු මෙන් ඒ ඒ තෙනැ වැදගත් නඛරේඛාවන් දැක ඈ කී බස්8 ඒ කාන්තයෙන් සැබෑ ම ය යි 9 සිතා පසේ බුදුන් කෙරෙහි කිපි සිත් ඇත්තේ ක්රොයධයෙන් දිලිහිදිලිහී ගින්නෙහි හුණු ලුණු පුපුරන්නා සේ තටතට යන අනුකරණ පවත්වමින් තතනමින් මම මෙතෙක් කල් මුළුල්ලෙහි වූ සැබෑ මහණෙකැයි සිතා කැඳබත් දී පොෂණය 13 කෙළෙමි. ඒ තෙම දැන් බෝ ඉවසුවන් ගසා යෙයි14 කීවා සේ මට ම පෙරැළී මෙතෙක් විකාර කොට ගියේ ය. යහපත, මොහු මා රක්ෂාී කළේ මාගේ

1. යවුලක් 2. වැදි වනීතා තොමෝ 3. උපදෙශයෙකින් 4. නඛාව්රතණ 5. -ඇඳට 6. ඔහුගේ 7. නුබගේ 8.- ශරීරයෙහි 9. සැකයෙන් 10. කීයේ 11. සැබැවැයි 12. පවත්වා 13. පොෂ්යකය 14. බෝධිවහුන් ගසයයි - බෝධි වැසුවන් ගසයි.






කාකවර්ණ වර්ගතය 505

භාය්යාණ වට චොරවල්ලභකමට1 වන. අද ඕහට කියවියක් කියන්නෙම් වේ දැයි දුනු හීතල ගෙන පසේ බුදුන්ගේ ආශ්රටම පදය බලා2 නික්මිණ. හේ එසේ මැයි :-

මේ ලොකයෙහි අපරීක්ෂාගකාරී වූ සත්ත්වදයෝ මඳෙකින් ම ගුණයෙහි පහදනාහ. නැවැත ඒ වැදිපුත්රතයා මෙන් පරීක්ෂාෙ නො කොට ස්වල්පදොෂයකුදු ඇසුදුටු ඇසිල්ලෙහි කිපෙන්නාහ. යම් සේ තුලාකෙළවර බර මඳකල්හි මඳෙකින් ම එසවේ ද, නැවැත බර ලුකල්හි මඳෙකින් ම නම්න වේ ද, එපරිද්දෙන් ම මේ ලොකයෙහි පෘථග්ජනසත්ත්වැයෝ යම්තමෙකින් ම පයදනාහ. මඳෙකින් ම කිපෙන්නාහ :- 3

කියන ලදුයේ මැයි.

“ථොකෙනෙව තුලාකොටි, යාති උන්නතිමොනතිං. තථා පුථුජ්ජනො ‍ලොකෙ, යාති කොපපයාදනං “ යි.

ඉක්බිති පසේබුදුන්වහන්සේ ඔහු එන්නාට පූර්වයභාගයෙහි පස්පියුමෙන් සැදුණු සිහිල් වූ දිය පිරී තිබෙන සතරපිටැ මනා වූ පියගැට පන්ති ඇති සක්දෙව්රජහුගේ නන්දා නම් පොකුණ හා සාදෘශ්යම වූ මනහරපොකුණක් මවා ආකාශයෙහි සිවුරුකුටියක් නිර්මිත කොට වතබඳනය4 අහසැ රඳවා ඊමත්තෙහි අඳනය තබා සිවුරුගැබින් නික්ම පොකුණට බැස පැන් සනහා ආකාශයෙහි ම සිට සිවුරු වළඳිනාසේක. * වැදිපුත්රසතෙම ඒ ආශ්චය්ය් දැක සුළං පිරූ නොලබෝවිතක් මෙන් ප්රළතීන් පිනාගිය ශරීර ඇති ව6 මහත් වූ විස්මවය පැමිණ මෙබඳු වූ උත්තමයෝ එබඳු වූ අනාචාරයක් නො කරන්නාහු ම ය. එකාන්තයෙන් ම තමාගේ මනොරථය නුපුරන හෙයින් පසේබුදුන්වහන්සේ කෙරෙහි වෛර බැඳ බොරු කීහ යි සිතින් ම සනිටුයන් කොට අතැ තිබූ දුනු හිතල ගස් අතුරෙහි සඟවා තබා මඳක් බලා සිට පසේ බුදුන්වහන්සේගේ පන්සලට වැඩිකල්හි සමීපයට ඵළැඔ පසේබුදුන්වහන්සේගේ පාමුල්හි7

  • “ ඵ වේලෙහි පසේබුදුන් වහන්සේ නහනතොටට වැඩ පටීධාතුව අහසැ සිවුරුවසක් මෙන් තමන් වහන්සේගේ ආනුභාවයෙන් තබා අදනා පොරෝනා සිවුරු ඵහි තබා නහනකඩ හැද දියපිටැ අහස්හි හිද පැන් සනහන්නට පටන් ගත්සේක” – (ධාතු)


