Jump to content

අමාවතුර/නවවන පරිච්ඡෙදය

From Wikisource
161707අමාවතුර — නවවන පරිච්ඡෙදය

9. පරිච්ඡෙදය.


මාණවක දමනය

[edit]

සච්චක නම් නුවටදරුවා දැමු පරිදි කීසේ ය? යත්:- එක්සමයෙක්හි බුදුහු විසාලාමහනුවර නිසා මහාවන නම් වෙහෙර කූටාගාරසාලා නම් ගන්ධහකුටියෙහි වැඩ වෙසෙති එයට පෙරට වැ එක් නුවටකු හා දෙදෙනා පන්සිය පන්සිය වාද උගෙණ වාදාරොපණය කෙරෙමින් දඹදිවැ ඇවිදු නාහු විශාලාමහනුවර ලා ඔවුනොවුන් දුටහ. ලිච්ඡවිරජහු ඔවුන්දැකැ “තෝ කවරෙහි? තෝ කවර2?”යි පුළුවුන්හ. නුවට “මම් වාදාරෙපණයට දඹදිවැ ඇවිද්මි”3යි කී යැ. නුවටුන් එසේ ම කීව4. ලිච්ඡවිහි “මෙහි මැ ඔවුනොවුනට වාදාරොපණය කරව”යි කීහ. නුවටු තමා උගත් පන්සියක් වාද පුළුවුන්. නුවට කීය. නුව‍ට පුළුවුකත්තා ද නුවට කීව5. එකක්හට දු6 ජය නො විය. පරාජය නො ද වී යැ. දෙදෙන ම සමසම වුහු. ලිච්ඡවිහි “තෙපි දෙදන ම සමසමය ව. ඇවිද කුම් කරා ද? මෙහි වසව්” යි ගෙකක්7 දී වැටුම් තබා දුන්හු.

දෙදෙනාගේ සංවාසයෙන් දුහු සතරදෙනෙක් උපන්හ. සච්චක නම් එක් පුතෙක් උපන්. ඔවුන් සතරදෙනා කෙරෙහි එකක් සච්චා නම. එකක් ලො‍ලා8 නම්. එකක් පටාචාරා නම්. එකක් ආවාටකයා9 නම්. ඔහු නුවණ ඇත්තාහ. මවුපියන්

1.දෙදෙනේ.  2.කවරහු.  3.ඇවිදුම්.  4.කී.  5.නුවට කීය.  6.එකක් හට.    7.ගෙයක්.  8.ලාලා.     9.සිවාවතිකා - පපඤ්ච සුදනි.    


මාණවක දමනය 103


කෙරෙන් පන්සිය පන්සිය වාද උගත්හ. ඔවුන් විය පන්කල්හි මවුපියෝ “අපගේ කුලයෙහි දැරියෝ නම් රන්රිදී ඈ දායජ්1 දී කලත්‍රයට යවුවිරිහි නම් නැති.යම් ගිහිමිනිසෙක් ඔවුන්ගේ වාද මඬනට නිසි වී නම් ඕහට2 පාදපරිවාරිකා වෙති. යම් පාවිජි ‍කෙනෙක් මඬනට නිසි වුහු නම්, ඔවුන් කෙරේ පැවිජි වෙති. තෙපි කමක් කටපියා3 දැ?”යි කීහ. “අපි ද එසේ ම තරම් හ”යි සතරදෙන මැ පැවිජිවෙස් ගෙණ “මෙ දඹදිව නම් දඹ රුකින් පැණෙයි. අප මඅළු දඹදිවට වාද කරනබව් හඟවම්හ”යි දඹඅත්තක් හිසට කොමගෙණ සැරිසරමින් ගියො. යම් ගමකට පත්හු ද, එගම්දොරැ පස්රැසෙක හෝ දඹ අත්ත ධජයක් කොට හහිඳුවාලා “යමෙක් වාදයට නිසි වේ ද, හේ මඬිව”4යි කියා ගම් වදිති5. මෙසේ ගමින් ගමට යන්නාහු සැවැත් නුවරට පැමිණ එසෙයින් ම නුවරදොර දඹඅත්ත හිඳුවාලා එහි සිටි මිනිසුනට කියාලා ඇතුළුනුවර වන්හ.

එකල්හි බුදුහු සැවැත්නුවර නිසා දෙව්රම්හි වැඩැ වෙසෙති. ධම්සෙනෙවි සැරැයුත්මහ‍තෙරහු ලෙඩසඟනට ගිය දවස් පුළුවුස්මින් නොහමට තන් හමඳමින්6, තමන් කළ මනා දෑ බෙහෙවින්, සෙසු සඟුන් හා නො ගොස් දව වැ සිඟන්නට වඩනාහු7 නුවරැ දොරැ හිඳිවු දඹඅත්ත දැකැ “කිමෙක මේ ය?”යි දරුවන් පිළිවිස එපවත් අසා “එසේබැවින් මැඩපියව”යි වදාළහ. “මඬනට නො හැක්කම්හ. බම්හ. වහන්සේ”යි කීහ. “නො බව. ‘කවරහ අපගේ දදය මඬවාපීහ?’යි කීකලැ ‘බුත්8සවු සැරැයුත්මහතෙ.රහු මඬවාපීහ. වාද කටටි9 වුව, දෙව්රම් වෙහෙරැ තෙරුන් කරා යව’යි කියව. දරුවෙනි”10යි වදාළහ.

ඔහු මහ‍තෙරුන්ගේ බස් අසා දදත මැඬදමාබිහ. මහතෙරහු නුවරැ වැදැ සිඟ‍ා වළඳා වෙහෙර වැඩියෝ‍. පරිබ්රා ජිකාවෝ ද නුවරින් නික්ම “අපගේ දදය මැඬියාහු කවරහ?”යි කීහු. දරුවෝ එපරිදි කීහු. ඔහු “ඉතා මැනැවැ”යි නැවත නුවර වැද එකෙකි දෙන එකෙකි වීථිය බැස “බුත්සර්වු සැරැයුත්මහ‍ෙ.රහු නම් කෙනෙක් අප හා වාද කෙරෙත් ල. ඇසිටි කෙනෙක් නික්මෙව”යි හඬ ගැසුහ. නුවරවැස්සෝ නික්මුනුහු. ඔවුන් හා සමඟ පරාබ්රා.ජිකාවෝ දෙව්රම් ගියෝ. මහ‍තෙරහු, “අප වසන තැනට මාගමුන් එනු නො යෙදෙ”යි වෙහෙර මැද ගොස් වැඩහුන්හ. පරිබ්රා ජිකාවෝ ගොස් මහතෙරුන් කරා එළැඹ “තෙපි ය අප‍ගේ දදය මඬවාපියව?”යි පුළුවුත්හු. “මම ය

1.දායාද. දෑයාද.  2.ඔවුහට.  3.කටැටියා.  4.මඩව්.  5.වදති  6.තැන්හි මනමින්.  7.වන්හුත  8.බුදුන්ගේ. බුදු.  9.කැවටි. කවැටි  10.දරුයෙනි.


104 අමාවතුර


මඬවාපියෙමිඃයි වදාළහ. එසේ බැවින් “ඇපි තොප හා වාද කරම්හ”යි කීහු. “ඉතා මැනැවැ. වාද කරව. කා පුළුවුන මැනැවැ හෝ? කා විසැජුව මැනැවැ හො?”යි වදාළහ. එක්බිති “පුළුවුස් නට කීව, පුළුවුස්මහ. විසජන්නට කිව, විසජම්හ”යි කීහ1 “පුළුවුස්නේ අපට පත්නේ ය. තොප මාගම් බැවින් පළමු පුළුවුස්ව”යි වදාළහ. ඔහු සතරදෙන2 සතරදිස‍ායෙහි සිට මවුපියන් කෙරේ උගත් වාද දහස පුළුවුත්හ. හඑතෙරහු කඩුයෙකින් නෙළුඹුදැළි3 කඩනුවන් සෙයින් පුළුවුන් පුළුවුන් දෑ අවුල් නැති කොට ගෑට නැති කොට විසජුහු. විසජා4 වැළි දු “පුළුවුස්ව”යි වදාළහ. “වහන්සේ, අප දන්නා දෑ මෙතෙකැ”යි කීහු.

