Jump to content

කව්සිළුමිණ/සංඥාපනය

From Wikisource
89321කව්සිළුමිණකාලිකාලසර්වයඥ පණ්ඩිත විතීය විජයබාහු මහරජතුමා


කාලිකාලසර්වයඥ පණ්ඩිත විතීය විජයබාහු මහරජතුමා විසින් විරචිත

කව්සිළුමිණ

වැලිවිටියේ පණ්ඩිත සොරත නායකස්වාමීන්ර්ත යන් වහන්සේ විසින් කළ විශෙෂ ශුද්ධියකින් හා ලියූ කල්පලතා නම් විස්තර වර්ණනාවෙන් ද යුක්ත යි.

2510


1966



සංඥාපනය

[edit]

සිංහලසාහිත්ය යෙහි ශ්රෙඩෂ්ඨතම කාව්ය්ග්ර න්ථ්ය කව්සිළුමිණ ය යනු හැම දෙනා විසින් ම පිළිගත්තකි. එහෙයින් කව්සිළුමිණෙහි උසස්බව කියා පෑමට වෙහෙසීම අනවශ්යි ය. කව්සිළුමිණට දිර්ඝවසංඥාපනයක් අවශ්යශ වුව ද, එබන්දකට මේ අවස්ථාව නො වේ. එහෙයින් මෙය හැකිතාක් සැකෙවින් ලියන්ට බලාපොරොත්තු වෙමු.

සංඥා.

[edit]

මේ කාව්යායෙහි 413 වැනි ගීය කාව්යටනාමගභිවක්රේ නම් චිත්රනබන්ධායකි. එය චක්රිවිත්ර යෙහි ලියූවිට “කුසදා නම් මෙ” යන පාඨය ලැබේ. එයින් පෙණෙන්නේ කාව්ය්කර්තෘිහු විසින් මීට තැබූ සංඥාව ‘කුසදා’ යන්න බව ය. මෙහි කථාශරීරය කුසජාතකය යි. එහෙයින් ‘කුසදා’ යනු ම මීට නම වශයෙන් යෙදිම උචිත ය. එය සාමාන්ය සංඥාව ය. කව්සිළුමිණ යන්න වි‍ිශෙෂ සංඥාව ය. එය තබන ලද්දේ කාව්ය්කර්තෘනහු විසින් ම ද? නැත හොත් අන් කෙනෙකුන් විසින් දැ වි නිශ්චය කිරීම අපහසු ය. කවරෙකු විසින් තැබුවත් මීට ඒ නම සර්ව ප්රීකාරයෙන් ම අන්වර්ථ ය. මේ කාව්ය ය සිංහල කාව්ය නමැති ඔටුන්නට සිළුමිණක් වැනි වන හෙයිනි.

නිමිත්ත.

[edit]

මේ කාව්යවය කිරීමට නිමිත්ත වූයේ ආරාධනයකි. එය කාව්යා්වසාන පද්යමයන්ගෙන් පෙණේ. මෙය කිරීමට ආරාධනා කෙළේ “කලිකල් සරසවි” නම් දේවියකි.

ප්‍රමාණය

[edit]

මේ කාව්ය‍ය සර්ගි පසළොසකින් යුක්ත ය. ඒ පසළොසෙහිම දැන් තිබෙන්නේ ගී 767 කි. ආරම්භයෙහි පද්යර කීපයක් හා 15 වන සර්ග යෙහි 22 වැන්න ලඟ පදයකුත් නැති වූ බව ද පෙණේ. (14 වැනි සර්ගනයෙහි 70 වැන්නට ලියූ විස්තරය ද බැලිය යුතු.)

ප්‍රයොජනය

[edit]

සත්කාව්ය‍නිෂෙවණයෙන් ධර්මාටත්ථකාමමොක්ෂුයන්හි හා කලාවන්හිත් විචක්ෂයණභාවය ද කීර්තිය හා ප්රීකතිය ද ඇති වෙතැයි භාමහාචාර්යවරයෝ පවසති. මේ කව්සිළුමිණ පරිශීලනය කිරීමන් ද ඒ ප්රරයෝජන නො අඩුව ලැබිය හැකි ය. එපමණක් නො ව සිංහල භාෂාව ද මෙයින් උගත හැකි ය.

කර්තෘ .

[edit]

මේ ‍ශ්රේගෂ්ඨතම කාව්යැයෙහි කර්තෘක වනාහි රජෙකි. එහෙත් අසවල් රජ ය යි නිශ්චය කිරීමට මේ පොතෙන් හා බැහැරින් ද ලබාගත හැකි සාධක ඉතාමත් ස්වල්ප නුවූවත් කලක පටන් ම පවත්නා මතය නම් දඹදෙණියෙහි විසූ දෙවෙනි පැරකුම්බා මහරජතුමා විසින් මෙය කරණ ලද ය යන්න ය. ඒ මතය තහවුරු වීමට හේතු වූයේ එතුමාට තුබුනු “කලිකාල සංගීත සාහිත්යව සර්වමඥ පණ්ඩිත” යන උපාධිය යි. කව්සිළුමිණ “කලිකල්සවැණි” නම් නිරි‍ඳෙකු විසින් කරණ ලද බව අවසාන පද්යකවලින් පෙණේ. එනමින් සිටි අන් රජෙකු මහාවංශයෙහි නො දක්වන ලදී. “කලිකාලසංගීතසාහිත්යමසර්වනඥ” යන්න හා “කලිකාලසර්ව ඥ” යන්න ද යන්තමින් සමාන ය. ඒ සමානත්වය සලකා “මේ නම් දෙකින් ම හැඳින්වූයේ එක ම දෙවෙනි පැරකුම්බාමහරජ ම ය. කව්සිළුමිණ ද එතුමාගේ කෘතියක් ය”යි වරදවා ගත් මතය මේ තාක් තහවුරු ව පවතී.

කව්සිළුමිණ කළ කලිකල්සවැණි නිරිඳු පඬුඉඳුකෙනෙකුන් බව මෙහි නවවැනි සර්ග්යෙහි 11 වැනි (419) කවිනාමගර්භවචක්රවබන්ධයෙන් හැ‍ඟේ. අවසාන පද්යිවලින් පෙණෙන්නේ පඬුඉඳු පරපුරින් ආ සඳකැත්කුලකොත් කලිකල්සවැණි නිරිඳුන් කළබව යි. දෙවෙනි පැරකුම්බා රජතුමා සඳකුලෙහි නො ව හිරු කුලෙහි උපන්නෙකි. එතුමාගේ පිය වූ විජයබාහු රජතුමා ශ්රීු සංඝබොධිරාජවංශිකයෙකැයි මහාවංශයෙහි* (8-10) සඳහන් වේ. දළඳාසිරිතෙහි හා දෙවෙනි පැරකුම්බා රජතුමාගේ කාලයේ ම ලියූ පූජාවලියෙහි (34 වන පරිච්ඡේදයෙහි) ත් හත්ථවනගල්ලවිහාරවංසයෙහිත් “ජයම්හ බෝ වඩා ආ සිරිසඟබෝ වංශයෙන් පැවැත ආ” බව දැක්වේ. ජයමහබෝ වඩා ආ පරපුර හිරුකුලට අයත් ශාඛාවක් වූ මෞර්යවංශයයි. එහෙත් දෙවෙනි පැරකුම්බාරජ පඬුඉඳු හෝ සඳකුලකැත්කොත් හෝ විය නො හැකි ය. එසේ නො වන විට කව්සිළුමිණ ද කිසිසේත් එතුමාගේ කෘතියක් විය නො හැකි ය.

දෙවෙනි පැරකුම්බා රජතුමාගේ දහම්පසක්නාවන් වූ දෙවපතිරාජයන් විසින් දෙවුන්දර පිහිටුවනලද ශිලාලේඛනයෙහි ඒ රජතුමා නෙම්බර සොමරාජ පරම්පරාවෙන් පැවත ආ බව දක්වන ලදී. එහි ‘සොමරාජ පරම්පරා’ යන්නට අර්ථ දෙකක් දිය හැකි ය. එකක් නම් ‘චන්ර්පරමරාජ පරම්පරා’ යන්න ය. සොමවංස

  • 1902 දී ලංකා ආණ්ඩුව විසින් මුද්රදණය කරවනලද සිංහල මහාවංශය

යන්න ඒ අර්ථයෙහි මහාවංශ 63 වන පරිච්ඡේදයෙහි 14 වන ගාථාවෙහි ද යෙදුනේ ය. අනෙක නම් ‘සොම නම් රජුගේ පරම්පරා’ යන්න ය. මේ දෙවෙනි අර්ථය අපෙක්ෂා කොට ඒ වචනය යෙදිනැයි සැලකීම වඩා යොග්ය ය යි හඟිමු. අභිධර්මදත්ථසඬ්ග්ර හයෙහි නිගමනගාථාවන්හි ‘නම්බ’ නම් උතුමෙකු ගැණත් ‘මූලසොම’ නම් විහාරයක් ගැණත් සඳහන් වේ. ‘නම්බ’ යන්න හා නගරග්රාැමවාචී (ද්ර විඩ) ‘ඌර්’ යන්න ද එක් වීමෙන් ‘නෙම්බර’ යන සිංහලවචනය සිද්ධ විය හැකි ය. එසේ වුවොත් එහි අර්ථය නම් “නම්බ නමැත්තාගේ ග්රා මය” යනු යි. ‘මුලසොම’ යන තන්හි ‘සොම’ යන්න පුද්ගලයෙකුගේ නමකැයි සැලකිය හැකි ය. දෙවුන්දර ශිලාලිපියෙහි සඳහන් සොමරාජ පරම්පරාව ඔහුගේ පරම්පරාව විය හැකි ය. ඒ ‘සොම’ නම් රාජයා කවර වංශයකට අයත් දැයි වෙසෙසා දැක්වීමට සාධක නැත්තේ ය එහෙයින් දෙවෙනි පැරකුම්බා කාලයෙහි ලියූ පොත්වල පෙණෙන කථාවන්ට විරුද්ධ ව අවිනිශ්චිතාර්ථ ඇති යථෝක්ත ශිලාලේඛන පාඨයෙහි එල්ලී දෙවෙනි පැරකුම්බා රජතුමා චන්ද්රෝවංශිකයෙකැයි සැලකීම සුදුසු නො වේ.