1. - පුරුෂකමට 2. ආශ්ර මපථයට 3. කිපිබවට පැමිණෙන්නාහ. 4. වටබදානය 5. - සිවියක් 6. පිනාගියසිත් ඇතිව - පිරුණාවූ ශරීර ඇතිව, 7. මඳක් බලා සිට පසේ බුදුන් වහන්සේගේ පාමුල්හි - (ධාතුවංශයෙහි එන්නේ පසේබුදුන් පැන් සනහා ගොඩට වැඩ සිටි කල්හි ක්ෂ මාව ඉල්වූ බව යි)



506 සද්ධර්මාිලඞ්කාරය

මුලින් සිඳ හෙළූ තල්කණුවක් සේ දණ්ඩනමස්කාරයෙන් වැඳ හෙව ස්වාමීනි, මා නුනුවණින් අපරීක්ෂා්කාරී ව කළා වූ අපරාධය 1 ක්ෂනමා කොට ‍වදාළ මැනැවැය කී ය. 2 එකල්හි පසේබුදුන් වහන්සේ කිමෙක් ද? උපාසකය යි වදාළ සේක. ඒ තෙපුල් අසා වැදිපුත්රඑතෙම ස්වාමීනි, මම ඉඳුරා සලකාගත නො හී මාගේ දුෂ්ට ගැහැනියගේ බසට නුඹවහන්සේ වැනි උත්තමයාණ කෙනකුන් මරන්ට දුනු හී ගෙන ආයෙමි වේ දැයි කී ය.

ඉක්බිති පසේබුදුන්වහන්සේ ‍එසේ කලැ උපාසකය, තොප ආ කටයුතු කුමක් පිණිස නො කරාදැයි වදාළසේක. ඒ තෙපුල් අසා වැදිපුත්රකතෙම ස්වාමීනි, අද මා විසින් නුඹවහන්සේගේ ආනුභාවවිශෙෂයෙක් 3 දක්නා ලද. එසේ හෙයින් නුඹවහන්සේ මරමි ය සිතා ආ ගමන නම් තණසුළක් ගෙන මහාසාගර යෙහි ජලස්කන්ධේය වියළාපියමි යි කළ උත්සාහයක් වැන්න, තල්පත්කඩුවක් ගෙන මහාමෙරුපර්වරතය කිලිල්කඩක් සේ කඩ කඩ කොට කපා දමාපියමි යි අඥානයකු කළ උත්සාහයක් වැන්න. නුඹවහන්සේ වැනි මහෙශාක්ය වූ මහානුභාවසම්පන්න උත්තමයාණකෙනකුන් වහන්සේ යම් උපක්රනමයෙකින් 4 මරන්නට කවරෙක් නම් සමර්ථ වේ ද , එබැවින් නුඹවහන්සේ වැන්නවුන් මරාපියන්ට සිතූ දුෂ්ට කෙල්ලට කළමනා කටයුතු මම් ම වේ ද දන්නෙම් යී කියා5 තමාගේ භාය්යාතූ දව මරන පිණිස දුනුහී ගෙන ගෙය බලා නික්මිණ.

එකල්හි පසේ බුදුන්වහන්සේ ඔහු කැඳවා එම්බල උපාසකය, එසේ කළ නො හැක්ක.6 ස්ත්රීඳහු නම් සියලු ම අනර්ථයට මුල් ව සිටියහ. මහමගැ තැනූ ගොණටුකඳක් මෙන් සියල්ලන්ට ම සාධාරණයහ. ඔවුන්ගේ මනොරථය පුරන්නට ද අනාචාරයෙන් වළකා ඔවුන් සිත් රක්ෂාම කරන්නට ද7 නොපිළිවන් ම ය යි වදාරා ඕහට අවවාද කරනසේක් :-8 “නෙකසතසහසසෙපි 9, උත්තමාධමමජන්ධිිමෙ, නහාය‍න්නෙ යථා ගඞ්ගා, නිතතිං නායාති සබ්බදා.

තථා නිත්තිං න ගච්ඡන්ති, න විතෙතනති කුලාකුලං, දුප්පුරා වනිතා නාම, එකස්සෙකා 10 න විජ්ජති.

සබ්බසාධාරණා එසා11, අද්ධිකානං පපා යථා, අනත්ථරදානුහොන්තානං, ජනානං කිම්ඵලං යථා.