මහතෙරහු “තොප විසින් පුළුවුස්නාලද දහසක් වාද මා විසින් විසජනලද. මම් සතරදෙනා එක පැනයක් පුළු වුසිමි. තෙපි එ කියා දැ?”යි වදාළහ. ඔහු මහතෙරුන්ගේ නුවණ වෙසෙස් සේ දැකැ “පුළුවුස්ව. වහන්සේ, ඇපි විසජම්හ”යි කියන්නට නෙ‍ාපොහොසත් වුහු. “දතුමෝ නම්. පළමු නික්ම වන පැනය”යි වදාරා “එකෙක් නම් කිමෙකැ?”යි වදාළහ. ඔහු පැනයෙහි ආදිමධ්යමවසාන නුදුටහ5. මහතෙරහු “කියව”යි වදාළහ. “නො දක්මහ, වහන්සේ”යි කීහ. “තොප විසින් දහසක් වාද පුළුවුස්නා ලද. මා විසින් කියන ලද. තෙපි එක පැනයකුත් කියන්නට නොහැකි වුව6. මෙසේ බැවින් කහට ජය යැ. අපට පරාජය යැ?”යි කීහ. “දැන් කුමක් කරව?”යි වදාළහ. මවුපියන් කී දෑ සැළ කොට “තොප කෙරේ පැවිජි වම්හ”යි කීහ. “තෙපි මාගම් ව. තොප පැවිජි කරණු අපට නො වටී. අපගේ හසුන් ගෙණ මෙහෙණවර ගොස් මාගම්සතුන් කෙරෙහි පැවිජි වව”යි වදාළහ. ඔහු “මැනැවැ, වහන්සේ,” යි මහතෙරුන්ගේ හසුන් ගෙණ මාගම්සඟුන් කරා ගොස් පැවිජි වුහ. පැවිජි වුවාහු නො පමා ව දවස් යවා මඳ දවසෙකින් ම රාත් වුහු.

සච්චක වනාහි තමා බුහුනුන් සතරදෙනාහට වඩා නුවණ ඇත්තේ ය. මවුපියන් කෙරෙහි දහසක් වාද උගෙණ එයට බොහෝ වාද සමයාන්තරයෙන් උගෙණ කිසි තැනකට නො ගොස් රජකුමරුවන් හික්මවමින් විසි. නුවණින් ඉතා පිරුණු.

1.කීය.    2.දෙනෙ.    3.නෙලුමදලු.    4.විසඳා.   5.නො දුටහ.   6වුහ.


මාණවක දමනය 105


වන බැවින් “මාගේ කුස පැළී යෙ”යි බියපත්ව යපටෙකින්1 බඩ වැලඳ ගෙණ ඇවිද්දි.කථාමාර්ගත ඇත්තේ යැ. “මා හා සම පණ්ඩිතකෙනෙක් ඇද්ද?”යෙයි. යම් යම් නකතෙකින් යමක් වෙයි කී ද, හේ බොහෝ සේ එසේ ම වෙයි. එයින් “සාධු යැ. භද්ර යැ”යි බොහෝ දෙනා විසින් සම්මත ය. හේ විසාලාමහනුවර පිරිසැ මෙසේ බෙණේ:- “මා විසින් වාදයෙන් වාදාරො පණය කොට දොස් ගෙණ වත්කල කම්පිත නොවන ප්ර්ණය කම් පිත නොවන වෙවුලා නොයන කක්ෂියෙන් සෙවද නො සිලියෙන මහණක්හු හෝ බමුණක්හු හෝ නොහොත් ‘රාත්මි. බුදුමි’යි පිළිණ කරණුවන් හෝ නො දක්මි. ඉදින් මම් අවෙතන වු ටඹට වාදාරෝපණය කෙළෙමි2 නම්, හෙද කම්පිත වැ ප්රකකම්පිත වැ වෙවුලා යෙයි. මිනිසෙක් නම් කිමෙක් ස? යෙයි.

එකල්හි පස්වගසඟුන් කෙරෙහි ඇතුළත් අස්සජිමහතෙරහු පෙරවරු සිවුරු පෙරෙව3 පා ගෙණ සිඟන්නට විශාලානුවර වන්හු සච්චක එනුවර එ එ රජගෙට පයින් වැද4 ඇවිදුනේ මහතෙරුන් දැකැ “මම් මහණගොයුම්හට වාදාරොපණයක් ‍කෙරෙමියි ඇවිදුමි. ඔහුගේ සමය නො දන්නෙන් වාදාරොපණය නො කෙරෙමි. පරයන්ගේ සමය දැන වාදාරොපණය කළ කල යැ මනා වන්නේ. මේ මහණගොයුම්හුගේ සවු ය. අස්සජි නම් මහණ. තමා ස්තරහුගේ සමය කොවිජ5 කොට දන්නි. මම් මොහු පිළිවිස කථා පිහිටවා මහණගොයුම්හට වාදාරොපළණය කෙරෙමි”යි සිතා මහතෙරුන් කරා එළැබැ “කියන, අස්සජිය, තොපගේ මහණගොයුම් සම්වන් කීසේ හික්මවයි? සව්වන් කෙරෙහි ඔහුගේ අනුශාසනා බහුල ව6 පවමත්නා පරිදි කීයේය?”යි පිළිවත්.

මහතෙරහු “මම් මුහුට දුක්ලකුණු කිම් නම් ‘අස්සජිය, තෙපි කුමක් සඳහා පැවිජි වුව’යි පුළුවුස්සි. ‘මඟඵල සඳහා පැවිජි වුම්හ’යි කීකල ‘මේ තොපගේ සස්නෙහි නම් නො වෙයි.මහදම්ගෙයි නම්. ඔසුපත්තීරෑ නම්. තොපට සුවයෙහි ආශා නම් නැති’ දොස් දෙයි. එසේ බැවින් මුහුට දුක්ලකුණු නො කිව මැනැවැ”යි සිතා අනිත්ලකුණු අනත්ලකුණුවිසින් දක්වන්නාහු “ගිනිවෙස්න,

“රූපං භික්ඛවෙ අනිච්චං. වේදනා අනිච්චා. සඤ්ඤ අනිච්චා. සංඛාරා අනිච්චා. විඤ්ඤාණං අනිච්චං.රූපං භික්ඛවෙ අත්තනා. වේදනා අත්තනා. සඤ්ඤ අත්තනා. සංඛාරා අත්තනා. විඤ්ඤානං

1.යහපතකින්.  2.කෙළේ.  3.පෙරැව.  4.වැදගෙණ.  5.කොච්ඡා  6.බලසයන්.


106 අමාවතුර


අත්තනා. සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ ධම්මා අත්තනා”යි මෙසේ පස්කඳ අතින් අනත් සේ කියා “අප බුදුහු සව්වන් මෙසේ හික්මවති. සව්වන් කෙරෙහි අප බුදුන්ගේ අනුශාසනා බහුල ව පවත්නාපරිදි මෙසේ ය”යි වද‍ාළෝ.

එකල්හි සච්චක “අස්සජිය, ඇපි නො ඇසුව මනා දැයක් ඇසුම්හ. කිසි දවසක් ගියමෝ නම්. බිණීමෙක් උපන් නම්, මෙ පවිට1 දිටිහයෙන් ඔහු ගලවාපියම්හ”යි කීහු. එදවස් පන්සියයක් ලිච්ඡවිහි කිසි කාය්ය්සර්යයක් සඳහා සන්ථාගාරයෙහි රැස් වුහ.එකල්හි සච්චක “මම් පුර්‍ාඔහයෙහි සමය නොදන්නා වනබැවින් මහණ2 ගොයුම්හට වාදාරොපණය නො කෙළෙමි.දැන් ඔහුගේ මහසව්වා විසින්3 සමය දන්මි. මොහු මා අතැවැසි පන්සියක් ලිච්ඡවිහි රැස් වුවාහ. මොවුන් ගෙනගොස් මහණගොයුම්හට වාදාරොපණය කෙ‍ෙරමි”යි ඔවුන් කරා ගොස් “භවත් ලිච්ඡවිහි එත්ව යි. අද මා හා4 මහණගොයුම්හු හා කථා සල්ලාප වෙයි. යම් සේ ඔහුගේ අස්සජි නම් ප්ර සිඬ මහසව්වා විසින් පිහිටා කී දැයෙක් ඇත් ද, ඉදින් මහණගොයුම් එසෙයින් එහි පිහිටියේ වී නම් නම්, යම් සේ බල5 ඇති පුරුෂයෙක් දිග් ලොම් ඇති එළුවක්හු ලොමැ6 ගෙණ මොබට ඔබට ලා ආකර්මුණ පරිකර්ම්ණ සම්පරිකර්මඇළණ කෙරේද, එසෙයින් ම මම් මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොට කථාමාර්ගඑයෙන් දොස් දක්වා මොබට ඔපට ලා ආකර්මොණ පරිකර්මොණ සම්පරිකර්මආණ කෙරෙමි. යම් මේ සුරාධුතියෙක් රා පරඟන මටුලුකස්ස දෙවියටි වුයේ කසට හරණා සඳහා දෙකණ ගෙණ ඇද7 කිබිසිනි කොටැපිඹැ පියා ද, උඩුකුරු කොට පිඹැපියා ද, පුනපුනා ගඩාපියා ද, එසේයින් ම මම් මහණගොයුම්හු8 හා වාදයෙන් වාද කොට අවධුතන නිර්ධුනන නිස්ඵෙ‍ාටන කෙරෙමි. යම් සේ සණ9 පිළි කට්ටි10 මිනිස්සු සණවැහැරි11 මිටි ගෙණ සණදෙවුත්කෙමි. කෙළිද්ද, රජුගේ ඇත් සණදොවුන් කෙළි කෙළනා මිනිසුන් දැකැ ගැඹුරුදියට වැදැ සොඬින් දිය ගෙණැ සණදොවුන් කෙළි කෙළී ද, එසෙයින් ම මම් මහණගොයුම්හු හා වාදයෙන් වාද කොට සණසොවුත්කෙළි කෙළනවුන් සෙයින් මොබට ඔබට ලා ආකර්මසණ පරිකර්‍මණ සම්පරිකර්මෙණ කෙරෙමි. භවත් ලිච්ඡවිහි. එත්වයි. එත්ව”යි කී ය.