කව්සිළුමිණ වනාහි සසදාවතට ද වඩා පුරාතනය යි කරුණු කීපයකින් ම ස්ඵුට වේ. සමහරවිට සසදාවත්කරුවෝ අන්යක කාව්යියන්ගෙන් අදහස් ආදිය ගත්හ. සසදාවතෙහි 65වැනි ගීයෙහි.

“වියොවුන් සියො කරැ = සියොවුන්1 සතොස වඩමින්”

යන්න ගුරුළුගෝමීන්ගේ ධර්මසප්රසදීපිකාවේ කාලිඬ්ඝබොධිකථාවේ එන “වියොජනන් සියො කෙරෙමින් සියොජනන් මනදොළ පුරමින්” යන පාඨය බලබලා ම ලියූවක් බව හැඟේ. කව්සිළුමිණ කළ කවිවරයාට එබඳු චොදනාවක් කළ නො හැකි ය. සසදාවතෙහි 17 වැනි ගීයෙහි හා කව්සිළුමිණෙහි 6 වැනි ගීයෙහිත් 4වැනි පාදය “පිළි මෙහි විතර පානෙම්” යන්න ය. කව්සිළුමිණෙහි 21 වැනි ගීයෙහි සඟවා කී සිද්ධයන්ගේ අසිද්ධ වූ රුචිය කුමක් දැ යි සසදාවත්කාරයෝ එහි 205 වැනි

“එපුරෙහි මුළු මුළු වැ - ලාලී කෙළිතු වමියන්, උඩුහුරු වත්සිරි බලා - සිදු කළ සිදු තමන් රිසි”

(ඒ පුරයෙහි කතුන් සමූහ සමූහ ව ලාලී කෙළින කල්හි උඩුකුරු වූ මුඛයන්හි ශ්රී ය බලා සිද්ධයෝ තමන්ගේ රිසිය සිදු කළහ) යන්නෙන් පැහැදිලි කරති. කව්සිළුමිණ සඟවා තැබූ

1.සියොතුන් - මුද්රි්ත 

සිද්ධයන්ගේ රුචිය කුමක් දැ යි පැහැදිලි කිරීමට ම සසදාවත් කාරයන් මේ ගීය බැඳිබව හැ‍ඟේ. කව්සිළුමිණි ගීය සසදාවත් ගීයට වඩා අළුත් නම් සසදාවත් ගීයෙහි “වත්සිරි බලා සිදු කළ සිදු තමන් රිසි”යි නො කියා “වත්සිරි බලා සිදු නෙත් ලැබුමැ පල ලද” (චක්ත්රනශ්රීාය බලා සිද්ධයෝ නෙත් ලැබුමෙහි ඵලය ලදහ) යන ආදී අනික් අර්ථයක් දෙන වචන යොදනු නො අනුමාන ය. ( සසදාවෙහි 20 වැනි ගීය ද බැලිය යුතු). සසදාකරුවන් කව්සිළුමිණෙන් උපකාර ගත් තැන් කව්සිළුමිණෙහි 12, 16, 56, 502, 503, 550, 584 යන ගීවලට ලියූ වර්ණුනාවන්හි දී දක්වන ලදී. සසදාහි 193 වන ගීය ද කව්සිළුමිණෙහි 140 වැන්නෙන් ආභාසය ලැබූවකි. එහෙයින් කව්සිළුමිණ සසදාවතට ද වඩා පුරාතන ය යි එයින් ඔප්පු වේ. සසදාවත කරන ලද්දේ ලීලාවතී රාඥියගේ කාලයේහි ය. සසදාවතට වඩා කව්සිළුමිණ පැරණි නම් කිසිසේත් එය දෙවෙනි පැරකුම්බා රජු විසින් කරණ ලද්දක් විය නො හැකි ය.

දෙවෙනි පැරකුම්බා රජතුමාගේ කෘතියක් වූ විශුද්ධිමාර්ගක සන්නයෙහි දෙතැනකින් ම කව්සිළුමිණ එතුමාගේ කෘතියක් නො වෙතැ යි හැඟෙනබව 583, 614 වැනි ගීවලට ලියූ විස්තරයන්හි දක්වන ලදී.

මහපැරකුම්බා රජතුමා පඬුපරපුරෙහි උපන්නෙකු හෙයින් මේ කව කළ පඬුඉඳු නම් එතුමා ම ය යි සමහරු සිතති. අපගේ අදහස හාත්පසින් ම ඊට වෙනස් ය. මහපැරකුම්බා රජුගේ මුත්තනුවන් පඬුකුමරෙකු ( ම. ව. 59 – 41) හෙයින් එතුමා පඬුඉඳු කෙනෙකුන් බව සැබෑ ය. පඬුපරපුර චන්ද්රැවංශයට අයත් බව ද සත්යක ය. මහපැරකුම්බා රජතුමාගේ පියානන් වූ මානාභරණ (වීරබාහු) මහ ඈපානන් කළ “සියලු රාජකුලයන්ගේ මුදුනෙහි වූ පිරිසිදු වූ චන්ද්රෙවංශයෙහි උපන්නා වූ අපි වනාහි..........පොහොසත් වූවෝ වම්හ” ( ම. ව. 62 – 5, 6) යන ආදී විතර්කපයෙන් ඒ බව පැහැදිලි ව පෙණේ. එතුමා උගතෙකි. එහෙත් මේ තරම් ශ්රේදෂ්ඨකාව්යඊයක් කිරීමට තරම් කවීත්වයක් එතුමා තුළ තිබුනේ ය යි කීමට සාධකයක් නැත. මහපැරකුම්බා රජතුමා පිළිබඳ ඉතිහාසය ඉතා පැහැදිලි ය. එතුමාගේ මුළු කාලය ම යෙදුනේ යුද්ධ හා රටෙහි අභිවෘද්ධියත් සඳහා ය. එතුමා තමා විසින් කරවූ සුළු දෙය පවා කල් පසු නො කොට මහාවංශයෙහි ලියවා තැබවී ය. මහාවංශයෙහි වැඩි කොටසක් වැසුනේ එතුමා පිළිබඳ ඉතිහාසකථාවන් සඳහා ය. ආරොග්යුශාලාවට ගොස් ලෙඩෙකුට බෙහෙතක් නියම කිරීම ( මහාවංශ 73 -45) ලෙඩ වූ


කවුඩෙකුට පිළියම් කරවීම ( ම. ව. 73-49, 54) යන ආදී සුළු කරුණු පවා ලියවා තබන්නට අමතක නො කළ එතුමා තමා විසින්ම ඉතා උසස් කෘතියක් ලෙස සැලකෙන (1-3, 4 ගී), මේ තරම් උසස් කාව්ය්යක් කෙළේ නම් ඒ සඳහා මහාවංශයට තවත් පරිච්ඡේදයක් එකතු කරවනු නියත ය.

මහපැරකුමබා රජතුමාට විරුදනාම රාශියක් තුබුනු බව නිකායසංග්ර හයෙහි සදහන් වේ. එහෙත් “කලිකාලසර්වසඥ” වන නාමයක් තුබුනු බව එහි හෝ අනෙක් ඉතිහාසග්රුන්ථයක හෝ නො දැක්වේ. “කලිකාල සර්වසඥ” යන උපාධිය දැරූ රජතුමා එය ඉතා උසස් කොට සැලකූ බය එය ම කව්සිළුමිණෙහි යෙදීමෙන් හැ‍ඟේ. මහපැරකුම්බා රජතුමාගේ උපාධිනාමයන් අතර මේ උසස් උපාධිය නො තිබීමෙන් ම පැහැදිලි වන්නේ කව්සිළුමිණ කළ කලිකල්සවැණි නිරිඳුන් එතුමා නො වන බව ය. (මෙහි නිගමන ගීවලට ලියූ විස්තරය ද බැලිය යුතු.)

මහපැරකුම්බා රජතුමාගෙන් පසු ව සසදාවතට පෙර මෙ බඳු කවක් නිපදවීමට ශක්තිය ඇති ව සිටි එක ම නිරිඳා වනාහි (දෙවෙනි) පණ්ඩිත විජයබාහු රජතුමා ය. එතුමා නරෙශ්වර වන්ට ද පෙර කවිශ්වරපණ්ඩිතයෙකි. මහාවංශය ම ඒ බව කියයි. (ම.ව.80-1). එතුමා පඬුඉඳු කෙනෙක් දැ යි දැන් පරීක්ෂණය කළ යුතු වේ.