1.අපරාධයට 2. කිව 3. - විශ්යෙ යෙන් 4. උපක්රඅමයෙන් 5. මම්ම දනිමි කියා 6. උපාසකය කළ නොහැක්ක 7. ඔවුන් සිත් රක්ෂාය කරන්ටද 8. අවවාද පිණිස වදාරන සේක්. 9. -සතසහස්සෙහි - සතසහසසෙසු 10. එකසෙසතා 11. එතා




කාකවර්ණද වර්ග ය 507

අලිකං භණන්ති සච්චංච, සච්චං තා අලිකං කරෙ, 1 කරොනෙතකසස පෙමංතා, වචියා 2 සඤ්ඤමං පරං” *

යනාදීන් එම්බා උපාසකය, නොයෙක් සියදහස්ගණන් හීන උත්කෘෂ්ට යන හැමදෙනා බැස නිරන්තරයෙන් ඉස් සෝධා නහන කල්හිදු මෙතෙක් පමණැයි කියා යම් සේ ගඞ්ගාව තෘප්තියකට නො සේ ද, එපරිද්දෙන් ම මේ ලොකයෙහි ස්ත්රී්හු ද මෙතෙක් පුරුසයෝ පමණැයි තෘප්ති නැත්තාහ. හීනය, උත්තම ය යන කුල තේරීමක් නැත්තාහ. අනෙකප්රෘකාර අපවිත්ර දැමීමෙන් නොපිරෙන ගැඹුරු ප්රීසාතස්ථානයක් මෙන් වස්ත්රා්ලඞ්කාරමෛථුන ආදියෙන් නොපිරෙන අදහස් ඇතියහ. ඔවුන්ට ප්‍රියකෙනෙකුදු නැත. අප්රි යකෙනෙකුදු නැත. හීන උත්කෘෂ්ට මධ්යවම යන සියල්ලවුන් යන මහවතක් 4 මෙන් සර්වරසාධාරණයහ. නොයෙක් සියදහස්ගණන් රාසොඬුන් වැද සිත් වූ පරිද්දෙන් රා බී යන සුරාඅවනතක් මෙන් කෙනෙක් සල්ලාල පුරුෂයන් තමන් කරා අව ද ඔවුන් මනදොළ පුරන යෙහින් පානාගාරශාලාවක් 5 වැනියහ බොහෝ දෙන සැතැපෙන සතර මංසන්ධිහයෙහි කරන ලද මහාශාලාවක් වැනියහ.

මහවතැ6 මගීන් පිණිස තබන ලද පින්පැන්මඬුවක් මෙන් ද, සතර මංසන්ධි යෙහි බිඳිනා ලද පැන් පොකුණක් මෙන් ද, සර්වොසා‍ධාරණයහ. තමන්ගේ රූපශබ්දාදීන් ජනයන් පොලඹා අනර්තව එළවන හෙයින් වර්ණ්ගන්ධරයෙන් ආම්‍රඵල හා සාදෘශ්යන වූ කිම්ඵල නම් ලද විෂඵල වැනියහ. ඔහු නොසබා දෙය සබා කොට කියති. සබාදෙය නොසබා කොට කියති. සිතින් එකක්හට පෙම් උපදවා කයින් එකක්හට ප්රෙශම හඟවා බසින් එකක්හට සැදැහැ හඟවති7 යනාදීන් මෙසේ පසේබුදුන් වදාළ අවවාද අසා වැදිපුත්රිතෙම ඈ කෙරෙහි මධ්ය ස්ථ වූයේ ය.

ඉක්බිති ඒ වැදිපුත්ර යා එ තැන් පටන් පසේබුදුන්වහන්සේට වඩවඩා උපස්ථාන කරනුයේ බොහෝ පින් රැස් කොට එයින් මිය කාමාවචරදෙව්ලොවැ ඉපද උපමාවිෂයාතික්රා න්ත වූ නොයෙක් දිව්යමසම්පත් විඳ එයින් මිය9 අවුත් ලඞ්කාද්වීපයෙහි ගල්වල්රටැමරුපුල නම් ලෙනැ9 සමීපයෙහි වැදිගමෙකැ ප්රකධාන වැද්දාට පුත්රු ව 10 උපත; එකලැ මවුප‍ියෝ ඕහට අමරුප්පලය ය නම් තුබූහ. ඒ තෙම බාලදරුවන් හා සමඟ 1. භණෙ 2.වචන 3. සෝදා 4. මහමඟක් 5. පාතාගාරයක් 6. මහමාවත 7. හඟවති 8. අවුත් 9. අමරමහලෙන - (ධාතු) 10. සුළු චණ්ඩාල දෙටුවක්හට පුත්ර ව - (ධාතු). * සහස්ස වත්‍ථුයෙහි එන්නේ වෙන ගාථා සතරෙකි.





508 සද්ධර්මා්ලඞ්කාරය

කෙළිනේ වැලි එක් කොට කැටි ව කෙළිනා බාලදරුවන් පිළිවෙළින් ඉන්ට සලස්වා භික්ෂූකසඞ්ඝයාට දන් දෙමි යි වැලිබත් ගෙන දෙමින් නිරන්තරයෙන් දන්කෙළිම කෙළින්නේ ය. මෙසේ කෙළිනා වැදිපුත්රද තෙම දවසෙකැ වැල්ලෙන් දාගබක් බැඳ තමා හන්කඩැ කුරුගුළාකනින් හූ ඇදගෙන ධජපතාක ය යි ඉනවලු දණෙඩෙකැ* බැඳ එල්වා කටබෙර ගසා අත්කුළල් පිඹ වැලි දාගබට පූජා කෙළේ ය. ඉක්බිති වැ‍ඩිවිය පැමිණියේ මරුපුල නම් ගල්ලෙනැ වසන තෙරුන්වහන්සේගේ1 සත්පුරුෂසමාගමයෙන් ජිවිතාන්තය 2 දක්වා බොහෝ පින් රැස් කොට එයින් මිය රුහුණුමාගමැ “ගොඨාභය” රජ්ජුරුවන්ට පුත් ව උපත.