එහි ඇතැම් ලිච්ඡවි12කෙනෙක් “මහණගොයුම් මුහුට කුමන වාදාරොපණය කෙරෙයි?. මුහුම් මහණගොයුම්හට වාදාරොපණය

1.පවිටු.  2.මාණ.  3.විසින් ද.  4.මා.  5.බැල.  6.ලොම්.  7.මු. දෙකණ ඇද.  8.එසෙයින් ම මහණ.  9.සැණ.  10.කැවටි.  11.වැහිරූ.  12.ලිච්ඡවිහි.


මාණවක දමනය 107


කරන් මිස ය”යි කීහ. ඇතැම් ලිච්ඡවිහි සච්චක බුදුනට යක් වැ වාදාරොපණය කෙරෙයි හෝ? දෙවි වැ බඹ වැ හෝ වාදාරොපණය කෙරෙයි හෝ? පියෙවි1 මිනිසෙක් නම් බුදුනට වාදාරොපණය කරන්නට නො හැක්කැ”යි කීහු. එකල්හි සච්චක පන්සියයක් ලිච්ඡවීරජුන් පිරිවරා ගිරිමුදුනෙහි මහවන වෙහෙරට එළැබැ2 “මහණගොයුම් කොහි ය හෝ?”යි පිරිවෙණින් පිරිවෙණට වැද බලනුයේ මිණිකවද පෙරෙවි ගඳැතුන් සෙයින් රත් පවුල් පෙරෙවැ පිණිබොජුන් වළඳා මහසක්මන්හි සක්මන් කරණ සඟුන් දැක ඔවුන් කරා එළැබැ “භවත් ගොයුම් කොහි ය හෝ? උහු දැක්කැටියම්හ”යි කී ය.

එදවස් බුදුහු අලුයම්හි මහකුළුණුසමවත් සමවැද දස දන සක් සක්වළ විනේජනන් බලන්නාහු සච්චකයා අලුයේ දවස්3 මහත් ලිච්ඡවිපිරිස් ගෙණ තමහට වාදාරොපණ කට්ටි ව එන සේ දැකැ පෙරවරු සඟපිරිස් පිරිවරා විසාලාමහනුවර වැද අහර කිස සහා4 වෙහෙර අවුදු “මහපිරිස් හිඳුනට සුවතැනෙක්හි හුන මැනැවැ”යි ගඳකිළියට නො වැදැ මැ මහවනයෙහි එක් රුක්මුලෙහි දිවාවිහාර කොට වැඩ හුන්හ. එ සඟහු බුදුන්ට වතාවත් දක්වා ආවාහු, සච්චකයා පුළුවුන් තැන සිට දුරැ වැඩ හුන් බුදුන් දක්වන්නාහු “ගිනිවෙස්න, අප බුදුහු මහවනයෙහි එක්තරා රුක්මුලෙක්හි දිවාවිහාර කොට වැඩහුන්හ”යි කීහු. එකල්හි සච්චක මහත් ලිච්ඡවිපිරිස් පිරිවරාගෙණ මහ වනයට වන. පළමු කී පන්සියෝ එහු අතවැස්සහ. ඇතුළු නුවරැ වනාහි “සච්චක පන්සියක් ලිච්ඡවිරජුන් ගෙණ බුදුන් හා වාදාරොපණයට ගියේ” යනු අසා “පන්ඩිතයන් දෙන්නා ගේ බස්කම් අසම්හ”යි නුවරැ හුන්නා වු නොමඳ5 මිනිස්සු නික්මුනහ.

මෙසේ අපමණ පිරිස් පිරිවරා බුදුන් කරා එළැබැ සාමිචි කොට එකත්පස් වැ හුන්නේ යැ. එහි ඇතැම් ලිච්ඡවිකෙනෙක් බුදුන් වැඳැ එකත්පස් වැ හුන්හ6. ඇතැම්හු බුදුන් හා සාරනීය7 කථා කොට එකත්පස් වැ හුන්හ8. ඇතැම්හු අත් නගා වැඳ එකත්පස් ව හුන්හ9. ඇතැම්හු බුදුන් පෙරට තමන්ගේ නම් ගොත් කියා එකත්පස් වැ හුන්හ10. ඇතැම්හු නො බැණ එකත් පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් සච්චකයා බුදුනට “මම් භවත්ගොයුම්හු කිසි දැයක් පිළිවිසැ බැලියවියෙමි, අවකාශ

1.පියවි  2.ගොස් එළබ  3.මු. අනාදවස් වුයේ. ඇතුළුවු යේ ඇතැම්  4.සපයා  5.හුනන්වුන් මැද (වි)  6.හුන්නු.  7.සාරණීය  8.හුන්නාහ. 


108 අමාවතුර


හළ හොතිනැ”යි කීය. බුදුහු “තට රිසියෙන1 දැයක් පුළුවුස. පැන විසජනු මට නො බරැ. තා පුළුවුස්නා2 තාක් දැ හැම විසජමි”පසේබුදු අගසවු මහසවුවන් හා අසාධාරණ. සර්වහඥ ප්රජචාරණයෙන් පැවරූහු. “ඔහු රිසියනු ජැයක්3 පුළුවුස්ව”යි නො කියති. “අසා දත්මහ”යි යෙති. බුදුහු වුකලැ “පුච්ඡාවුසෝ යදාකෘඛයි”යි අළව්යක්හු සර්විඥප්රුචාරණයෙන් පැවරූ ම යැ.

“පුච්ඡ වාසව මං පඤ්හං යං කිඤ්චි මහසිච්ඡසි,

තස්ස තස්සෙව අන්ථංස්ස අහං අන්තං කරෙමි තෙ”යි

සක්දෙව්රජහු පැවරූහු පැවරූ ම යැ.


“බාවරිස්ස ච තුම්හං වා සබ්බෙසං සබ්බසංසයං,

කතාවකසා පුච්ඡව්හො යං කිඤ්චි මනසිච්ඡථ”යි

තවුසන් පැවරූ ම යැ.

“පුච්ඡ මං සහිය පඤ්හං යං කිඤ්චි මනසිචඡසි,

තස්ස තසෙස්ව පඤ්හස්ස අහං අන්තං කරොමි තෙ”යි

පරිබ්රාෙජකයන් පැවරූහු ම යැ. “තෙන හි ත්වං් භික්ඛු සකෙ ආසනෙ නිසිදිත්වාක පුච්ඡ යදාකංඛසි”

යනාදි විසින් මහණබමුණන් පැවරූහු මැ යි.