ලඬ්කාශිලාලේඛනසංග්රපහ (Epigraphia Zeylanica) යෙහි සම්පාදකයා වූ වික්රුමසිංහ මහතා හා මහාවංශය ඉංග්රීයසියට පරිවර්තලනය කළ ජර්මනන් ජාතික මහාචාර්ය ගයිගරි මහතා ද දෙවෙනි විජයබාහු රජතුමා කාලිඬ්ගවංශිකයෙකැ යි සිතති. ශිලාලේඛනසංග්රමහයෙහි දෙවෙනි කාණ්ඩයෙහි 181 වැනි පිටුවෙහි තිබෙන පණ්ඩිත විජයබාහුරජතුමාගේ කාලයේ කරවන ලද ශිලාලේඛනයෙක්හි පෙණෙන “පරාක්රදමබාහු වත්හිමියානන් වහන්සේ ස්වවංශය මත්තට ද පවත්නා කැමැති ව පූර්ව‍රාජයන් කොට ආ පරිද්දෙන් ම සිංහපුරයට යවා බෑනනුවන්වහන්‍සේ ගෙන්වා තමන් වහන්සේ (නමුලා) හිමියා පට බන්දවා සර්වන ශාස්ත්රතයෙහි නිපුණ කරවා ඇති කොට වදාරා. රාජ්යනය සනාථ කොට කලාතුරෙන් ස්වර්ගුස්ථ වූ කල්හි ඉෂ්ටක්ර මයෙන් අභිෂික්ත වු විජයබාහු වහන්සේට”යන පාඨයෙහි පෙණෙන “සිංහපුරයට යවා” යන්න හා මේ පාඨයෙහි අග කොටසෙහි පෙණෙන “කාලිඬ්ගපරම්පරාවට ම රාජ්යිය සාධා දුන් හෙයිනුත්” යන්න ද ඒ දෙදෙනාගේ නිගමනයට හෙතු වූයේ ය යි සිතමි.

මෙහි සඳහන් “සිංහපුරයට යවා” යන්න හා “කාලිඬ්ග පරම්පරාවට රාජ්යසය සාදා දුන්” යන්න ද සත්යනය ද? සිංහපුරය කොහි පිහිටියක් ද? අසත්යදය නම් කවර හෙයින් මෙය ලියන ලද ද? යනු පරීක්ෂා කිරීම වටී.

දෙවෙනි විජයබාහු රජතුමා ගජබාහු රජහුගේ මෙහෙසුන් බවට පත් ( පැරකුම්බාරජුගේ නැඟනියක් වූ) භද්ර?වතීකුමරියගේ (ම.ව.66-148) පුතෙකැ යි වික්රරමසිංහ මහතා සලක යි. (ශි. සං 2-180). පැරකුම්බා රජතුමාට සොහොයුරියන් හතර දෙනෙකුන් සිටින්නට ඇතැයි ද ඔවුන්ගෙන් එකක කලිඟුරට රජකුමරෙකුට විවාහ කරදුන්නා විය හැක්කැයි ද, විජයබාරජ ඒ කලිඟු කුමරාගේ පුතෙකු විය හැකි ය යි ද ගයිගර් මහතා සිත යි.

මේ දෙදෙනා ම යථොක්ත ශිලාලේඛනපාඨයෙහි “ස්වවංශය මත්තට ද පවත්නා කැමති ව” යන පාඨය දෙසට පරීක්ෂණාක්ෂිය යොමු නො කිරීමෙන් ම ඒ නිගමනයන්ට බැසගත්බව කිය හැකි ය.

මහපැරකුම්බාරජු පාණ්ඩ්යකවංශිකයෙකු බවත් පඬුපරපුර චන්ද්රුවංශයට අයත් බවත් යට දැක්වීමු. ගජබාරජ කලිඟුකුලෙහි උපන්නෙකි. (ම. ව. 63-8).

ස්වවංශය පවත්වන්නට කැමති වූ “රණකෙළියෙන් ම මිරිකා ගජබාහුරජහු ජීවග්රා හයෙන් ගෙණ (සුළු) පිය වූ කිත්සිරිමේ රජහු පොළොන්නරුවට ගෙණවුත් උහු මත දෙනු ලබන අබිසෙව් දියෙන් පියන් තුන්දෙනාගේ පරාජය කිලිට ශුද්ධ කරන්නට” (ම.ව. 67-16) වරක් සිතූ පැරකුම්බා රජතුමා, සියනැඟනියන්ගේ කුස හොත් නමුදු ගජබාරජුගේ පුතෙකු තමාගේ ඇවෑමෙන් රජකමට තෝරා නො තබනු ඒකාන්ත ය. කලිඟු රජකුමරෙකුගේ පුතෙකු ගැණ කිය යුත්තේ ද එය ම ය. වික්ර මසිංහ මහතා අන්ලෙසකින් (ශි. සං2-180 පිටුව) තෝරාගත් ගජබාරජහුට පුත්රරයෙකු නො සිටි බව මහාවංශය ම (70-334) කියයි.* වික්ර මසිංහ මහතා සිතන පරිදි

  • කව්සිළුමිණට පරිවාරග්රජන්ථයක් ලියූ දෙදෙනෙක් මේ කල්පලතා ව්යුඛ්යාෝව ගැණ “කව්සිළුමිණට ඔබගෙන් ලැබුණේ මාහැඟි අර්ථව්යා‍නයකි. අතුල්ය් විවරණයකි. අනුපමසඬ්ග්රනහයෙකි. එහෙයින් ආධුනිකයකුට වුව ද කව්සිළුමිණ දැන් ලෙහෙසියෙන් තරණය කළ හැක්කේ ය” යි මුව නො සෑහෙන තරම් මහාවර්ණ නාවක් කරමින් ම “ගජබාරජුට පුත්රවයෙකු නො සිටි බව මහාවංශය ම කියය” යන මේ කීමට විරුඬ වෙති. ස්වපක්ෂ සමර්ථනය පිණිස “සෙනාව සුව‍ සේ ම නුවරට පිවිස ගජබා මිහිපතිහු ජීවග්රාසහයෙන් ගෙණ ප්රවසාදයෙහි ප්රුවිෂ්ට කරවූහ. චොළගඬග නම් කුමාරයා ද වික්රදමබාහු නම් කුමාරයා ද යන රාජපුත්රවයන් දෙදෙනා බැඳ

කලිඟුරටට ගොස් සිටියේ නම් ගජබා- පැරකුම්බා රජුන් අතර කර ගත් ගිවිසුමෙහි තමාගේ ඇවෑමෙන් සිය පුතුට පැරකුම්බා රජු විසින් පිළිපැදිය යුතු ආකාරය ගජබාරජු ලියවා තැබීය යුතු ය. ඒ ගිවිසීම ශිලාලේඛනසංග්රුහයෙහි 3 වැනි කාණ්ඩයෙහි 6 වැනි පිටුවෙහි පෙණේ. සූර්යවංශයට අයත් (ම. ව. 63 -11) කලිඟුකුලෙහි උපන්නෙකු රජ වූ විට චන්ර්යත්වංශයෙහි උපන් පැරකුම්බාරජුගේ වංශය නො පවතී.

පැරකුම්බාරජුට සහෝදරියන් සතරදෙනෙක් සිටියහ යි. ගයිගර් මහතා සිතතත් ඒ අහේතුක ය. මානාභරණ ඈපානන්ට දූ වූ, පැරකුම්බාරජුට වැඩිමහලු වූ සහෝදරියන් දෙදෙනෙකුත් සිටි බව මහාවංශයෙහි 63 වැනි පරිච්ඡේදයෙහි 4 වැනි ගාථාවෙන් ද නැඟනිකෙනෙකුන් සිටි බව 66-148 වැන්නෙන් ද පෙණේ. ඒ නැඟනියන් සිරිවල්ලභ ඈපානන්ගේ දුවක විය යුතු ය. මේ තුනදෙනාට වැඩි අනෙක් සහෝදරියක සිටි බවක් හෝ කලිඟුකුමරෙකුට විවාහ කරදුන් බවක් හෝ මහාවංශයෙහි නො පෙණේ. සැබවින් ම එබන්දක් වූයේ නම් මහපැරකුම්බා රජුගේ කාලයෙහි මහාවංශය ලියූවන්ට කිසි ලෙසකින් එය අමතක විය නො හැකි ය.