ඒ ගොඨාභය රජ්ජුරුවෝ නම් කෙසේ වූ කෙනෙක් ද යත්;

මුටසීව 3 නම් රජ්ජුරුවන්ට පුත් වූ ‍දෙවනපෑතිස් රජුගේ අගමෙහෙසුන්බිසවු රජ්ජුරුවන්ගේ ඇවෑමෙන්4 එ ම දෙවන පෑතිස් රජුගේ දෙවෙනි මල් වු යුවරජ තනතුරෙහි සිටි මහානාග5 නම් රාජකුමාරයා ජීවත් ව උන හොත්6 තමන්ගේ පුතණුවන්ට රාජ්යාය නො ලැබෙයි සිතා දවසෙකැ මී අඹ යොදා භාජනයෙකැ බහා විෂමිශ්ර කොට යෙදූ අඹමත්තෙහි තබා යුවරජ්ජු‍රුවන් තරස්නාවැව බඳින තැනට යවූහ. එදවස් එ ම බිසවුන්ගේ පුතණුවෝත් සිළුපියාණන්7 හා සමඟ වැව බඳවන තෙනට ගියාහු භාජනයෙහි අස් කැඩු කල්හි තුමු ම අඹයක් ගෙන කා එතන්හි ම කාලක්රිඳයා කළහ. යුවරජ්ජුරුවෝ ඒ කාරණය දැක බැදැබිසවුන් කෙරෙහි භයින් දෙවෙනි ව නුවරට නො ගොස් එතැනැ ම සිට තමන්ගේ බිසවුන් හා බලවාහන ගෙන්වාගෙන දෙවනපෑතිස්ජර්ජුරුවන් රාජ්යටය කරමින් සිටියදී ම රුහුණු ගියාහ.

ඔවුන් 8 බිසවූ අතරමඟැ යටාල නම් විහාරයෙකැ දී පුතණු කෙ‍නකුන් වැදූහ. ඕහට තමා‍ෙග් බෑණන්ගේ නම හා උපන් විහාරායෙහි නම හා දෙක එක් කොට යටාලතිස්ස ය යි නම් තබා එයින් ගොස් මාගමැ වෙසෙමින් රුහුණැ ම රාජ්ය ය කළහ. ඔවුන්ගේ පුත් වූ යටාලතිස්සයෝ එහි ම රාජ්යෙය කළහ. ඔවුන්ගේ 9 පුත් වූ ‍ගොඨාභය රජ ද එහි ම රාජ්යතය කෙළේ ය.

1. මලියදේවතෙරයය් ධාතුවංශයෙහි 2. ජිවිතාන්තරය 3. මෙ වසීව 4. අයාමෙහි - ඇවෑමෙකැ 5. මහානාම 6. ජිවත්වූවහොත් 7. සුළුපියාණන් 8. ඔහුගේ 9. ඔහු‍ගේ

* තුජ්ජවල්ලරිදණ්ඩකෙ - (රස) හිළවල්ලදණ්ඩක (සහ) සීන්ලියෙක - (ධාතු)





කාකවර්ණු වර්ගඩය 509

ඔහු පුත් මේ කාවන්තිස්ස රජ විය. ඒ රජ කවුඩන්ගේ බස් දන්නා හෙයින් කාවන්තිස්ස නම් විය. ඒ තෙමේ ක්රිමයෙන් පියරජහු ඇවෑමෙන් රාජ්යනයට පැමිණ පූවර්වාසසනා‍හේතුවෙන් දානපති ව දැහැමෙන් රාජ්යනය කෙරෙයි.

ඒ රජුගේ වනාහි “විහාරදෙවී” නම් වූ අගමෙහෙසුන් බිසෝකෙනෙක් ද ඇතියහ. ඕ තොමෝ 1 කෙසේ වූ කෙනෙක් ද යත් ? ඒ විහාරමහාදේවි “කැලණිතිස්ස”මහරජහුගේ දියණියෝ ය :- ඔවුන්ගේ 2 පිළිවෙළ කථාව මෙසේ දතයුතු - කෙසේ ද යත් ?