මෙසේ බුදුහු යකුන් රදුන් දෙවියන් තවුසන් පිරිවැජියන් මහණබමුණන් සර්වවඥප්ර්චාරණයෙන් පවරත්. ඔවුන් බුදුබවට පැමිණි සර්වවඥප්ර්චාරණයෙන් පවරණු ආශ්චය්ය්දර්‍ නො වෙයි. තමන් බොධිසත්ව්භූමියැ ප්රායදේශිකඥනයෙහි සිටි කලැ සරඟඬන ජාතක යෙහි සක්දෙව්රජහු ඈ රජුන් සඳහා සෘෂින් විසින් අයජනා ලදු වැ-

“කතාවකාසා පුච්ඡනතු භොනෙතා

යං කිඤ්චි පඤ්හං මනසාභිපත්ථීිතං,

අහං හි තං වො ව්යානකරිස්සං

ඤත්වාි සයං ලොකම්මං පරඤ්ච”යි

සර්වකඥප්ර චාරණයෙන් පැවැරූ ම යැ. සම්භවජාතකයෙහි සියලු දඹදිවැ තුන්යළක් ඇවිද පැන කියන කෙනකුන් නො දැක සුචීරත නම් බමුණා විසින් පැන පුළුවුස්නට අවක‍ාශ කැරැවු කල්හි සත්හැවිරිදි වයසැ වැලිවෙයැ පස්කෙළි කෙළිමින් සිට පලක් බැඳ අතුරුවෙයැ බැස හිඳ-

1.රිසියනු.     2.පුළුවුස්.     3.දැයක්.


මාණවක දමනය 109


“තග්ග තෙ අහමක්ඩිස්සං යථාපි කුසලො තථා,

රාජා ච බො තං ජානාති යදි කාහති වානවා”යි

සර්ව ඥප්රතච‍ාරණයෙන් පැවරූ මැ යි.

මෙසේ බුදුන් විසින් සර්ව ඥප්රරචාරණයෙන් පැවරූ කල්හි සච්ච්කව පැන පුළුවුස්නේ “භවත් ගොයුම් සව්වන් කීයේ හික්මව් යි? ඔවුන් කෙරෙහි භවත් ගොයුම්හුගේ අනුශාසනා බහුල ව පවතින පරිදි කීසේ ය?”යි පිළිවිත්. එකලැ බුදුහු “භවත්නි, මේ දුටු ද? සව්වා කීයේ අනෙකෙක1. සථරහු කියන්නේ අනෙකෙක1. මම් පළමු මැ කීමි: ‘යම් සේ සව්වා පිහිටා කී දැයෙක් ඇද්ද, ඉදින් මහණගොයුම් එසෙයින් ම ඉහි පිහිටියේ වී නම්, වාදාරොපණ කෙරෙම්’යි මේ වනාහි අනෙකක් ම කියයි.එයට කුම් කට හැකි දැ?යි නුවටහු කියන්නට අවකාශ නො වේව”යි පළමු අස්සජිමහතෛරුන් කී නියායෙන් වදාරන්නාහු2 ඔහුගේ ගොත්රිනාම ගෙණ “ගිනිවෙස්න, ‘රූපං භික්ඛවෙ අනිච්චං - පෙ - සබ්බේ ධම්මා අන්තනා’යි මෙසේ සව්වන් හික්මවමි. සව්වන් කෙරෙහි මාගේ අනුහාසනා බහුල ව3 පවත්නා පරිදි මෙසේ ය”යි වදාළෝ.

“භවත් ගොයුම්ගොතුව, මට එක් උපමායෙක්4 වටහ”යි කී ය. “කියා, ගිනිවෙස්න,”යි වදාළහ. “යම් සේ, ගොයුම් ගොතුව, යම් කෙතෙකැ5 වපුළ බිජු කෙනෙක් නැඟී වැඩැ විපුල වන්නාහු පොළෝව නිසා පොළොවැ පිහිටා වැඩැ විපුල වෙද්ද, බාහුබලයෙන් කටයුතු ගොවිනම් වෙණෙදාම් ඈ කර්මාන්ත කෙනෙක් පොළොව නිසා පොළොවැ පිහිටා සිටි කරණ ලැබෙද්ද, එසෙයින් මැ රූපය ආත්ම කොට ඇති ‘රූප ආතිමය’යි ගත් පුඟුල් රූපයෙහි පිහිටා සිට පිනපව් ඈ ප්ර සව කෙරෙයි. වෙදනා ආත්ම කොට ඇති ‘වෙදනා ආත්ම ය’යි ගත් පුඟුල් වෙදනායෙහි පිහිටා සිට පින්පව් ප්රපසව කෙරෙයි. සංඥා ආත්ම කොට ඇති ‘සංඥා ආත්ම ය’යි ගත් ප්රරඟුල් සංඥායෙහි පිහිටා සිට පින්පව් ප්රනසව කෙරෙයි. සංස්කාරයන් ආත්මකොට ඇති ‘සංස්කාර7 ආත්ම ය’යි ගත් පුඟුල් සංස්කාරයන් කෙරෙහි පිහිටා සිටැ පින්පව් ප්රෙසව කෙරෙයි. විඥාන ආත්ම කොට ඇති ‘විඥානආත්ම ය’යි ගත් පුඟුල් විඥානයෙහි පිහිටා සිට පින්පව් ප්රතසව කෙරෙයි. මෙසේ පස්කඳ මෙ සත්නට පොළෝ සෙයින් සිටියේ යැ. සත්හු මෙ පස්නඳැ පිහිටා සිට කුසල් අකුසල් සිඬ කෙරෙති. තෙපි මෙසේ විද්යාපමාන ආත්මයනට නිෂෙධ කරන්නාහු පස්කඳ අනාත්මය යි දක්ව”යි ඉතා සකාරණකොට උපමා ඇරැ දැක්වී.

1.අනිකෙක. 2.වදාරණ බුදු (රජ) හු. 3.බලවත් ව  4.උපායෙක්  5.කෙනෙක්  6.කොළ - හැම  7.සංඛාරයන්. සංස්කාරයන් 


110 අමාවතුර


මෙ නුවටහු උපමා අළ නියා බැලුකලැ සව්නේ දන්නා බුදුන් මිස අනෙක් කෙනෙක් ඔහුගේ වාද බිඳ දොස් දෙන්නට1 පොහොසත්හු නම් නැති. පුඟුලෝ දෙවැදෑරුම් වෙත්2.බුදුන් විසින් විනෙය වන පුඟුලභ.සවුවන් විසින් විනෙය වන පුඟු ලභ’යි. එහි සව්වන් විසින් විනෙය වන පුඟුලන් සව්වෝ ද විනෙය කෙරෙති. බුදුහු ද විනෙය කෙරෙත්. බුදුන් විසින් විනෙය වන පුඟුලන් සව්වෝ විනෙය කරන්නට නො නිස්සහ.බුදුහු ම විනෙය කරන්නට නිසි වෙත්. මේ නුවට්3 බුදුන් විසින් ම විනෙය වෙයි. එයින් ඔහුගේ වාද බිඳ දොස් දෙන්නට අනෙකෙක් නම් නැති. එයින් බුදුහු තුමු ම උහුගේ වාදයෙහි දොස් දක්වනු සඳහා “කියග, ගිනිවෙස්න, තෝ ‘රූප මාගේ ආත් ම ය’යෙහි? ‘වෙදනා මාගේ ආත්මය’ යෙහි? සංඥා මාගේ ආත්ම ය’යෙහි ‘සංස්කාර මාගේ ආත්ම ය’යෙහි? ‘විඥාන මාගේ ආත්ම ය’යෙහි?” වදාළෝ.

එකලැ “මහණගොයුම් ඉතා ම මාගේ මාගේ වාද පිහිටිවයි. ඉදින් මත්තේ කිසි දොසක් වී නම්, මා හුදෙකලාහු ම නිලන්නි. එබැවින් මේ වාද හැමදෙනා කෙරේ බහා ලුව මැනැවැ”යි සිතා භවත් ගොයුම්ගොතුව, මම් ‘රූප මාගේ ආත්ම ය’යෙමි. ‘වෙදනා මාගේ ආත්ම ය’යෙමි. ‘සංඥා සංස්කාර, විඥාන මාගේ ආත්ම ය’ යෙමි. මෙ මහ‍ාජනයෝ ද ‘තමන් තමන් ගේ ආත්ම ය’යි යෙති”කී බුදුහු ‘ගිනිවෙස්න,මුහු මා හා වාදයට ආවාහු නො වෙති.තො ම ය සියලු විශාලානුවරැ වැස්සන් ඔසොවාගෙණ ආයෙහි. එබැවින් තාගේ මැ වාද කියා කුමට මහජනා කෙරේ බහා ලතී?” වදාළෝ. හේ ප්රහතිඥාකරනුයේ “මම ‘රූපාදින් මාගේ ආත්ම ය’යෙමි”කී.