පැරකුම්බාරජු ස්වවංශයෙහි චිරස්ථිතිය පතමින් ගෙන්වූ මේ බෑනනුවන්ගේ මවුපියන් කවුරු දැ යි විසඳා ගැණීම දැන් අපහසු නො වේ. ‘බෑනා’ නම් භගිනියගේ- සහෝදරියගේ පුත්රටයා ය. පැරකුම්බාරජුගේ කනිටු භගිනියට දරුවෝ නුවූහ. දෙටුසොහොයුරිය වූ මිත්රාිකුමරිය මව වූ රත්නාවලීදේවිය

දඟගෙයි ලූහ (මහාවංශ 70-237)” යන පාඨය ද ගෙණ ඇර දක්වති මෙහි කී රාජපුත්රවයන් දෙදෙනා ගජබා රජුගේ ම පුත්රරයන් ලෙස සැලකිය නො හැකිය. ඒ රජ පිටරටවලින් රජකුමරුවන් ගෙන්වා නවත්වා ගත් බව මහාවංශ 70 වන පරිච්ඡේදයෙහි 53 වැනි ගාථාවේ පරිවර්තනය වු “ගජබාමිහිපල්තෙමේ දෙශාන්තරයෙන් මිසදිටු ගත් රජකුමරුවන් ගෙන්වා රජරට සතුරන් සහිත කෙළේ ය” යන්නෙන් ඔප්පු වේ. ඒ රාජපුත්ර යන් දෙදෙනා ද පිටරටින් පැමිණියන් විය යුතු ය. ‘චොළගඬ්ග’ යන නාමය ද සිංහල නාමයක් නො වේ. මහාවංශ 77 වන පරිච්ඡේදයෙහි 8 වැනි ගාථාවේ ද ඒ නාමය පෙණේ. නිශ්ශඬ්කමල්ලරජුගේ බෑනනු කෙනෙක් ද ‘චොලගඬග’ නාමයෙන් මේ රට රජ වී ය. (මහාවංශ 80-29) මාඝරාජකාලයෙහි (ශකවර්ෂන 1145හි) ද ‘චොඩගඬග’ නම් රජෙකු ලක්දිවට පැමිණි බව ශිලාලේඛන ඛණ්ඩයක (ශි. සං 5- 173) සඳු හන් වේ. චොඩගඬ්ග නාමය දැරූ ඔහු දෙදෙනාම විදේශිකයෝ යි. පැරකුම්බාරජු ඉදිරියෙහි දී මහාසඬ්ඝයා වහන්සේ වදාළ “ගජබාරජුට පුත්රරයෙක්නැත” යන කථාව අසත්යේ විය නො හැකි ය. මේ පිළිබඳ දීර්ඝකවිස්තරයක් 1948 දී ප්රනකාශයට පැමිණි, අප විසින් ලියූ, ගිරාසන්දේශ විස්තර වණනාවෙහි සංඥාපන අතිරේකයෙහි ඇතුළත් වෙයි.

විරුද්ධ ව සිටිය දී ම, පැරකුම්බාරජුගේ සුළුපියා වූ සිරිවල්ලභ ඈපානන් විසින් සිය පුත් මානාභරණකුමාරයාට විවාහ දෙන ලද බව මහාවංශයෙහි (63-16) සඳහන් වෙ යි. ඒ මිත්රා දේවියගේ සිරිවල්ලභ නම් කුමාරයෙක් උපන (ම. ව. 64-20). පැරකුම්බාරජුගේ දෙවන සොහොයුරිය වූ ප්රකභාවතී තොමෝ ද ඒ මානාභරණකුමාරයාහට ම මෙහෙසුන් වූවා ය. ඇගේ පුත්ර යා කීර්තිශ්රීාමේඝ නම් වී ය. (ම. ව. 64-24). මේ මානාභරණරජු හා පැරකුම්බාරජත් එක් කුස හොත් සහෝදරයන් දෙදෙනෙකුන්ගේ දරුවෝ ය. මානාභරනරජුගේ මව වූ සුගලාදේවියගේ පරම්පරාව පහත් ය යි පැරකුම්බාරජුගේ මව වූ රත්නාවලී දේවියත් (ම.ව.63-15) ඇගේ සහොදර වූ වික්රනමබාහුරජතුමාත් (ම.ව.62-59) පිළිකුල් කළ නමුත් මහාවීරයෙකු වු පැරකුම්බා රජතුමා කිසි සේත් එසේ සිතන්නට නැත. මතු දක්වනු ලබන ලෙඛනයෙන් සුගලාදේවියගේ පරපුර දත හැකි ය.

ජගතිපාල මෙහෙසිය = (රාමගෝත්රෙයෙහි වූ ) ජගත්පාල රජ

							(ම.ව.55-13)                                                            
 	ලීලාවතී = මහාවිජයබාහු රජ (ම.ව 58 -27

යශෝධරා = වීරවර්ම නම් කුමරෙක්.(වංශය අවිඥාතයි) (ම.ව. 58-27)

ලීලාවතී =වික්රහමබාහුරජ සුගලා සිරිවල්ලභ (58-46)

මහින්ද මිත්රා =මානාභරණ=ප්රජභාවතී ලීලාවතී=1පැරකුම්බ‍ා

සිරිවල්ලභ කීර්කිශ්රීරමේඝ.

මානාභරණරජුගේ මෙහෙස්නෝ දෙදෙන ම පැරකුම්බා රජුගේ සොහොයුරියෝ ය. එහෙයින් ස්වවංශය පැවැත්වීමට දරුවන් නො සිටි පැරකුම්බා රජතුමා විසින් ඇති දැඩි කර ගැණීමට ඉතාමත් සුදුසු බෑනා නම් මේ කුමරුන් දෙදෙනාගෙන් එකෙක් ය. මානාභරණරජු පැරකුම්බාරජුට විරැද්ධ ව නොයෙක් වර යුද්ධ කළ නමුත් ඔහුගේ දූදරුවන් හා මහපැරකුම්බාරජුත් අතර ජන්මාන්තරවෛරයක් පැවැත්වීමට ඒ යුද්ධ කිසි සේත් හේතුවන්ට නැත. පැරකුම්බාරජුගේ රාජ්යතසාධනය රජදරුවන් මරණු පිණිස නො ව ලොකශාසනයන්ගේ වර්ධ්නය පිණිස වී ය. (ම.ව.70-248). එහෙයින් එකු අතකින් පුත්ර‍ වූ ද, අනෙක් අතින් බෑනනුවන් වූ ද කුමරුන් කෙරෙහි, වික්ර මසිංහමහතා සිතන පරිදි, පැරකුම්බාරජු අඝාතයක් කිසි සේත් විය නො හැකි ය. මේ ප්ර ශ්නය විසඳීමට ඉතාමත් ඉවහල් වන මහාවංශ පාඨයක් නො සැලකීම නිසා ම වික්රිමසිංහ ගයිගර් යන මහතුන් නො මඟ ගත් බව කීය හැකිය. මරණමඤ්චකයෙහි හොත් මානාබරණරජතුමා කීර්තිශ්රීවමේඝකුමාරයා කැඳවා පරාක්රාමබාහු රජතුමා වෙත ගොස් එ තුමාට යටත් ව වසන සේ අවවාද කළ බව මහාවංශයෙහි (72-340. 137 පිටුව) සඳහන් වෙ යි. එසේ ම පරාක්රයමබාහුරජතුමා මානාභරණ භූපාලයා මළ බව අසා කීර්තිශ්රී මේඝකුමාරයා එතනින් ගෙන්වූ බව ද (72-343) සඳහන් වෙයි. ශ්රිඝවල්ලභකුමාරයා සොළීරටට පැන ගොස් බලවත් ව පරාක්රශමබාහු රජුට විරුද්ධ ව යුද්ධයට පැමිණි බව දෙමළ ලිපි වලින් හැ‍ඟේ. මහාවංශ 77 වන පරිච්ඡේදයෙහි 6 වන ගාථාවෙහි සඳහන් වන සිරිවල්ලභරජ ද මොහු ම විය හැකි ය. මහාවංශ 72 වන පරිච්ඡේදයෙහි 324,332 වන ගාථාවන්හිද ශ්රීාවල්ලභ කුමාරයා මරණමඤ්චකය වෙත නො කැඳවූයේ ඔහු ඊට පෙර ම සොළී රටට ගොස් සිටිහෙයිනැ යි සැලකිය හැකි ය.

ශිලාලේඛනයෙහි සඳහන් සිංහපුරය කුමක් වුවත් බැනා නම් මේ කීර්තිශ්රීසමේඝකුමාරයා ම ය නිශ්චය කිරීමට මීට වැඩි සාධකයක් නුවුව මනා ය. සිංහපුරය වූයේ කාලිඬ්ගදේශයෙහි ය. එහෙත් ලඬ්කාවෙහි පොළොන්නරුවට “පුලතිසිපුර නමැති කාලිඬ්ගපුරය”යි නිශ්ශඬ්කමල්ලරජුගේ සමහර ශිලාලේඛනයන්හි (ශි. සං. 2-158, 169 පිටු) සඳහන් වේ. ‘සිංහපුරය’යන නමින් ශාඛානගරයක් වූ බව ද මහාවංශයෙහි (78-87) සඳහන් වේ. පැරකුම්බාරජු කීර්තිශ්රීංමේඝකුමාරයා ගෙන්වූ “එතැන” ත් සිංහපුර නම් වී දැයි නො කිය හෙමු. එ තැන සිංහපුර නො වී නම්, ශිලා ලේඛනයෙහි සඳහන් “සිංහපුරයට යවා” යන්න අසත්ය්යක් විය යුතු ය. පැරකුම්බාරජු බෑනනුවන් ගෙන්වූ බව මුත් ගෙන්වූයේ කොතැනින් දැ යි නො දත් ශිලාලේඛන කෙටුම්පත් කළවුන්ගෙන් ඒ වැරැද්ද වීම ඉතා පහසු ය.