ලක් දිවැ කැලණිනුවරැ කැලණිතිස්ස නම් රජෙක් විය. ඒ රජහුගේ යුවරජනතතුරෙහි සිටි නමින් “උත්තිය” නම් මලණු කෙනෙක් ද ඇතියහ. 3 ඒ කුමර කැලණිවෙහෙරැ වසන කැලණිතෙරුන්වහන්සේ කෙරෙහි 4 අකුරු කොට ශිල්ප උගත්තේ ය. ඉක්බිති ඒ රජකුමර වැඩිවිය පිමිණ යුවරජ තැන්පත් ව5 කැලණිතිස්සරජුහුගේ අගමෙහෙසුන් බිසව හා සමඟ විශ්වාස ව වෙසෙයි 6 රජ්ජුරුවෝ ඒ පවත් දැන ඔහු අල්වා දඟගෙයි ලව යි අමාත්යවයන්ට විධාන කළහ. එ කුමර එ පවත් අසා භයින් පලා ගොස් පසල්දනව්වෙකැ වසනුයේ දවසෙකැ බිසවුන් සඳහන් කොට එක් ළදරුපුරුෂයකු කැඳවා සිවුරු පොරවා ඕහට පතක් ලිය දී මේ පත ගෙන ගොස් කිසිකෙ‍නකුන්ට නො හඟවා බිසවුන් අතට දීපියව යි. යවී ය. එ ද යහපතැයි ගිවිස ගෙන ගොස් කැලණිතෙරුන්වහන්සේ රජ ගෙට වඩනා දැක තෙමේ ද උන්වහන්සේ කැටු ව රජගෙට වන. ඔහු දැක තෙරුන්වහන්සේ මේ තෙම රජ්ජුරුවන්ගේ කුලුපග මහණෙකැයි සිතුසේක. රජ්ජුරුවෝ ද තෙරුන්වහන්සේගේ අතැවිසි නමෙකි සිතූහ.

ඉක්බිති රජජුරුවන් හා රාජමහෙසික‍ාවෝ දෙදෙනා වහන්සේ ස්වහස්තයෙන් වළඳවා පසුගමන් කොට වැඳ අවසර ගෙන නික්මුණාහු ය. එකලැ පත ගෙන ගිය දූතමහණතෙම ඒ පත පස්සෙහි යන බිසවුන්ට පෙනෙන පරිද්දෙන් බිමැ හෙළී ය. රජ්ජුරුවෝ පත හුණු ශබ්දය අසා පෙරැළී බලා පත ගෙන බලන්නාහු තෙරුන්වහන්සේ අතැ අකුරු හා එක්වැනි හෙයින් තමන් මලණුවන් අත් අකුරු දැනගත නො හී එකාන්තයෙන් තෙරුන්වහන්සේ ලිවූ පතෙකැයි7 සිතා කොපයෙන්

1. ඔහු 2. එහි. 3. ඇතිවිය 4. ගෙත් 5. වූසේක 6. වෙසෙති යි . 7. පතයයි.






510 සද්ධර්මාිලඞ්කාරය

දිලිහී මොහු අල්වාගෙන ගොස් තෙල්කටාරයෙහි ලා ගිනි ගසා මරව යි විධාන කළහ. ඉක්බිති රාජපුරුෂයෝ මහත් වූ තෙල් කටාරයක් උදුනෙහි තබා පෙණ නැගිනැගී තෙල් කැකෑරුණු කල්හි තෙරුන්වහන්සේ තෙල්කටාරය සමීපයට ගෙන ගියහ. තෙරුන්වහන්සේ වනාහී පූර්වලජන්මයෙහි නිවන් පතා කරන ලද කුසල් අරති හෙයින් එකෙණෙහි විදර්ශ නා වඩා රහත් ව කකියන තෙල් කටාරයට බැස ඉන්ර්ි හනීලමිණිඅතලෙකැ බැස හුන් රාජහංසයකු මෙන් වැඩ උන් සේක.

ගිනි ගත් ලොහොදිය සේ කකියන එබඳු තෙල් පවා තෙරුන්වහන්සේගේ රෝමකූපමාත්රහයකුදු හුණු කොට ගත නුහුණුයේ ම ය. එකලැ තෙරුන්වහන්සේ තෙල්කටාරයෙහි ම වැඩහිඳ :-

“ලඞ්කිස්සරො ජයතු වාරණරාජගාමී හොගින්දකගොගරුවිරායතපීණබහු. සාධූපචාරනිරතො ගුණසන්තිවාසො ධම්මෙ ඨිතො විගතකොධමදාවලෙපො”

යනාදීන් ධර්මොගාථා නම් වූ ගාථාසියයක්1 වදාරා මේ කෙසේ වූ අකුශල විපාකයෙක් දෝ ‍හෝ යි දිවසින් බලන සේක්. යටැ ගියදවසැ තමන්වහන්සේ එඬේර ව උපන් ජාතියෙකැ2 කකියමින් සිටි හුණුකිරෙහි මැස්සකු හෙළා3 කකාරා මැරූ අකුශලය4 දැක මේ නොනවත්නා කර්මියෙකැයි සිතා තෙල් කටාරයෙහි වැඩහුන්සේක් ම නිරුපධිශෙෂනාර්වා ණධාතුවෙන් පිරිනිවිසේක. මෙසේ රජ්ජුරුවෝ තෙරුන්වහන්සේ ද පත ගෙනා පුරුෂයා ද මරවා මුහුඳට දැමූහ.