මෙසේ බුදුහු උහුගේ වාද පිහිව්වා “යම්හෙතුවෙකින් තෝ ‘පස්කඳ ආත්ම යැ. විසියැ වැටෙ’යි පිළිණ කෙරෙහි ද හේ අනාත්ම පරිදි විසියැ. නො වැටෙන පරිදි තා මැ පුළු වුස්මා කියඟ, ගිනිවෙස්න, කැතකුලෙහි උපන් අභිෂික්ත රජහට උහුගේ රට ඉසුරු පවත්ති. මරවන්නට නිස්සන් මරවන්නට ධනහානියට තිස්සන් දිළිඳු කරවන්නට රටින් තෙරට නිස්සන් රටින් නෙරවන්නට ය. කොසොල් රජහු අජාසත්රජහු සෙයින් හො?”යි4. (හේ) 5මෙ වැඳිරටවැසි රජ නට දු මලරටවැසි රජනට දු ඔවුනොවුන්ගේ රට ඉසුරු පවත්ති.කැතකුලෙහි අභිෂික්ත රජහට වු කලැ ඔහුගේ රට

1.බිඳ සොම්නස් දනවන්නට- හැම  2.දෙවැදෑරුම් ඇතිවෙත්  3.නුවවහු  4.දෙයක්  5.හුදකළාහු  6.මු. සෙයින් යි වදාළෝ 



මාණවක දමනය 111


ඉසුරු පවත්ති ම යැ නො ?”යි කී.මෙසේ නුවට තමාගේ වාද බිඳුනට1 අළ කාරණය තමා මැ මරණු සඳහා කළ ආයුධයක් නිහිණි2 කරන්නක්හු සෙයින් වෙසෙස් කොට දැන්වි.

මෙහි අභිප්රා2ය කවරැ? යත්:- “රජු විසින් මරණ මිනිසුන් ගේ නසන මිනිසුන්ගේ නෙරවන මිනිසුන්ගේ රූපාදිහු ඔවුන් විසියැ නො වැටුනහ”යි. සේයි. බුදුහු “ගිනිවෙස්න, රූප මාගේ ආත්ම ය’යි තෝ යමක් කිහි ද, ‘මාගේ රූප මෙසේ වේව’යි ‘මෙසේ නො වේව’යි යන තාගේ ඉසුරු ඒ රූපයෙහි පවත්ති හො?”යි වදාළෝ. මෙහි අභිප්රාුය කවරැ? යත් :- “මාගේ රූපය යාපත් වේවයි, සදා තුබු රන්තොරණක් වැනි වේවයි, විසිතුරු පෙනියක්3 සෙයින් සිත් ගණිවයි, මාගේ රූප විවණ නො වේ වයි, දුටසහන් නො වයි, නර නො වේවයි, කළගලා නො වේවයි සිතුයෙන් එසේ වන්නේ නොවේ?”යි සේය.

බුදුන් මෙසේ වදාළ කලැ නුවට තමා පරදු4 බව දුනැ “මහණගොයුම් මාගේ වාද බිදුනට කාරණ අළ.මම් මාගේ නො දැන්මෙන් එ ම වෙසෙස් කොට දැක්වීමි.දැන් නටමි. ඉදින් “පවත්ති’යි කීම් නම්, මෙරද්දරුවෝ නැඟි ‘ගිනිවෙස්න, තෝ රූපයෙහි මාගේ ඉසුරු පවත්ති යෙහි.ඉදින් ත‍ාගේ ඉසුරු රූපයෙහි පවත්නේ වී නම්, යම් සේ මේ ලිච්ඡවිරජ්ජුරුවෝ තව්තිසැ වැසි දෙවියන් සෙයින් ‍චොරජති. අභිරූපයහ. ප්රා සා දිකයහ.තෝ එසේ කුමට නො.චොරජහි’යි යෙති.ඉදින් ‘නො පවත්තී’ කිම් නම්, මහණ ගොයුම් නැඟි ‘ගිනිවෙස්න.තෝ පළමු මාගේ ඉසුරු රූපයෙහි පවත්තී’ කියා දැන් ‘තො5ප වත්තී යෙහි’මා නිගන්නි.මෙසේ ‘පවත්තී’ කිව, එක්දෙසැ. ‘නො පවත්ති’ කිව, එක් දොසැ”යි නොබිණි දෙවන වට ද බුදුහු පුළුවුන්හ. දෙවනවට දු නො බිණි. තුන්යළක් බුදුන් පුළුවුත්කල නොබණන්නහු හිස් සත්කඩ වැ පැළෙයි. බුදුහු සතුන් මැ සඳහා සියුරාසැකිකප්සුවහස් පැරුම් පිරුව‍ාහ. සතුන් කෙරේ බලවත් කුළුණු ඇත්තාහ. එයින් තුන්වනවටැ නො පිළිවිසැ “කියන, ගිනිවෙස්න; තා නො බණන්නට කල් නො වෙයි. යමෙක් තථාගතයා තුන්යළක් පුළුවුන6 දැ නොකියන්නේ වී නම්, මෙතැන ම හිස් සත්කඹක් වැ පැළෙ”යි වදාළෝ.

එකල්හි සක්දෙව්රජ මහත් කඳල7 කැකුළු බඳු තිහිණි8 දළඇති, අගාළමුව ඇති, පළල්නලල් ඇති, බුන් බැම ඇති,

1.(බුදුනව) කළ.  2.තිසු (හි)ණු.  3.මිණියක්.  4.රජදු.  5.තෝ නො.  6.පුළුවුස්.  7.’කඳල’ යන්න පුස්කොළපිටපත්හි නැතත් “කන්දොල මතුල සදිසා දාඨා”යි අටුවාහි පෙණෙනුයෙන් මෙහි අවශ්ය  ය.  8.තිහිණ.


112 අමාවතුර


ගොරබිරම් බැලුම් ඇති උඩු බලැ දිලියෙන කෙහෙ ඇති, රත්- දෙලෙන් අවුල් සිරිරු ඇති, හන් විසිතුරු පට ඇති, ගව්සහිත රොෂසහිත භයානක යක්වෙසක් මවාගෙණ යුගත්ගිහිකඳක් බඳු හාත්පසින් දිලියෙන වජ්රාෙයුධය1 ඇරගෙණ “ඉදින් මෙ නුවට බුදුන් තුන්යළක් පුළුවුස්තුදු නො කියන්නේ වී නම්, මෙතන ම උහු හිස සත්කඩක් කොට පළාලියමි” උහු හිස් මත්ත වැ අහස සිටියේ යි. මේ කුමට ආයේ?යත්:- උහුගේ දිටිහ විහිදවන්නට2 ආයේයි. කීයේ ය?:- බුදුන් බුදු වැ අට වන සතියැ අජපල්නුගමුල වැඩ හිඳ “මා ධම් දෙසුවද්, ගන්න වුන් නැත, ධම් කහට දෙසම් දැ?”යි නිරුත්සාහ වු කල්හි සක්දෙවිරජ මහබඹහු හා අවුදු “වහන්සේ, තෙප් ධම් දෙසව.තොපගේ ආඥායෙහි නොපවත්නවුන් ඇපි පවත්වම්හ. තොප ගේ ධම්සකැ. අපගේ අණසකැ”යි පිළින කෙළේ. එයින් “අද සච්චකයා උත්ත්‍රසන කොට පැන විසජුන් කරවමි” ආයේ ය. ඔහු බුදුහු දු දකිති. සච්චක දු දක්කි.3 ඉදින් ඔහු අනෙකෙක් දිටි නම්, “මහණගොයුම් සච්චකයා තමාගේ වාදයට නො බස්නා4සේ දැකැ යක්ෂකයක්හු ගෙන්වා දැක්වී යැ. එකල සච්චක භයින් කී යැ” යනු වේ. එයින් ඔහු බුදුහු දක්ති. සච්චකද් දක්කි.