ඒ ශිලාලේඛනය පටන් ගත් තැන ම “ශ්රී කාලිඬ්ගනෘපා පරාක්රලමභූජඃ” යනුවෙන් මහපැරකුම්බාරජතුමාත්, අග කොටසෙහි “කාලිඬ්ගපරම්පරාවට ම රාජ්ය ය සාධා දුන් හෙයිනුත්” යන්නෙන් පණ්ඩිත විජයබාහු රජතුමාත් කාලිඬ්ගවංශයට ම අයත් සේ දක්වන ලදී. මහපැරකුම්බාරජතුමා විසින් කරවූ කතිකාවතෙහි ද එතුමා සූර්යවංශොද්භූත සේ කියන ලදී. මීට හේතු කවරේ ද? සමහර ශිලාලේඛන කාරයෝත් ඉතිහාස

කාරයෝත් සමහරවිට රජුන්ගේ පිතාවංශය ද, කිසිවිටක මාතාවංශය ද, සමහර විට ඒ දෙක ම ද ප්රකධාන කොට දැක්වූහ. පැරකුම්බාරජුගේ මවු වූ රත්නාවලීදේවියගේ මව කලිඟුරජපරපුර උපන් තිලෝකසුන්දරී නම් බිසොවකි. (ම.ව.59-29) රත්නාවලිය සූර්යවංශයට ආභරණයකැ යි මහාවංශයෙහි කියන ලදී. (ම.ව.63-11). එහෙයින් පැරකුම්බාරජු සූර්යයවංශයට හා කලිඟුපරපුරටක් හෙළන්නෝ මාතෘවංශය ප්ර ධාන කොට සලකති. පැරකුම්බාරජුගේ බිසොවක වූ ලීලාවතිය ද චන්ද්ර‍වංශයට- පඬු පරපුරට අයත් බව “සුඛාමයූඛාමලපණ්ඩුවසජං” යනුවෙන් දාඨා වංශයෙහි කියන ලදී. එක් ශිලාලේඛනයක (ශි.සං 2-193 පිටුව) ඇය “ සූර්යවංශාහිජාත” සේ සඳහන් වේ. මහාවංශයෙහි (80-50) හා සසදාවතෙහිත් (13) ලීලාවතිය චන්ද්රාසූර්යවංශවයයෙන් උපන් බව කියන ලදී. ලීලාවතියගේ පිය වූ සිරිවල්ලභ ඈපානන් චන්ද්රස වංශයට-පඬුපරපුරට අයත් හෙයින් ලීලාවතිය පණ්ඩුවංසජ යි කීම ද, මව වූ සුගලාදේවිය මහාවිජයබාහුරජුගේ මිනිබිරියක නිසා සූර්යවංශයට අයත් හෙයින් සූර්යවංශාභිජාතය යි කීම ද වැරදි නො වේ.

සිංහලයන්ගේ ආදීම රජ වූ විජයරජතුමා කාලිඬ්ගයෙකැයි පුරාතනයෝ සැලකූහ. (මහාවංශ 6-1, 63-13). එහෙයින් සමහර සිංහලයෝ කාලිඬ්ගයන්ට වැඩි ඇල්මක් දැක්වූහ. නිශ්ශඬ්කමල්ල රජුගේ දුබලකම් වසා ගැණීමට නොයෙක් විට කලිඟුකුලය ඇද පෑමෙන් ඒ බව ඔප්පු වේ. ඒ බව දන්නා ශිලාලේඛනකාරයෝ සිය රජුට මහජනයා පක්ෂපාත කරණු සඳහා පණ්ඩිත විජයබාහු රජතුමා කලිඟුකුලවතෙකු කොට ම දැක්වූහ. පණ්ඩිත විජයබාහු රජතුමාගේ මව පැරකුම්බාරජුගේ සහෝදරියකි. පියා ලීලාවතී දේවියගේ සහෝදරයෙකි. එහෙයින් විජයබාහු රජතුමාට වුව මනා ඇති සේ කලිඟුකුලයටත් පඬුකුලයටත් පනින්ට ඉඩ තිබේ. සමහරවිට ‘දෙවෙනි විජයබා රජු කලිඟුකුලයට අයත් ය’ යන අදහස පණ්ඩිත විජයබාහු රජුගේ උපරජ වූ කීර්තිනිශ්ශඬ්කමල්ලයන් විසන්ම සන්නස් ලියූවන් තුළ ඇති කළ සේ ද සැලකිය හැකි ය. නිශ්ශඬ්කමල්ලරජුගේ බොහෝ ශිලාලේඛන මෙන් ම යට දැක්වූ ශිලාලේඛනයත් ශ්ලෝකයකින් පටන් ගැණීම ද මේ අදහස තහවුරු කෙරෙ යි. ඒ ශිලාලේඛනයෙහි “පූර්වරාජයන් කොට ආපරිද්දෙන් ම” යන්න ද සලකා බැලිය යුත්තකි. සිංහපුරයෙන් ලක්දිව රජකමට සුදුස්සෙකු ගෙන් වූ පූර්වරාජයෙකු ගැණ ඉතිහාසයෙහි සඳහන් නො වේ. විජය රජුගේ ඇමතියෝ නම් එබන්දක් කළහ. පැරකුම්බාරජු සිංහපුරයෙන් බෑනනු කෙනෙකුන් ගෙන්වූ බව සැබෑ නම් එය මහාවංශයෙහි ලියවනු ඒකාන්ත ය. කීර්තිශ්රී මේඝකුමාරයා ගෙන්වූ බව ලියූ මහාවංශකාරයෝ ඊට වඩා වැදගත් සේ සැලකිය හැකි මේ ශිලාලේඛනයෙහි සඳහන් ප්රවවෘත්ති‍ යෙහි දී කවරහෙයින් ගොලු වූවෝ ද?

පණ්ඩිත විජයබාහුරජතුමාගේ කාලය ඉතා ලුහුඬු ය. එක් අවුරුද්දක් පමණකි. එතුමා රජයට පැමිණි දෙවෙනදිනයෙහි ම රටෙහි වියවුල් උපන් බව එතුමා ගැණ සඳහන් ශිලාලේඛනයෙන් පෙණේ. අවුරුද්දක් ඇතුළත දී මහින්දල නමැති කාලිඬ්ගයෙකු විසින් දුෂ්ට ප්ර යෝගයකින් මරවන ලදී. ගයිගර් මහතා මේ මහින්දි නමැත්තා කාලිඬ්ගයෙකු නො ව කුලිඬ්ගයෙකු බව කිය යි. කුලිඬ්ගකුලය මෙහෙකරුකුලයක් බව මහාවංශයෙහි (19-3) සඳහන් වේ වෙස්සන්තරජාතකයෙහි (බු.ස. 292 පිටුව) “කිලිඟින්” යි සඳහන් වන්නේ මේ කුලිඬ්ගකුලිකයින් සඳහා ම ය. ඒ කුලයෙහි මිනිසෙකු විසින් රජු මැරවුවත් ඔහුට පැයක් වත් රජ වන්ට ඉඩ නො ලැබෙනු නියත ය. එහෙයින් ඒ මහින්දජ නමැත්තා කාලිඬ්ගයෙකු ම විය යුතු ය. විකුම්බාරජුට ද මහින්ද නම් පුතෙක් සිටියේ ය. විජයබාරජු මැරවූ මහින්ද ඔහු ම විය හැකි බව සිතිය හැකි ය. එයිනුදු අනුමාන කට හැක්කේ දෙවෙනි විජයබාහු රජතුමා සැබැවින් කලිඟුකුලවතෙකු නො වන බව ය.

මේ විජයබාහුරජුගේ උපරජ වූයේ කීර්තිනිශ්ශඬ්කමල්ල නම් කුමරෙකි. (ම.ව 80-19). ඔහු කලිඟුරට සිංහපුරයෙහි ශ්රී් ජයගොප නම් රජුගේ පුතෙකු බව ඔහුගේ ශිලාලේඛනයන්හි සඳහන් වේ. (ශි. සං 2-104 පිට). ලක්දිව රජ කරණු පිණිස කුලජෙටු මහරජුන් අයදමෙන් මෙ ලකට පැමිණි බව ද හෙතෙමේ කිය යි. මහපැරකුම්බා රජතුමා කීර්තිශ්රීතනිශ්ශඬ්කමල්ලයන් නො ගෙන්වූ බව සලකන්ට කරුණු තිබේ. මහපැරකුම්බාරජු අයුතු අයබදු ගෙණ රට දුඃඛිත කළේ යයි රටවැසියන්ට අඟවන්ට නිශ්ශඬ්කමල්ල රජ ප්රදයත්න කළබව සමහර ශිලාලේඛනයන්ගෙන් හැඟේ. ඔහු තුළ මහපැරකුම්බාරජු කෙරෙහි ප්රහසාදයක් වූයේ නම් එසේ නො කරයි. යථොක්ත කථාව පුරසාරම් කීමෙහි ඉතා දක්ෂයෙකු වූ ඒ රජුගේ පුරසාරමක් නො වූයේ නම්, ඔහුට මෙහි එන ලෙස “අයැදි” කුලජෙටුමහරජුන්ගෙන් එක්කෙනෙකු ගජබාහු රජු හෝ මේ විජයබාහුරජතුමා ම හෝ විය හැකි ය. එසේ නම් පාණ්ඩ්යුවංශිකයෙක් වූ විජයබාහු රජතුමා කාලිඬ්ගයෙකු ගෙන්වා උපරජකමට පත්කර ගත්තේ කවර හෙයින් ද? යන ප්රඬශ්නය නඟී.