ඉක්බිති අමාත්යනවරු එක් ව අහෝ! අප රජහු විසින් නො කළමනා ඉතා දරුණු පාපයෙක්5 කරන ලදැයි මහත් භයට පැමිණ රජගෙට ගොස් රඡ්ඡුරුවන්ට කිහන්නාහු දිශා නායක වු දෙවයන්වහන්ස, රජ්ජුරුවන් විසින් යම් 6 කටයුත්තෙක් පරීක්ෂාකකාරී ව කටයුතු ය. අපරීක්ෂාිකාරී ව නොකට යුතු ය. 7 තමන් විසින් 8 කළමනා කටයුතු නුවණින් සලකා කරන්නාවූ රජදරුවන්ගේ යශඃ කීර්තවති දෙක පුර පෑළවිය පටන් දවසින් දවසැ වඩනා සඳමඬල මෙන්9 නිරන්තරයෙන් දසදිගැ පැතිර ප‍ඩනේය. ඉදින් දෙවයන්වහන්ස, යම්කිසි රජෙක් පරීක්ෂාෙ නො කොට යමක්හට නිග්රටහ කෙරේ ද, ඒ රජතෙම

1. නම් වූ ‍සියයක් 2. ජාතියෙහි 3. ලා හෙළා 4. අකුශලබලය 5. නො කළමනාහැකි ඉතාපාපයෙක් 6. යම් සේ 7. අපරීක්ෂා.කාරී නොවිය යුතුය 8. තමතමන් විසින් 9. සෙයින්





කාකවර්ණක වර්ගිය 511

කිසවච්ඡ නම් තාපසයන්ට ගහට1 කරවා රාජ්ය ය හා සමග විනාශයට පැමිණි මෙජක්ධඡ නම් රජහු මෙන් රාජ්ය ය හා සමග විනාශයට පැමිණෙන්නේ ය. තවද මේ ලොකයෙහි මිනී කන රාක්ෂරසයකු මෙන් ඉතා භය එළවන්නා වූ ද ඉතා මෙ‍ාළොක් වූ ද ධනධාන්යන නැති ව දිළිඳු වූ ද කළමනා කටයුත්තෙහි මන්දොකත්සාහ ව කල් යවන්නා වූ ද කාමයෙහි ඉතා ගිජු වූ ද යන මේ දොෂයෙන් යුක්ත රජදරුවන්ට හැමදෙන ම නින්දාා කරන්නාහ.

තවද යම්කිසි රජෙක් තියුණු වූ මුවහත් ඇති ශස්ත්රහයෙකින් මර්මයසථානයෙකැ ඇනලන්නා සේ ඉතා තියුණුබස් කියා ද, කියතෙකින් දළ2 කපන්නා සේ ඉතා ක්රෑතර තෙපුල් බෙණෙද, අනුන්ට කිසිවක් නො දේ ද, කටයුත්තක් පැමිණි කල්හි ප්ර මාද වේද , ඉතා ගර්විත ව3 වෙසේ ද, සියල් සිරුරු වසා කොළඅතු බැඳි ගසක් මෙන් සිට සත්ත්වරයන් අල්වා මරන වැද්දකු මෙන් වඤ්චා දනීද, ඒ ඒ කාලයෙහි කළමනා කටයුතු ආදි වූ රාජක්රිමයාවෙහි කුසීත ව වෙසේ ද,4 යම්කිසි භයක් පැමිණි කල්හි කිසි රාජධෛය්ය්්රියක් නැති ව භයපත් වේ ද, එබඳු වූ රජහට සියලු සත්ත්වණයෝ ම නින්දාය බණන්නාහ. තවද දෙවයන්වඅහන්ස, යම්කිසි රජෙක් ගිනිකඳක් සේ ද සර්ප‍රාජයකු සේ ද රාක්ෂතසයකු සේ ද තමා මුහුණු දැකීම් මාත්ර යෙකින් ම මහාජනයා භය ගන්වා හකුළුවා5 ද, එබඳු රජහුගේ යශස් තෙජස් දෙක දියපිටැ තෙල්බිඳු මෙන් විසිර නස්නේ ය. 6 එසේ හෙයින් මහරජ, රාජධර්මෙය නම් සියලු සතුන් 7 රැකීම ය, ඥානවෘද්ධවයෝවෘද්ධ‍යන් භජනය කිරීම ය, ලොක චාරිත්රහ දැන්ම ය, මෙලෝ පරලෝ දෙකින් වන අපවාදයෙන් මිදීම ය, 8 තමා රැක්ම ය. දැහැමෙන් සෙමෙන් රාජ්යලය කිරීම ය, මිත්ර යන් කෙරෙහි නොබිඳෙන බව ය. සත්පුරුෂශ්ර මණබ්රාිහ්මණ යන් කෙරෙහි ක්ෂ මාපර වීම ය යන මේ රජදරුවන්ට ආභරණ නම් වෙයි.