සච්චකයාහට උහු දකුත්ම උත්ත්රාදස ඇති වී යැ.උද්වෙග ඇති වි යැ.රොමහම් ඇතිවි යැ. සියල් සිරිරැ සෙවද වැහිනැ. ඇතුළුකුස පෙරළි5 මහහඬින් හැඬි හේ “සෙස්සෝ දක්ති හො?” යි බලනුයේ ‘කිසිවක්හුගේ රොමහම්මාත්රදයකුදු නො දැක “මේ භය මට ම උපන්නේ යැ. ඉදින් මම ‘යක්ෂරයෙකැ’යි කීම් නම්, කිම්, තට ම ඇස් ඇති? යක්හු තෝ ම දක්හි? ඇත හොත් ඇපි දු නො දක්මෝ ද? පළමු යක්ෂමයක්හු නො දැක මහණගොයුම්හු විසින් වාදාවතියෙහි බහාලනලද්දෙහි යක්ෂ යක්හු දිටිහියි කියනු වෙති” සිතා “දැන් මට මෙහි අනෙක් පිළිසරණෙක් ඇත් තේ නො වෙයි. මහණගොයුම්හු මිස6”යි හඟනේ බුදුන් ම තම හට සරණ කොට “භවත්ගොයුම් මා පුළුවුසීවයි, කියමි” කී ය. එසඳ, බුදුහු “ගිනිවෙස්න, ‘රූප මාගේ ආත්ම ය’යි තෝ යමක් කිහි ද, මාගේ රූපය මෙසේ වේවයි, මෙසේ නො වේව’යි යන තාගේ ඉසුරු රූපයෙහි පවත්ති හො?”යි වදාළෝ. “නොපවත්ති, ගොයුම්ගොතුව,”යි කී යැ. “ගිනිවෙස්න, සිඑි එළවා කියා. තා පළමු කී දෑ හා පසුව කී දෑ නො ගාළපෙයි. පසුව කී දෑ හා පළමු කී දෑ නො ගැළපෙයි. ‘වෙසනා මාගේ ආත්ම වෙ’යි තෝ යමක් කිහිද,මාගේ වෙදනා කුසල්හෙයින් ම වේවයි සුවහෙයින් ම

1.වජ්රාායුධයක් 2.විහිදිවන්නට 3.දකි 4.නොබස්  5.පෙරළින  6.මිසය.



මාණවක දමනය 113


වේවයි, අකුස්ල් හෙයින් නො වේවයි, දුක් හෙයින් නො වේව’යි යන තාගේ ඉසුරු ඒ වෙදනායෙහි පවත්ති හො?”යි වදාළහ. “නො පවත්ති, ගොයුම්ගොතුව”යි කී ය.

එසෙයින් ම සංඥාසංස්කාරයනුදු පටිපාටින් පිළිවිස ඔවුනුදු අනිත්යස පරිදි කීකල්හි “ගිනිවෙස්න, ‘මාගේ විඥාන මෙසේ වේවයි. මෙසේ නො වේව’යි යන තාගේ ඉසුරු ඒ විඥානයෙහි පවත්ති හො?”යි වදා‍ළහ. “නො පවත්ති, ගොයුම්ගොතුව,”යි කී ය. “ගිනිවෙස්න, සිහි එළවා කියා. තා පළමු කී දෑ හා පසුව කී දෑ නො ගැලපෙයි. පසු ව කී දෑ හා පළමු කී දෑ නොගැලපෙ”යි වදාරා “කියග, ගිනිවෙස්න, රූපය නිත්ය හෝ අනිත්ය හො?”යි වදාළහ. “අනිත්යප ව; ගොයුම්ගොතුව”යි කී ය. “යමෙක් අනිත්යද ද, හේ දුක් වෙයි හෝ? සුව වෙයි හො?”යි වදාළහ. “දුකැ. ගොයුම්ගොතුව”යි කී ය. “යමෙක් උපැද නස්නා බැවින් අන්ත්යඅ වී ද, උද‍ාවිය දුකින් පෙළෙනබැවින් දුක් වී ද, හේ මා ගැත්තේ ය. මම ගේ ය. හේ මාගේ ආත්ම ය යි මෙසේ තෘෂ්ණා මාන දෘෂ්ටි විසින් දක්නේ යෙදේ දැ?”යි වදාළහ. “නො යෙදෙයි. ගොයුම්ගොතුව,” කී ය‍. මෙසෙයින් බුදුහු යම් සේ නිවුගෙඩියෙක්1 සප්හුගේ සුහුඹුයෙන් නැගි විස එ ම සපුහු ලවා ඔහවා2 හැරපියා ද, එසෙයින් ම එ ම පිරිසැ සච්චකයා ලවා3 එ ම මුයෙන් “පස්කඳ අනිසැ. දුකැ. අනතැ”යි කියැවුහු. බුදුහු “යම්සේ, ගිනිවෙස්න, හර කැමැති හර පිරියෙස්මින්4 ඇවිදිනා පුරුෂයෙක් කැපෙන පොරොවක් ගෙණ වනයට මැදැ එහි මහත් ඉදි කේල්කඳක් දැකැ මුල දි අග දි සිඳපියා අග ගෙණ පත්වටී නගනගා බලනුයේ බොරු දු පොවා නො දක්කි. හර මේ කොහි දකී ද? එසෙයින් තෝ, මා විසින් තාගේ වාද විචාරා බලත්, සිස් විහි. රික්ත විහි. පරාජිත වී හි”යි වදාළෝ.

හේ පළමු පුරාණාදි ස නුවටැජරන් කරා එළැබැ පැන පුළුවුස්සි. ඔහු විසජන්නට නො හැකි වෙති.හේ උනට පිරිස් මැද මහත් වියරු බැණැ තමා දුනුපරිදි දන්වා නැඟී යෙයි. “සම්මා සම්බුදුනුදු එසේ ම වෙහෙසෙමි” යන සිතින් අවුදු, යම් සේ හිඹුල් එරබදු ඈ නිසරු රුක් පළමු විදිවිරි එක්තරා සියොතෙක් “කිහිරිරුක ද විද්ද හැක්කැ”යි සිතා එහි. පැහැර එකපහරින් තුබු බිඳී ඇස් නික්මැ හිස් පැළුනු කලැ කඳින් ගැල බිමැ වැටී හි වේදනාවත් වැ:-

1.නියහුගෙඩියෙන්, නිසිහුසේ මඩියක්  2.බහවා. 3.සච්චක- යාගේ   4.පිරියස්වින්.



114 අමාවතුර


“අම්හො! කො නාමා’යං රුක්ඛො - සිනපතෙනා සකණටකො,යත්ථක එකප්පහාරෙන - උත්තමඩගං විසාරිතං1”යි වලපී ද, එ සෙයින් ම සච්චක ද වසඤ්ඤණහර පැහැර තමා නුවණතුබු බුන්කලැ සවඤ්ඤණහර තදබව් දත්.

එකල්හි බුදුහු ඔහුගේ මුබරබව් ප්ර කාශ කොට නිගන්නාහු “ගිනිවෙස්න, තා ‘මා විසින් වාදයෙන් වාද කොට දොස් ගෙණ වත්කලැ කමිපිත නොවන ප්රවකම්පිත නොවන වෙවුලා නොයන කක්ෂලයෙන් සෙවද නොසිලියෙන මහණක්හු හෝ බමුණක්හු හෝ නොහොත් ‘රාත්මි, බුදුම්’ පිළිණ කරණුවක්හු හෝ නො දක්මි. ඉදින් මම් අවෙතන වු ටඕටද් වාදාරොපණය කෙළෙම් නම්. හෙ ද කම්පිත ව ප්රදකම්පිත ව වෙවුලා යෙයි. මිනිසෙක් නම් කිමෙක් ද?’යි විසාලාමහනුවරැ පිරිසැ බණනලද්දේ ය. දුන් තා නලළින් ගුලු ඇතැම් සෙවදබිඳපොද උතුරුසළු විනිවිද ගොස් බිම හෙයි. මාගේ ශරීරයෙහි වු කලැ සෙවද දුන් ඇත්තේ නො වේ”යි බුදුහු එපිරිසැ රන්වන් සිරිරු දැක්වුහු.හැම සිරිරු දැක්වු වාහු නො වෙති. බුදුහු ගැටවටු ගන්වා පිළිසන් සිරිරු ඇති වැ පිරිසැ ධම් දෙසති. දෙසන්නාහු2 ගලයෙන් සිවුරු සතරගුලක් පමණ තෙනට බැහුහු.බැහු විගස රන්වන්රස් පුඤ්ජ වැ රන්කෙළෙන්3 නික්මුනු රත්රන්ධාරා සෙයින්, රත්වලාගැබින් නික්මුනු විජුපියකලබක් සෙයින්, නික්මැ රන්මිහිඟක්4 බඳු ගලය පැදකුණු කෙරෙමින් අහස දැවැ ගත්හු.බුදුන් මෙසේ කුමට කළහ? යත්:- මහජනාහට සැක හරණා සඳහා කොළෝ. එහි මහජනයහට වනාහි ‘මහණගොයුම් තමහට සෙවද තැන් නේ ය යි යෙයි. සච්චකයා හට වු කලැ යන්ත්රාැරූසයක් සෙයින් සෙවද වැහෙයි. මහණ ගොයුම් ගන දෙපට සිවුරු පෙරෙවැ5 හුන්නේ ය. ඇතුළතැ සෙවද ඇතිබව් නැතිබව් කවුරු දන්ති?”යන සැක උපද්දි. මහජනයාගේ සැක පසිඳිනා සඳහා මෙසේ කොළෝ.