මෙරට අවුල්වියවුල්වලට මූලිකයන් වූ කාලිඬ්ගවංශිකයන් සනහනු සඳහාත් තමාගේ ඇවෑමෙන් රාජ්ය යට සුදුසු ස්වවංශිකයෙකු නො සිටි හෙයිනුත් විජයබාහුරජතුමා කලිඟුරටින් පැමිණි නිශ්ශඬ්කමල්ලයන් උපරජකමට පත්කර ගත් බව සිතිය හැකි ය. මෙ රට රජකමට සුදුස්සෙකු මෙරට කලිඟුපරපුරෙහි නැති වුවොත් කලිඟුරටින් ගෙන්වා ගත යුතු ය යි නිශ්ශඬ්කමල්ලරජ ශිලාලෙඛනමුඛයෙන් (ශි. සං 2-109) මහජනයාට නොයෙක් වර අවවාද කිරීමෙන් පෙණෙන්නේ රටෙහි එක් පක්ෂුයක් කලිඟු කුලවතුන්ට අවනත ව සිටි බවයි. කලිඟුකුලෙහි උපන් රජුන් ම ලක්දිව බලවත් ව සිටි බව මහාවංශ 63 වන පරිච්ඡේදයෙහි 7 වන ගාථාවේ ද සඳහන් වේ. සෙසු කාලිඬ්ගකුලිනයන්ට කෙසේ වුවත් නිශ්ශඬ්කමල්ලරජුට විපක්ෂං වූවෝ ගොවිකුලෙහි බලවතුන් ය යන බව නිශ්ශඬ්කමල්ල ලිපියකින් ම ඔප්පු වේ. (ශි.සං 2-159). ගොවි කුලෙහි උපන් බලවතුන් කලිඟුකුලෙහි උපන් සෙසු රජුන්ට විරුඬ වූ බව සාධකයක් නැත. ඔවුන් නිශ්ශඬ්කමල්ලරජුට විරුද්ධ වන්ට ඇත්තේ ඒ රජු විදේශිකයෙකු වූ නිසා ය යි සිතිය හැකි ය.

පැරකුම්බාරජුට මෙරට සිටි එක ම බෑනා කීර්තිශ්රීය මේඝ කුමාරයා බවත්, දෙවෙනි විජයබාහු නමින් රජ වුයේ එතුමා බවත් එතුමා ද සඳකුලහොත් පඬුඉඳුකෙනෙකුන් බවත් මෙ තෙක් දැක්වූ කරුණුවලින් පැහැදිලි වේ. එතුමා කිවිසුරෙකු බව මහාවංශය කිය යි. එතුමා ‘කිවිසුරු’ යන නම ලබන්ට ඇත්තේ නිකම් ම නො වේ. ශ්රේුෂ්ඨකාව්යඳයක් කිරීමෙනි. ඒ කාව්යබයට වූයේ කුමක් ද? ඊට පෙර ද ඉතාමත් ආසන්න කාලවල ද කළ සියබස්ලකර, මුවදෙව්දාවත, සසදාවත ආදී පොත් තිබිය දී එය පමණක් නැති වූයේ කවර හෙයින් ද? එය නැති වූයේ නො වේ. මෑත සිටියන්ගේ අපරික්ෂාකාරීත්වය නිසා එය අන් රජකෙනෙකුන්ට අයත් ය යි සම්මත වී ය. ඒ කාව්යකය නම් මේ කව්සිළුමිණ මැ යි.

එතුමා මේ කාව්යවය රචනා කරන්ට ඇත්තේ රජ වන්ට පෙර යුවරජකමෙහි සිටිය දී ය. කව්සිළුමිණෙහි සමහර වර්ණළනාවන්ගෙන් පෙණෙන්නේ එහි කර්තෘී ශෘඬ්ගාරරසාධික තරුණ කවිවරයෙකු බව ය. විජයබාහුරජුගේ අකාලමරණයට දීපනී නම් ගොපලු දුවක ද හේතු වූ බව මහාවංශය කිය යි. මේ දීපනිය නගරශ්රෝුභිනියක ද විය හැකි ය. මේ ප්රමවෘත්තිය කියවන විට කාලිදාසකවිවරයන්ගේ චරිතය සම්බන්ධ දුර්වලස්ථාන ද සිහියට නැ‍ඟේ.


දෙවෙනි විජයබාහු රජතුමාගේ ‘කලිකාල සර්වයඥ’ යන විරුධ නාමය මහාවංශයෙහි සඳහන් නො වූයේ මහාවංශය ලියූවන් එය නො දැන සිටි හෙයිනි. එතුමා පිළිබඳ ව මහාවංශයෙහි ලියවුනේ එතුමාගේ මරණයෙන් අවුරුදු ගණනකට පසු ව ය. මහපැරකුම්බාරජුගෙන් (ක්රිු.ව1186) පසු දෙවෙනි පැරකුම්බාරජු (ක්රි්.ව 1225-1296) දක්වා රටෙහි නොයෙක් අවුල්වියවුල් වී ය. එහෙයින් මහාවංශය නිසි පරිදි ලියවා තබන්ට ඒ කාලයෙහි රාජ්යුය කළවුන්ට ඉඩ ද වුව මනාවක් ද නො වී ය. දෙවෙනි විජයබාහු රජු ගැණ මහාවංශයෙහි ලියවුණේ ගාථා සොළොසක් පමණකි. ශිලාලේඛන මුඛයෙන් ආත්මවර්ණනාව කළ, පුරසාරම් කීමෙහි කිසිවෙකුට නො දෙවෙනි, නිශ්ශඬ්කමල්ලරජුගේ ඉතිහාසයට යෙදුනේ (80-19, 26) අටකි. එසේ හෙයින් විජයබාරජු ගැණ සම්පූර්ණට විස්තරයක් මහාවංශයෙහි ඇතුළත් නො වන බව කිය හැකි ය.

ව්යා.කරණච්ඡ‍ෙන්ර්ශයෙලඬ්කාරාදී ශාස්ත්රාිනන්තරයන්ට එක් එක් පොත බැගින් ලියූ හේමචන්ර්්ශය නම් ජෛනචාර්යවරයා ද ‘කලිකාල සර්වලඥ’ යන උපාධිය ලබා සිටි බව සංස්කෘත සාහිත්යන ඉතිහාසඥයෝ දනිති.

කව්සිළුමිණෙහි කර්තෘ කවරෙක් දැ යි විසඳා ගැණිමට මේ ටික ප්රමමාණ ය යි සිතමු.

කව්සිළුමිණ කළ කවිවරයා කවරෙක් දැයි විසඳීමට අප විසින් ප්ර ථම මුද්රෙණයේ දී පැවසූ අදහස්වලට විරුද්ධ ව නොයෙක් පින්වතුන් කරුණු දැක්වූ නමුත් අප දැක්වු හෙතුදාහරණ බිඳීමට සමර්ථ තර්කාරනුකූල නිබන්ධයක් මේ තාක් නො දැක්කෙමු. පණ්ඩිත වාදයට සුදුසු ශිෂ්ට සීමාව නො පැන, අහඬ්කාරපරවශ නො වී, සිය අදහස් පළ කළ කාහටත් ස්තුති කරමු.

පැරණි සන්නය

[edit]

මේ කාව්ය්යට ලියා තිබෙන පැරණි සන්නය පරීක්ෂාකර බැලූ විට පෙණෙන්නේ ඒ සන්නය ලියන්නට පෙර ද කව්සිළුමිණට ගැටපදවිවරණයක් තුබුනු බව ය. දැන් තිබෙන සන්නය ලියා තිබෙන්නේ කව්සිළුමිණ බෙහෙවින් අශුද්ධ වූවාට පසු ව ය. සන්න කර්තෘ් අශුද්ධස්ථාන ශුද්ධ නො කොට ම දුෂ්ටපාඨයන් උද්ධරණය කරමින් අර්ථය හිතට නැගුනු යමක් ම ලියූ බව නොයෙක් තැන්වලින් පැහැදිලිව පෙණේ. ඒ තැන් ඇද දැක්වීම මේ ලිපිය දීර්ඝස වීමට හේතුවකි. ඒ පැරණිසන්නය දැන් සුලභ ය. ඒ හා අපේ අර්ථව්යාුඛ්යාණනයත් සසඳා බලන්නෙකුට එ බඳු තැන් සියගණනක් දැක්ක හැකි ය. මේ පොතෙහි කර්තෘ කවරෙකු වුවත් අපට එයින් වැඩක් නැත. කවීශ්වරයෙකු වුව ද ශ්රේනෂ්ඨපණ්ඩිතයෙකු වූ ද සිංහල රජ කෙනෙකුන්ගේ අතිශ්රේ්ෂ්ඨකෘතියක් අපට උරුම වී තිබේ. එය වර්තෙමාන සිංහලයන්ගේ ආඩම්බරයට හේතුවකි.

අපේ සංස්කරණය හා ව්යාහඛ්යායනය

[edit]

අප විසින් කව්සිළුමිණ කොතරම් දුරට සකස් කරණ ලද දැ යි වැටහෙන්නේ පැරණි පොත හා මෙය සසඳා බලන අයට ට. ලියන්නන් විසින් වරදවනලද, පැරණි සන්නකාරයන් විසින් එසේ ම පිළිගෙණ, වරදවා අර්ථ කී තැන් බොහෝ ගණනක් අපි සකස් කළෙමු. විශේෂයෙන් 20, 24, 27, 28, 48, 57, 68, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 83, 84, 92, 93, 113, 114, 115, 117, 133, 135, 136, 151, 153, 154, 157, 158, 160, 162, 169, 171, 172, 173, 177, 186, 187, 188, 189, 190, 196, 200, 201, 210. 214, 231, 236, 245, 247, 248, 251, 259, 265, 269, 271, 272, 277, 280, 281, 289, 290, 294, 297, 300, 304, 306, 307, 318, 320, 322, 324, 325, 326, 329, 349, 350, 352, 357, 388, 389, 395, 398, 400, 404, 405, 412, 413, 419, 425, 428, 459, 465, 469, 472, 474, 488, 490, 513, 525, 529, 541, 542, 543, 545, 549, 563, 568, 573, 578, 631, 647, 650, 652, 655, 657, 658, 659, 663, 665, 666, 667, 669, 678, 680, 683, 688, 698, 701, 703, 724, 725, 726, 735. 755, 758, අඬ්ක දරණ ගී පැරණි සන්නය හා සසඳා බලන්නෙකුට අප අතින් කව්සිළුමිණට වූ මෙහෙස කොතරම් දැ යි වැටහී යනු නිසැක ය. අපේ ශුද්ධි එසේ ම පිළිගත යුතු යැ යි අපි නො කියමු. අපේ අතින් ද වැරදී ගිය තැන් ඇති විය හැකි ය.