තවද යම්කිසි රජෙක් අසරණ ව තමා සරණ ගියා වූ සතුරකු වුවත් ව්ය සනයක් පැමිණි කල්හි හෙවත් බොහෝ අනර්තවයක් කළ සතුරකු වුවත් දුක්පත් ව තමා ළඟට පැමිණි කල්හි ඉදින් යම්කිසි ව්ය්සනයක් පැමිණි කල්හි ඔහු කෙරෙහි අනුකම්පා උපදවා සැපත් දී අනුග්රයහ කෙරේ ද, එසේ වූ රජතෙම එකාන්තයෙන් රජ නම් වෙයි. තවද පෙරැ රජදරුවෝ දැහැමෙන් ප්රසජාපාලනය කිරීම ය. ධාර්මිකශ්රගමණ

1. වද 2. දැව 3. ගර්හිතව 4. කුහීත වේ ද 5. අකුළුවා 6. යන්නේ ය 7.සත්ත්ව යන් 8. අපවාදයෙන් ගැලවී දවස් යැවීමය






512 සද්ධර්මා‍ලඞ්කාරය

බ්රා.හ්මණයන්ට රක්ෂා්සංවිධාන කිරීම ය. දුගී මගී දිළිඳු යාචකයන්ට කැමැති කැමැති වස්තු දීම ය යනාදි වූ සුචරිත ධර්මනයන් පුරා දෙව්ලොවැ ගියහ. එසේ හෙයින් මහරජ, රාග නැමැති සර්ප යා හා ‍ක්රොවධ නැමැති රාක්ෂහසයා හා දෙදෙනා යම් දවසෙකැ ඉදිත් නුඹවහන්සේගේ සිත් නැමැති බෙනෙහි1 උපන්නාහු වී නම් සියලු අනර්තවයට මුල් ව සිටි යා වූ ඔවුන් දෙදෙනා ක්ෂාාන්ති නැමැති මන්ත්රැයෙන් වළකා වදාළ මැනැවැයි යනාදීන් අවවාද කළහ. කියන ලදුයේ මැයි  :-

“නිනම්ම ඛතතියො කයිරා , නාතිසම්ම දිසම්පති, නිසම්මකාරිනො ර‍ඤ්ඤො, යසො කිත්ති ච වඩ්ඪති

අනිසාමෙත්වාොන යො දොසං, යස්ස කුබ්බති නිග්ගහං, මෙජක්ධරඤ්ඤොව භූපාල, සරට්ඨො ස විනස්සති.

අතිගිමඤ්චාතිමුදුං, දීනක්ද ව දිඝසොත්තියං, විසයෙසු නිරතං ‍ලොකෙ, රාජානමවමඤ්ඤති.

තික්ඛං ඛරං අදාතාරං, පමත්තං ගබ්බිතං සඨං, කුසීතං ව්ය සනෙ හීරුං , රාජානමවමඤඤති

ධූමකෙතුව සපෙපාව, රක්ඛසො විය යො ජනෙ, සඞ්කුවෙති යසො තස්ස, ඝතබින්දුොමිවමහසි.

රාජධමෙමා පජාරක්ඛා, වුද්ධපඤ්ඤෑපසෙවනං, ‍ලොකවොහාරවිඤ්ඤත්ති, අත්තනො පරිපාලනං.

ධම්මෙන පාලනං රට්ඨං, සුහදෙසු අජිම්හති2 ඛමා ච සමණෙ සාධු, රඤ්ඤො එතෙ විභුසණා.

අමිත්තම්පි ච යො දිනං‍, අත්තනො සරණාගතං, ව්යතසනෙස්වං ‘නුගණ්හාති, ස චෙ භූපති භූපති.

පජානං පාලනෙ සම්මා, ධම්මකෙ භරණෙන ච, දීනානං විත්තදොනෙන , රාජානො තිදිවං ගතා.

රාගො’රගො මහාරාජ , එරුසො කොධරක්ඛසො, හදයෙ වෙ සමුට්ඨානි, ඛන්තිමන්තෙන වාරියො3” යි. මෙසේ අවවාද කරන්නා වු වැඩ පසස්නා වූ ඇමැතියන්ගේ තෙපුල් අසා ද ඒ රජ මඳකුත් ‍සන්තොෂ නුවුයේ ය. ඉක්බිති තෙරුන්වහන්සේ කෙරෙහි ශොකයෙන් දෙවතාවෝ කිපී මේ රජහු හා සමඟ ‍මොහුගේ රටත්4 නසමහයි සමුද්ර්ය