මෙසේ වදාළකලැ සච්චක නො බැණ කර බහා ගෙණ ප්රාතිහාන නැති වැ බිම් පාඇඟිල්ලෙන්6 කැණ කැණ හුන්නේ ය.එකලිහි නමින් දුරිබුධ නම් ය හ ප ත් ම හ ත් ලිච්ඡවිකුමරෙක් සච්චකයා හු න් නා හු දැකැ බුදුනට “වහන්සේ, මට එක් උපමායෙක්7 වටහ”යි කී ය.”කියා දුර්මුදය,”යි වදාළහ. “වහන්සේ යම් ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරුතන්හි පොකුණෙක් වී ද, එහි කකුළු වෙක් වී ද, වහන්සේ, එහි බොහෝ දරුවෝ හෝ දැරියෝ හේ එ ගැමින් හොෝනියම්ගැමින් හෝ නික්ම ඒ පොකුණට

1.විසාවිතං.  2.මු. දක්වන්නාහු.  3.කෙළින්.  4.මිහිඟයක්.  5.පෙරැව.  6.බිම්පා.  7.උපායෙක්.


මාණවක දමනය 115


ගොස් බැස ඒ කකුළුවා දියෙන් නගා ගොඩ හෙ වු ද, කකුළුවා යම් යම් අළක් නැගි ද, ඔහු නැඟු නැඟු අළ ඒ දරුවෝ හෝ දැරියෝ හෝ දඬුකඩෙකින් හෝ කබල්කඩෙකින් හෝ ගෙණ සිඳපීහු ද, මෙසේ හැම අළ සුන්කලැ ඒ කකුළුවා ගමන් පසුන් බැවින් ඒ පොකුණට පෙර සේ බස්නට නො හැක්ක. එහි ම කවුඩුකොක් ආදීනට බත් වෙයි. එ සෙයින් ම, වහන්සේ, සච්චකයාගේ යම් කවර දිව්හයෙක් ඇද්ද, සේ හැම ම වහන් සේ1 විසින් සිඳබිඳපියා ලනලද. වහන්සේ, සච්චකයා වටාලා භවත්හු කරා එළබෙන්නට නො නිස්සැ, වාද සඳහා”යි කී. දුර්මුඛයා උපමා කීකලැ සෙසු ලිච්ඡවිකුමාරයෝ සිතූහ. “මේ නුවටහු විසින් අපට ශිල්ප උගන්නා තැනැ බොහෝ කල් අවමාන කරණ ලද. දැන් මේ අප සතුරා පිටිදක්නට නිසි කලැ. ඇපි දු එකෙකි උපම‍ා ඇර අත්පිඬු ලසා නලින් හුනුවක්හු මොහොලින් බහනුවන් සෙයින් වටාලා පිරිස්මැද හිස් නො නැගිය හේ ද, එවෙනි දෙවෙනි දෙයක් උහුට කරම්හ”යි උපමා සිතාගෙණ දුර්මුඛයා කථා අවසන් බලබලා හුන්හු.

සච්චක ඔවුන්ගේ අභිප්රා්ය දැන “මොහු හැමදෙන ම කර ඔසොවා තොල පොපි2ඇති වී හුන්නාහු ඉදින් වෙන වෙන උපමා අළහු නම්. වටාලා මම් දුර්මුඛයා වළකා, යම් සේ අනෙකක්හට අවකාශ නො වේද, එසේ කථා පසිඳැ මහණ ගොයුම්හු පැන පුළුවුස්මි” සිත‍ාගෙණ “දුර්මුඛය, දැන් සිට තෝ මුඛරයෙහි. ඇපි තා හා සසැදිලි නො කරම්හ. භවත් ගොයුම්හු හා සසැදිලි කරම්හ. ගොයුම්ගොතුව, අප ද ගේ සෙස්සනුදු ගේ කථා තිබී යේවයි. හේ ප්රසලාපමාත්රියෙකැයි”යි බැණ බුදුන් පැන පුළුවුස්නේ “භවත්ගොයුම්හුගේ ශ්රාීවක යෙක් කිපමණෙකින් සසුන් කරණු නම් වෙ?”යි කී ය. “ගිනි වෙස්න, මෙ සස්නෙහි මාගේ ශ්රාවවකයෙක් “යං කිඤ්චි රූපං අතිතානාගත පච්චුප්පන්නං අජ්ඣතනං වා බහිඩා වා ඔළාරි කං චා සුඛුමං වැ හිනංවා පණීතං වා යං දුරෙ සන්තිකෙ වා,සබ්බං රූපං නෙතං මම්. තෙසො’හමස්මි. න මෙ’සො අත්තා”- ‘යන මේ එකොළොස්වැදෑරුම් හැම රූප මා නො ගැත්තේ යැ. මම් රූපයෙමි නො වෙමි. මාගේ ඉසුරු රූපයෙහි පවත්නේ නො වෙ’යි. යථාභූත‍ය මනා කොට නුවණින් දකී ද, එසෙයින් මැ “යා කාටි වෙදනා, යා කාටි සඤඤා, යෙ කෙවි සංඛාරා, යං කිඤ්චි විඤ්ඤාණං අතිතානාගතපච්චුප්පන්නං - පෙ - න මෙ’සො අත්තා”‍ ‘යන එකොළොස්වැදෑරුම් හැම විඥාන මානොගැත්තේයැ.

1.අඟක්.   2.නළ.   3.වහන්සේගේ ප්ර ඥා.   4මු. පොපියුම්.



116 අමාවතුර


මම් විඥානයෙමි නො වෙමි. මාගේ ඉසුරු විඥානයෙහි පවත් නේ නො වෙයි’ මෙසේ යථාස්වභාවය මනා කොට නුවණින් බලා ද, මෙපණෙකින්, ගිනිවෙස්න, මාගේ ශ්රාපවක සසුන් කරණු නම් වෙ”යි, ශෛක්ෂෙභූමි දැක්වුහු.

එක්බිති අයෛක්ෂනභූමි පුළුවුස්නේ “ගොයුම්ගොතුව, මහණ කිපමණෙකින් රාත් නම් වෙ?”යි කී ය. “ගිනිවෙස්න, මේ සස්නෙහි මහණෙක්, “යං කිඤ්චි රූපං අතිතානාගතපව්වුප්පන්නං - පෙ - න මෙසො අත්තා” – ‘යන එකොළොස්වැදැ රැම් හැම රූප මා නො ගැත්තේ යැ. මම් රූපයෙමි නො වෙමි.මාගේ ඉසුරු රූපයෙහි පවත්නේ නො වෙයි. මෙසේ යපාභුතය මනාකොට නුවණින් දැකැ අනුපාදාවිමොක්ෂියෙන් විමුක්ත1 වි ද, එසෙයින් මැ “යා කාචි වෙදනා, යා කාචි සඤ්ඤා, යෙ කෙවි සංඛාරා, යං කිඤ්චි විඤ්ඤාණං අතිතානාගතපච්චුප්පන්නං - පෙ - න මෙ සො අත්තා” – ‘යන එකොලොස් වැදෑරුම් හැම විඥාන මා නො හැත්තේ යැ. මම් විඥානයෙමි නො වෙමි. මාගේ ඉසුරු විඥානයෙහි පවත්නේ නො වෙයි මෙසේ යථාභූත අපය මනා කොට නුවණින් දැකැ අනුපාදාවීමොක්ෂතයෙන් විමුක්ත වී ද, මහණ මෙපමණෙකින් ‘රාත්’ නම් වෙයි. මෙසේ ලොවිලොවු තුරා නුවණිනුදු ලොවිලොවුතුරා පිලිවෙතිනුදු ලොවිලොවුතුරා විමුක්තීනුදු සමුපෙත වු විමුක්ත සිත් මහණ තථාගතය මට මැ සත්කාර ගුරුකාර නමස්කාර කෙරෙයි. ‘බුදුහු තුමුහු කෙලෙසුන්ගේ ක්ෂොාභ සන්හිඳුවා අනුන්ගේ ක්ලෙශක්ෂොුහ සන්හිඳුවනු සඳහා ධම් දෙසති. තුමුහු සසර සයුරු තැරැ අනුන් සසර සයුරෙන් නඟනු සඳහා ධම් දෙසති. තුමුහු කෙලෙස්පිරි නිවණින් පිරිනිවි අනුන්ගේ කෙලෙස්ගිනි නිවනු සඳහා ධම් දෙසති’යි මෙසේ තථාගතයහට මැ සත්කාර ගුරුකාර නමස්කාර කෙරෙ”යි වදාළෝ.