පරීක්ෂාකාරීන්ගේ පහසුව සඳහා අවශ්යැයෙන් දැක්විය යුතු ය යි පෙණුනු, පැරණි පිටපත්හි එන, සියලු ම විෂමපාඨයන් අධොලිපිවශයෙන් දැක්විමු. ව්ය්ඛ්යා නයෙහි දී අපේ කීම් වලට සාධකවශයෙන් අන්යැග්ර.න්ථයන්ගෙන් නිදර්ශයන උද්ධරණය කර දක්වන්නට ගියෙමු නම්, මේ කාණ්ඩය මීට වඩා ඉතා විශාල වනු නො අනුමාන ය. මේ පොත කෙළේ මහායුද්ධය පැවති කාලයෙහි ය. ඒ කාලයෙහි මුද්රළණද්ර ව්යෙ අතිශයදුර්ල්භ වී ය. පොත හැකි තාක් සංක්ෂිප්ත කිරීමට කාලයෙහි විෂමභාවයත්, කව්සිළුමිණ ඉගෙණගත් තන්හට මෙ බඳු ව්යාවඛ්යාානයක් හැකි තාක් ඉක්මනින් වුව මනා වීමත් යන මෙයින් අපි මෙහෙයන ලද්දෙමු. එහෙයින් අනික් ග්රීන්ථයන් ගෙන් නිදසුන් උදුරා නො දක්වා එය තිබෙන තැන් පමණක් දැක්වීමු. කව්සිළුමිණ ඉගෙණ ගන්නන් ඒ පොත් ද ලං කර ගෙන එ බඳු තැන් සසඳා බැලීම ඉතාමත් ප්ර යෝජනවත් වේ.

විශ්වවිද්යා ලයවල ඉගැන්වීමේ දී ඒ ඒ කරුණු තිබෙන තැන් පමණක් ආචාර්යවරයෝ කියා දෙති. ඒ පොත් ‍ෙගණ ඒ තැන් කියවා බැලීම ශිෂ්යකයා අයත් කාර්යයකි. ගීවලට අර්ථ දැක්වීමෙහි දී ද කාටත් තේරුම් ගත හැකි පහසු වචන එසේම යොදා දුර්බොබධ වචනයන් වරහන් ඇතුළෙහි යොදා අර්තනථ කීමු. මේ ආරම්භ කෙළේ 1946 පෙබරවාරි මස මුලදී ය. මුද්ර ණය පටන් ගත්තේ 1946 මාර්තු මස අග දී ය. ඉතා ඉක්මනින් ලියා මුද්ර්ණය කරවූවක් හෙයින් මෙහි නොයෙක් වැරදි හා අඩුපාඩු ද ඇති වීම ආශ්චර්යයක් නො වේ. මේ වර මුද්රැණයෙහි දී එබඳු තැන් කීපයක් ම සකස් කෙළෙමු මීට පෙර ප්රමකාශයට පැමිණි සන්නයකින් නො ලැබෙන මහත් පහසුවක් මේ පොතෙන් කාලිකාලසර්ව ඥ නරේද්රනයන්ගේ කව්සිළුමිණ ඉගෙණ ගන්නන්හට සැලසෙනු ඒකාන්ත ය. එයින් අපි ප්රීසත වෙමු.


මීට පෙර ප්රඒකාශයට පැමිණි සංස්කරණ හා සන්න ද නිසා කව්සිළුමිණෙන් බැහැර වන්ට ආසන්න වූ පැරණි ගීපෙළ හා බුමුත් ( 84, 289 ගී), මුවරදදදුම් (144, 312), සැල (301, 754), පපණ (389), හොසීමෙන් (529), සුහු (540), පරවනු (561), මිදිබි(573), වැහැවෝ (574), සමවලා (578), ඔලි (601), දුහුන් (614), අත්වැරි (615), පාමිලි (627), යහගා (634), පදකරල් (657), මෙළි (663), තිඹිලි (670), සුහුනු (683), මහියනවර (698), සුලාක් (701), අඹ (732), කුලාදද (749) යන ආදී පැරණි වචනරාශියක් ද අපේ මේ ව්යාසඛ්යා3නය මඟින් රැක ගත හැකි වීම ප්රාාඥයන්ගේ ප්රීුතියට හේතුවක් විය යුතු ය.

නමස්කාර පද්යර

[edit]

මේ පොතෙහි ආරම්භයෙහි ගී කීපයක් නැති වී තිබෙන බව දැනට තිබෙන මුල ගීයට කළ වර්ණකනාවේ දී දැක්විමු. සිදත් සඟරාවෙහි වෙසෙසුන් අදියරෙහි නිදසුන් සඳහා යෙදුනු,

“නමවු මුනිඳුතුමා - තුමා සිරින් පබසරා, සරා සිසි කල් දසනා - සනාරෙසෙනදහු දියේ”

යන ගීය හෝ

“නමවු පිරිසිඳ සැබ - වින් අයු අනා වත්මන්, පදඅතුනෙකකෙණේ දත් - පවර මුනිරජහු සරණ”

යන්න හෝ කව්සිළුමිණෙහි ප්රා රම්භපද්යරය යි අපේ හැඟීම යි. එහෙත් පළමුවරට කව්සිළුමිණ හා සන්නය සකස් කොට මුද්රහණය කරවූ මඩුගල්ලේ නායකස්වාමින්ද්රනයන් වහන්සේ සොයා ගත් පැරණි පිටපත් තෙළෙසින් හෝ අප‍ වෙත තිබෙන පැරණි පිටපත් අටෙන් හෝ එකක වත් එය නොපෙණෙන හෙයිනුත් ඒ ගීයක් සිදතින් ගෙණ යෙදුවත් තවත් ගී අඩුබව පෙණෙන හෙයිනුත් පැරණි පිටපත්වල තිබෙන පරිදි ම “තමා වරදස” යනාදී ගීය ම මේ සංස්කරණයෙහිත් පළමුවැනි ගීය ලෙස යෙදීමු. ආරම්භපද්යී නැති වුනාට මේ පොත පරිශීලනය කරන්නට අඩුපාඩුවක් නො වේ.


පොත් හොරු

[edit]

අන්ය යන්ගේ උත්සාහයන්හි ප්රඩතිඵල සොරා ගැන්මට සැරසී සිටින ශුද්ධිචෞරයන්ට හෝ පොත්හොරුන්ට කව්සිළුමිණෙහි අපේ මේ සංස්කරණය පැහැර ගන්ට ඉඩ දීමට අපි සතුටු නො වෙමු. මීට පෙර මුද්රි්ත කව්සිළුමිණක දැක්ක නො හැකි, අපේ පොතෙහි පමණක් තිබෙන අපේ සංස්කරණ හෝ අප විසින් මතු කර දැක්වූ අර්ථවිවරණ හෝ අපෙන් අවසරයක් නැති ව පැහැර ගැණීම දඬුවම් ලැබීමට හෙතු විය හැකි බවත් පොත් හොරුන්ට දන්වමු.

ආදර්ශුග්ර න්ථ

[edit]

මේ සංස්කරණයට අපට ලැබුනු පැරණි පිටපත් අටකි. එයින් පහක් ම “යො සිරි වුන් සෙවුතුන්” යන්නෙන් ආරම්භ වෙයි. ඉතිරි පොත් තුණෙහි ම “තමා වරදස” යනාදී පද්යපය ම ප්රා රම්භ ගීය වශයෙන් යෙදුනත් නැති වූ ගීයක සන්නයෙන් කොටසක් ද පොත් දෙකක ම පෙණේ. වැරදුනු තැන් හැම පොත්හි ම එක සේ ම ය. බොහෝ වැරදි තැන් සකස් කිරීමට පැරණි පිටපත්වලින් කිසිම පිහිටක් නො ලැබේ. සමහර තැන සන්නය වැරදි පාඨයක් දක්වතත් ගීය පුරාණ පාඨය රකියි. 74 වන ගීයෙහි හැම පැරණි පොත්හි ම ‘විවස්නෙන්’ යනු ම පෙණෙතත් හැම පිටපත්හි ‍ම සන්නය දක්වන්නේ “විදස්නෙන්” යන්න ය. 200 වැනි ගීයෙහි “කෙසා තුටු” යන්න ම සමහර පිටපත්හි පෙණෙතත් හැම පිටපත්හි ම සන්නයෙහි පෙණෙන්නේ “කෙ සතුටු” යන පාඨය යි. මෙසේ සමහර තැන දී පැරණි ගී පෙළ පුරාණපාඨය කුමක් දැ යි නිශ්චය කිරීමට ඉවහල් වි ය. බොහෝ තැන සර්වදදුර්වකලය යි සැලකෙන අත්තනොමතය ම ප්ර බල කර ගන්ට සිදු වී ය. සන්නය නැති හුදු ගී පමනක් තිබෙන පොතක් සොයා ගත හැකි වුවොත් ඉතාමත් පිරිසිදු කව්සිළුමිණක් උගතුන් ඉදිරියෙහි තැබිය හැකි ය.