‍ 1. වෙනෙහි 2. අජිම්හතං 3. වාරිය 4. රාජ්යසය


කාකවර්ණ වර්ගනය 513

උත්පාතික කොට දිය උතුරුවන්ට පටන්ගත්තාහු ය. එකලැ ලක්දිවට පිරිවර වූ කුඩාදිවයින් නවයක් හා සතරක් උතුරු කොට ඇති පන්තිස්දහස්පන්සීයක් පමණ මහපටුනුගම් වැවු අමුණු තෙක්වත් ආදි වූ සියල්ලම මුහුඳ ගිලුයේ ය. එකල්හි කැලණියට මුහුඳ සත්ගව්වෙක. එයින් ගව්වක් තබා සියල්ල ම වසාගෙන මුහුඳුදිය ඵන්ට වන් කල්හි එ පවත් කැලණිතිස්රජහට කීහ. එ බස් අසා රජතෙම1 භයින් චකිත ව ඉදිරි පසු බලා අන්උපායක්2 නො දැක තමාගේ සොළොස්ඇවිරිදි3 දෙවී නම් වූ දුව සර්වා භරණයෙන් දෙවඟනක මෙන්4 සරහා මහසැළක් ගෙන්වා බත් පැන් පිළී ආදි වූ උපකරණ හා ඒ දියණියන් සැළැ ඇතුළෙහි ලා5 කැලණිතිස් රජ්ජුරුවන්ගේ දියණියෝ ය යි රන්පතැ ලියවා එ ම සැළෙහි බහා අස් ඔබා මේ සමුද්රුදෙවතාවන්ට බලිකර්මතය යි කියා සමුද්රමයට අළුයේ ය.

එකලැ දෙවතාවෝ මුහුද උත්පාතික නො කළහ. ඉක්බිති ඒ සැළ ලක්දිව වමත් කොට දෙවතානුභාවයෙන් ගොස් රුහුණුජනපදයෙහි 6 තොටලුතොටැ වෙරළ සමීප ව සිටගත. එකල්හි එ ම තොටලුගමැ වසන කෙවුළෝ දැක එ පවත් කාවන්තිස්ස රජහට කීහ. එකලැ රජ 7 සපිරිවරින් අවුත් බිසවුන් දැක රන්පතැ අකුරු කියවා කැලණිතිස්රජහුගේ දියණියන් බව දැන ගොඩට බාවා රුවන්රැසක් මත්තෙහි8 සිටුවා අගමෙහෙසුන් කොට ඔවුන් බට තොටලුතොටැ විහාරයක් කරවා ඒ කාරණය මුල් කොට ගෙන විහාරමහාදේවි ය යි ඔවුන්ට නම් තැබී ය. එ තැන් පටන් කිවන්තිස්ස රජ්ජුරුවො විහාරමහාදේවීන් හා සමඟ ප්‍රියසංවාසයෙන් වසනුවෝ9 ගැමුණුකුමාර ය, තිස්සකුමාර ය යි යන දරු දෙදෙනකු ලැබ ඔවුන්ට දසමහායෝධයන් පාවාදී තමන් කළමනා සියලු කටයුතු නිමවා තිස්සමහවෙහෙර, යටාල වෙහෙර, සඳගිරි වෙහෙර ආදි වූ සූසැටක් රජමහ වෙහෙර10 කරවා උපමා නො කට11 හැකි අ‍වනෙකප්රිකාර කුසල් කොට සූසැටහවුරුද්දක් දැහැමෙන් රාජ්යඋය පිළිපැද තුසිතභවන යෙහි උපන.

1. රජ්ජුරු‍වෝ 2. උපදෙසක් 3. දොළොස් - (“වාදසවස්සික’ යි මුද්රිමත රසවාහිනියෙහි ද එයි. අප දුටු පුස්කොළපිටපත්හි එනුයේ “සොළොස් ඇවිරිදි” කියා යි මහාවංශයෙහි වයස නො දැක්වේ) 4. සේ 5. තබා 6. රුහුණජනපද 7. රජු 8. පිට 9. වසනුයේ 10. එක්සිය අටතිසක් (ධාතු) 11. නො කොට.







514 සද්ධර්මා.ලඞ්කාරය

ඒ කාවන්තිස්ස රජ්ජුරුවෝ වනාහි මතු බුදු වන මෛත්රෙහය බුදුන්ට බුදු වන ජාතියෙහි පිය වන්නාහ. ඒ විහාර මහාදෙවි එ ම බුදුන්ට මවු වන්නාහ. මෙ තන්හි කියයුතු සෙසු සියල්ල මතු කියන දුෂ්ටග්රා මණිවස්තුවෙහි ම ප්රාකාශ වන්නේය.

මෙසේ සත්පුරුෂයන් විසින් කරන ලද ඉතා ආශ්චර්යනවත් වූ ඉතා අද්භූත වූ මේ සුචරිකධර්මයය අසා සැප සේ නුවණැති ශ්රුද්ධාවන්තයන් විසින් අපායගාමී වූ අකුශලධර්මධයන් දුරු කොට දිව්යුමනුෂ්ය්සම්පත් හා නිවන්සැපත් සාධා දෙන දානශීලාදි වූ දශවිධකුශලධර්මකයන් පිරුව මැනැවි.

කියන ලදුයේ මැයි :-

“ඉච්චබ්භූතං සුචරිතං සුජනෙහි සිද්ධං සුත්වා්න සාධු මතිමා සුඛමෙසමානො, පාපං අකත්වාූ සතතං නරකොපගාමිං සග්ගාපවග්ගසුඛදං කුසලං කරෙය්යප” යි.

මෙ තෙකින් මේ කාකවර්ණංවගැ පළමු වන කාකවර්ණන තිස්ස රාජවස්තුව කියා නිමවන ලදී.