Jump to content

නල සහ දමයන්ති/හතරවැනි පරිච්ඡේදය/16

From Wikisource


විදර්ග දේශයෙහි පැවැති ස්වයංවරයට යමින් සිටි කලි නම් වූ දෙවියාහට එහි සම්ප්රාෙප්තවීමට පෙර අතර මගදී ඉන්ද්ර , වරුණ , යම , අග්නි යන දේවතාවෝ මුණ ගැසුණාහුය. ඔවුන් විසින් විචාරන ලද කලි තෙමේ තමාන් උපද්රැවත දමයන්තියගේ ස්වයංවරයට යන බව පැවසීය. සමයයක් ස්වයංවරය අවසාන වූ බවත් නිෂධ දේශාධි පති නල රජු දමයන්තිය විසින් තෝරා ගනු ලැබ බවත් තමන් ද එහි සිට එන බවත් ඒ ඉන්ද්රාිදීහූ. කලිට දැන්වූහ. මේ බලාපොරොත්තු නොවූ වෘතාන්ත යෙන් කලි තෙමේ දඬුයෙන් පහළ අසිවිෂකුසේ ප්රොකුපිත වූයේය. කලි කිපුන බව දුටු ඉන්ද්රා දීහු කලිගේ තරම දත් බැවින් නල කෙරෙහි වූ මෘදු සිත් ඇතිව “ පින්වත් කලි දේවතාව , අප කියන්නක් ඇස්ව මැනව. ඒ ස්වයංවරය. ”