උපකාර.

[edit]

මෙ ම පොත සකස් කිරීමට පැරණි පොත් එවිමෙන් හා සපයා දීමෙන් ද

1. පැල්මඩුල්ලේ පුරාණවිහාරාධිපති හාල්දඬුවන ශ්රීර ධර්මැරක්ෂිත ස්ථවිරපාදයන්වහන්සේ,

2. මාතර ජයමහාවිහාරපරිවේණාධිපති කටුකුරුන්දේ පණ්ඩිත දේවානන්ද ස්ථවිරපාදයන්වහන්සේ,

3. රාගල ශාරිපුත්රථවිද්යා්ලයාධිපති තංගල්ලේ ශ්රීම ශරිපුත්ර උපතිෂ්ය4 නායක ස්ථවිරපාදයන්වහන්සේ

4. අඹගහපිටියේ සුගතශාසනොදයපරිවේඛණාධිපති අහුංගල්ලේ පණ්ඩිත විමලකිත්තිතිස්ස ස්ථවිරපාදයන්වහන්සේ

5. කඩුගන්නාවේ ශාස්ත්රාතලඬ්කාර පිරිවෙණෙහි ආචාර්යය පින්නවල චන්ද්රේජෝති ස්ථවිර,

6. රන්දොඹේ මහාචෙතියපරිවේණාධිපති වලගෙදර පණ්ඩිත සොමාලොකතිස්ස ස්ථවිරපාදයන්වහන්සේ

7. දෙහිගස්පේ පණ්ඩිත පඤ්ඤාසාර (B. A) ස්ථවිරයන්වහන්සේ,

8. දියතලාවේ සුධර්මතලඬ්කාරපරිවේණාධිපති දඹවින්නේ පණ්ඩිත සුමනසාර නායක ස්ථවිරයන්වහන්සේ,

9. මාතර හිත්තැටියේ පුෂ්පරාමවිහාරවාසී දීයාගහ පුඤඤරතන භික්ෂු,

යන මේ පින්වතුන් අපට බෙහෙවින් උපකාර කළ බව සතුත්යාිශීර්වාබද පූර්ව ක ව සඳහන් කරමු. මේ පොත ලිවීමෙහි දී හා මුද්රයණයෙහි දීත් විද්යෝදදයපිරිවෙණෙහි ආචාර්යය වූ

1. වැලිවිටියේ පෙමරතන ස්ථවිරයන්වහන්සේ ද 2. විද්යාටවිශාරද පණ්ඩිත රද්දැල්ලේ පඤ්ඤාලෝක ස්ථවිර 3. ගලගම පණ්ඩිත සරණඬ්කර ස්ථවිර. යන දෙනමගෙන් හා වීතීය මුද්රණණයෙහි දී ශුද්ධිපත්ර කියවීමෙන්

1. පල්ලාවෙල සද්ධාතිස්ස ස්ථවිර 2. අඹන්වැල්ලේ පඤ්ඤ‍ාසේඛර ස්ථවිර

යන දෙනමගෙන් ද බොහෝ උපකාර ලැබුනු බව ප්රීඛතිපූර්වාක ව සඳහන් කරමු.

මේ පොත පළමු වාරයෙහි මුද්රුන කෙළේ වැල්ලම්පිටියේ නවජීවනයන්ත්රාාලයයෙහි ය. ඒ කාලයෙහි මහායුද්ධය පැවති හෙයින් මුද්රාණයන්ත්රායලයවලට ද වැඩ අධික වී ය. එහෙත් මේ පොත භාර ගෙණ ඉතා ඉක්මනින් මුද්රුණය කරවා දුන් ඒ නවජීවනයන්ත්රාතලය හිමි ජයවර්ධනමහතුන්ට අපගේ කෘතඥතාපූර්වරක ස්තුතිය පිරිනමමු.

මෙහි නවවන සර්ගායෙහි ඇතුළත් චිත්රුයන් ඇඳ දුන්නේද එ ම යන්ත්රා ලයෙහි හිමියෙත් වූ ජේ. කේ. ජී. ජයවර්ධන මහතා ය. ඒ මහතාට ද ශුභාශිර්වාලද ස්තුතිය පිරිනමන්නේ හුදු හිතාධ්යා.ශයයෙනි.

මේ පොත දෙවන වරට රමණීය ලෙස හා ඉතා ඉක්මනටත් මුද්රතණය කරවා දුන් අනුල මුද්රමණාලයාධිපති මහතා මේ පොත පරිශීලනය කරන්නන්ගේ ප්රුශංසාවට හිමි විය යුතු ය.

මීට,

වැලිවිටියේ සොරත නායක ස්ථවිර.

2504

1960 මැයි මස 12 වන දින

විද්යෝ දය විශ්වවිද්යා ලයේ දී ය.


කල්පලතා ව්යා ඛ්යා වෙහි සඳහන් ග්ර න්ථ - ඒ සඳහා යෙදූ ස‍ඬේකත .

[edit]

සඬේකතය ග්රූන්ථනාම. ස‍ඬේකතය ග්රඅන්ථනාම අත්තනගලු වංසය දාඨාවංස (සං) අභිධානප්පදීපිකාටිකා ධ(අ) ගැ ධම්පියාඅටුවාගැටපදය අමාවතුර ධම්මපදය අමාවතුරු ගැටපද ධම්මපදට්ඨකථා විවරණය ධ: ප්ර ::- ධර්මගප්රිදීපිකා (1915) අසදිසදා කව නකුලාශ්වචිකිත්සා උමන්දාව නාගානන්ඳ ඍග්වේදසංහිතා නාට්යශදපිණ ඍතු - ඍතුසංහාරය නාට්යදශාස්ත්රඅ එළුසඳැස් ලකුණ නිකායසංග්රටහය (සං) කංඛාවිතරණි නෛෂධචරිත පිටපොත පඤ්චතන්ත්රි කථාතරඬ්ගිණි පපංචසුදනී කවිකල්පලතා පරෙවි -පරෙවි සන්දේශය කාව්ය්මිමාංසා පාළිණිඝණ්ඩු සනනය කා: ශෙ:-කාව්යනශේඛරය බු: ස:- බුත්සරණ කාව්ය්ප්රශකාශ බු:ල: - බුදුගුණාලංකාරය කාව්ය්දර්ශෙ භට්ටිකාව්යන කාව්‍යානුශාසන මජ්ඣිමනිකාය කුමාර-කුමාරසම්භව මයුර:- මයුරසන්දේශය කුසදා - කුශජාතකකාව්යමය මහාභාරත කොවුල්- කෝකිලසන්දේශය ම:ව:- මහාවංශ (සං) ගණදෙවිහෑල්ල මාඝකාව්‍(ශිශුපාලවධ) ගිරා - ගිරාසන්දේශය මුද්රායරාක්ෂසනාටක ගුත්තිලය මුවදෙව්දාවත ජා: අ: ජාතකඅටුවාගැටපදය මොහමුද්ගර ජාතකට්ඨකථා යු:ක: - යුක්තිකල්පතරු ජානකීභරනය රඝු - රඝුවංශ තිසර - තිසර සන්දේශය රුවන්- රුවන්මල්නිඝණ්ඩුව ථෙරගාථා ලොකප්පදිපිකාසර දළඳාසිරිත(සංඥාපනයෙහි) වග්නිපුරාණ දහම් - දහම්සොඬකව (පරිකථාසහිත) වික්රුමොර්වශිය


සඬේකතය.ග්රකන්ථනාම සඩේකතය.ග්රවන්ථනාම

විමානවත්ථු සද්ධර්ම ලඬ්කාරය විශුද්ධිමාර්ගහ සන්නය සමාධිරාජසූත්රය විශ්වකෝෂ සසද- සසදාවත විසුද්ධිමග්ග සසදාවත් පැරණිසන්දේශය වෘත්තමාලා සැවුල් - සැවුල් සන්දේශය වෘහත්සංහිතා සැළ- සැළලිහිණි සන්දේශය වෙසතුරුදා සන්නය සාහිත්යණදර්පණ වෛද්යරකශබ්දසින්ධු සිදත්සඟරාව ශාකුන්තල සි: ල: - සියබස්ලකර ශි: ස: ශිලාලේඛන සංග්රේහය සුබොධාලංකාර ශිශුපාලවධ (මාඝාකාව්යි) සෞන්දරනන්දකාව්යබ සංගීත දර්පණ හත්ථවනගල්ලවිහාරවංස සංගීතදාමොදර (පාලි) සංගීතරත්නාකර හංස - හංසසන්දේශය සද්ධර්ම්රත්නාවලිය හිතොපදේශ


ග්රන්ථ කර්තෘවවරු

අලගියවන්න, කාලිදාස, වාත්ස්යශයන අශ්වඝෝෂ, ජයදන්ත, ව්යාසස, කසුප් නිරිඳු (5), වාණභට්ට, ශ්රී, රාහුල