එකල්හි සච්චක “ගොයුම්ගොතුව, ඇප් භවත්හු වාදයෙන් වාද කොට ගැටෙම්හ”යි සිතන්නමෝ නටුවම්හ.ත්රිමමද ගලිත ඇතක්හු පැහැර වැද ගත් පුරුෂයක්හට සෙත් වන්නේ වෙයි2. සොරවිෂ ඇති ආශිවිෂයක්හු පැහැර සිපගත් පුරුෂයක්හට සෙන් වන්නේ වෙයි2. භවත් ගොයුම්හු කෙරේ ගැහැටුනු පුරුෂයක්හට සෙත් නො ම වෙ”යි කී.

බුදුහු ඇත් ඇදීන් සෙයිනි කිසිවක්හු දිවියට අන්තරායක් කරන්නාහු නොවෙති. නුවට මෙතුන් උපමාවන් බුදුනට උත්කම්

1. විමොක්ෂන.       2. නො වෙයි.



මාණවක දමනය 117


සඳහා අළිසේ නො වෙයි. තමහට මැ උත්කම සඳහා අළ යම් සේ රජෙක් සතුරක්හු මරා ‘මෙසේ ශූර වු මෙවෙනි බල1 ඇති පුරුෂයනට’යි සතුරහු වණන්නේ තමා මැ හුවා ද, එසෙයින් මැ මෙතුන් උපමායෙන් බුදුන් හුවන්නේ “ඇපි මැ මෙසෙයින් ත්රිාමදග ලිත ඇතක්හු බඳු, දිලියෙන ගිනිකඳක් බඳු, පැණ කළ2 ආශිවිෂයක්හු බඳු සම්මාසම්බුදුන් කරා වාද සඳහා එළබෙන්නාමිහ”යි මෙසේ තමහට මැ උත්කම් කොට බුදුන් නිමන්ත්රහණ කරණුයේ “ගොයුම්ගොතුව, තොපට යත්කාර කරණ මට යම් පුණ්යද ගෙන් වළඳන්නට වැඩිය මැනැවැ”යි කිය.

බුදුහු ඔව්හට පිණිස නො බැණ සිතින් ඉවසුහු. සච්චක බුදුන් ඉවසුබව දැන ගොස් ලිච්ඡවිරජ්ජුරුවන්ට “මම් සෙට භවත් ගොයුම්හු හා සඟුන් නිමන්ත්රසණය කෙළෙමි. තොප දවස් පතා මට පන්සියක් බත් සැළි දෙන බැවින් ඒ සෙට මහණ ගොයුම්හට නිසි වන පරිද්දෙන් දෙව”යි කී අනෙක් දවස් ඒ රජ්ජුරුවෝ උහුට පන්සියක් බත්සැළි දී යවුහු. සච්චක තමාගේ අරමහි පිණි කන බොන දැ පිළියෙල කරවා තබා යවා කල් දැන්වී යැ. බුදුහු මහසඟුන් පිරිවරා උහුගේ අරමට එළැබැ පැන් වු අස්නෙහි වැඩහුන්හු සච්චක බුදුපාමොක් සඟුන් පිණි බොජුනෙන් සියඅතින් සතපා එකත්පස් වැ හිඳ “භවත් ගොයුම්ගොතුව, මේ දා‍නයෙහි යම් ඵලයෙක් ඇද්ද, හේ දායකයනට සුවයට වැටෙව”යි කී යැ. “ගිනිෂ:ස්න, තා බඳු අෂිත රාගයනට දුන් දන්හි ඵල තට දුන් දායකයනට වෙයි. මා සේ වු වීතරාගයනට දුන් දන්හි ඵල තට වේ”යි වදාරා හුනස්නෙන් නැඟී වැඩියෝ.

අනෙක් දවසක් බුදුහු විසාලානුවර වැඩිසට ව් පෙරවරු බුරුතමල් කලබක් බඳු දෙපටසිවුරු හැඳ විජුලියක් බඳු කා3 බාන් බැඳ නුගපල බඳු පවුල් එකස් කොට පෙරෙවැ ගඳකිලියෙන් නික්මැ සඟ පිරිස් පිරිවරා අග්දෙරියෙහි වැඩ සිටියෝ. එකල්හි සච්චක “පළමු මම් අපණ්ඩිත වන බැවින් සියලු විසාලානුවරැ වැස්සන් ලෙණ මහණ ගොයුම්හු කරා ගොස් පිරිස් මිදැ පරිභූත විමි. දැන් එසේ නො කොට එකළා වැ ගොස් වාදාරොපණය කෙරෙමි. ඉදින් මහණ ගොයුම්හු පරදවන්නට නිසි විමි නම් මාගේ ලද්4 හුවා ජය කියා විමි. ඉදින් මහණගොයුම්හට ජය වී නම්, අඳුරෙහිනැටුම් සෙයින් දන්නාහු නැති” සනිටුහන්කොට නිද්රාු5 පැන නම් පැණයක් ගෙණ මහවන මැ සෙර ගියේ.

1.බැල.  2.අළ.  3.වැටෙයි.  4.කන.  5.ලැද්.  6. නින්ද.


118 අමාවතුර


අනඳමහතෙරහු උහු දුරින් එන්නාහු දැකැ “බුදුන් මොහොතක් වැඩහුන්කලැ බුදුන් දක්නා ලැබෙයි. බණ අසනු ලැබෙයි. හේ ඔහු හට ටබටෙහ‍ේ කල් හිතයට සුවයට වැටෙ”යි යන සිතින් “වහන්සේ, එන්නේ සච්චක යැ. මෙ‍ාහොතක් වැඩ හුන මැනැවැ”යි අයජැ අසුන් පැනවුහ. බුදුහු වැඩහුන්හ. සච්චක බුදුන් කරා එළැබැ සාමිචිකොට එකත්පස් වැ හිඳ “සන්ති, හො ගොතම, එකෙ සමණ බ්රාපහ්මණා ක‍ායභාවනානුයුත්තා මහරන්ති” යනාදි ක්රාමයෙන් පැන පිළිවිත. “ඉඩ අග්ගිවෙස්සන අස්සුතවතො පුථුජ්ජනස්ස උපුපජ්ජති සුඛ වෙදනා” යනාදි ක්ර්මයෙන් පැසන විසජුහ. ඔහු පැන පුළුවුත් පරිද්ද බුදුන් තිරව සෙස්නෙන් විසජු පරිද්ද මැදුම්සහියැ මහාසච්චක සුතින් දන්නේ යැ.

මෙසේ බුදුන් විසින් මේ නුවටදරුවහට දෙවරෙක දෙසුනක් දෙසනලද හේ අධිගම නො ද කෙළේ. පාවිජි නො ද ඒ යැ. සරණැ නො ද පිහිටි ය.

ඔහුහට බුදුහු කුමට ධම් දෙසුහ? යත්:- අනාගතයෙහි උහුට වන වැඩ දැකැ වාසන‍ා සඳහා දෙසුහ. ඔහු බුදුපිරිනිවණින්1 මතුයෙහි දෙසියසතිස්2 හවුරුද්දක් ඉකුත් කල්හි ලක්දිවැ සසුන් පිහිටි කල්හි දෙව්ලොවින් සැවැ. මෙරට දකිණිගිරිවෙහෙරට නොදුරුතන්හි එක් ඇමැතිකුලයෙක්හි උපැද පැවිජි වැ තෙවළා ධර වැ විදර්ශ්නා වඩා පිළිසිඹියාපත් රාත් වැ කළුබුද්ධරක්ඛිත මහතෙරහු නම් වුහු.

ඔවුන් සෑගිරි යැ කළුනිඹරිරුක්මුල්හි කාලකාරාමසුත දෙසු දවස් රජු විසින් සියක් යොදුන් ලක්දිවැ ැරජයෙන් පුදන ලද පරිදි ධර්මවප්රකදීපිකායෙහි (4 අංශය, 48 පිටුව) කී පරිද්දෙන් දත යුතු.

මෙසේ බුදුහු තමන් පුරුෂදම්යනසාරථී වන බැවින් සච්චක මාණවක නම් නුවටදරුවා ද ආදිශබ්දයෙන් යත් සුගමාණ වකාදිනුදු දමා අමාමහනිවන් පැමිණිවුහු.


“මාණවකදමන” නම් නවවන පරිච්ඡෙදය නිමි.